Thursday, August 16, 2012

ඇය සහ ඔහු.....


මචං අන්න නිපුනි ඇවිත් උඹව හම්බ වෙන්න ඕනෙලු.
නිපුනි???
ඔව් බං
ඒ මොකටද?
මම දන්නෙ කොහොමද? උඹම ගිහින් අහගනින්.
නිපුනි, ඇයි මාව හම්බවෙන්න ඕනෙ කිව්වෙ?
අද අපිට නිවාඩු දෙනවනෙ ශානක. තව මාසෙකටම අපිට හම්බවෙන්න වෙන්නෙ නෑ. ඔයා නිවාඩු කාලෙ ගෙදර යයි. හැපි හොලිඩේස් ශානක.
හැපි හොලිඩේස් නිපුනි. ඒත් ඇයි අද ඉස්කෝලෙ ඇරිලා අපි එකට නෙවෙයිද  යන්නෙ? ඔයා අද එන්නෙ නැද්ද?
මම එනව ශානක
ඉතින් නිපුනි ඔයාට මේක ඒ වෙලාවට කියන්න තිබුනානෙ
මම දන්නෙ නෑ ශානක
**********************

මොකද බං උඹ හොල්මනක් දැකලා වගේ?
අනේ මන්දා බං
මට නම් හිතෙන්නේ ඒකි උඹට ලව්!
පිස්සුද බං? නිපුනි මගේ හොඳම යාලුවා නේ?
ඒවා මම දන්නෙ නෑ බං. මම කියන දේ ගැන ටිකක් හිතපං. නැත්තම් හැම දේටම පරක්කු වැඩි වෙයි.

**********************
අඩෝ ශානකයා! කොහොමද බං නිවාඩුව? උඹලා ඉතින් ගෙදර ගියානේ. හම්බුනේවත් නෑ නිවාඩු කාලෙ.
වරදක් නෑ බං
ඇයි මොකක් හරි අවුලක් ද මචං?
මම උඹ කියපු දේ ගැන ගොඩාක් හිතුවා මචං. මම හිතන්නෙ මමත් නිපුනිට ආදරේ කරනවා.
දැන් උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නේ?
මම නිපුනි ගෙන් අහනවා බං. අදම අහනවා.
ගුඩ් ලක් මචං. ඒකි අනිවා උඹට කැමතියි.
**********************
මොකද බං උනේ?
වැඩක් නෑ බං
ඇයි?
එයා මම ගැන හිතන් ඉන්නෙ යාළුවෙක් විදියට විතරයිලු.
ඒකත් එහෙමද? ගනන් ගන්න එපා බං. එක මාළුවාද මුහුදෙ ඉන්නෙ?
හ්ම්ම්

**********************

මචං මචං වැඩේ හරි බං.
ඇයි මොකද්ද වුනේ?
නිපුනි මට කැමතියි කිව්වා.
උඹ අයෙමත් එයාගෙන් ඇහුවද?
ඔවු බං. මට හැම වෙලවෙම හිතුනෙ එයා මට ආදරෙයි කියලා. ඉතින් මම ආයෙමත් එයාගෙන් ඇහුවා.
උඹට ගැලපෙනම කෙනා එයා කියලා මම දැනගෙන හිටියා බං. මට හරිම සතුටුයි.

**********************

ඔයා මට කොච්චර ආදරෙයිද මැණික?
හ්ම්ම්. කියන්න බැරි තරම් ආදරෙයි රත්තරන්...
මට හැමදාම මේ වගේ ආදරෙන් ඉන්නවා නේද?
ඔව් රත්තරන්. මම හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්නවා.
මම ඔයාට කිසිම දුකක් දෙන්නෙ නැතුව බලා ගන්නවා මැණික.

**********************

ඊයේ අපේ අයියා මට හොඳටම බැන්නා ශානක
ඒ ඇයි නිපුනි?
ඊයෙ අපි දෙන්නා කතා කර කර ඉන්නවා දැකපු කෙනෙක් අපේ අයියට කියලා.
හ්ම්ම්
අපි මීට වඩා පරිස්සම් වෙමු ශානක
හ්ම්ම්
**********************

කොහොමද බං විභාගේ ? අවුලක් නැතුව කලාද?
අනේ මන්දා බං. ඔහේ කරලා දැම්මා.
ඇයි අන්තිම දවස් වල ක්ලාස් ආවෙ නැත්තේ?
පොඩි ප්‍රශ්න වගයක් තිබුන මචං
ඒක තමයි. මම ඒත් බැලුවා උඹට මොකද උනේ කියලා..
උඹ මොනවද බං ඒ ලෙවල් වලට කරන්න හිතන් ඉන්නෙ?
මම කරන්නෙ මැත්ස් බං
ආ හොඳයි. මම හිතන් ඉන්නෙ බයෝ කරන්න. නිපුනිත් කරන්නෙ බයෝ.

**********************

ශානකයා මොකද්ද බං වෙලා තියෙන්නෙ? උඹ ඇයි ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ?
ඇයි සම්පත් නිපුනි මට මෙහෙම කලේ?
ඒක තමයි අපි කාටවත් හිතාගන්න බැරි. උඹල දෙන්නා කොච්චර හොඳට හිටියද?
මට ඔක්කොම ඉවසන්න පුළුවන්. ඒත් නිපුනි අරූගේ අතේ එල්ලිලා හැමතැනම යනකොට මම කොහොමද බං ඉවසන්නෙ? මම මේ හැමදෙයක්ම අතෑරලා දාල යනව බං.
පිස්සු නටන්න එපා බං. උඹ ඉස්කෝලෙ වරෙන්.
මම කොහොමද බං එන්නෙ? නිපුනි මදිවට අරූත් ඉන්නෙ අපේ පන්තියෙනෙ.


  
පින්තූරය ගත්තේ අනංමනං.com 

4 comments:

  1. :( :( දුකයි අප්ප මේක කියවල..
    ඔහොම තමා ඉතින් ජිවිතේ..නොකරන තරමට නම් හොඳයි ඔය ආදරේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් හිරු. ආදරේ නොකරන තරමට හොඳයි තමයි. මේක සත්‍ය කතාවක් මත පදනම් වූ සිදුවීමක්. ප්‍රතිචාරයට බොහෝම ස්තූතියි.

      Delete
  2. අනේ මන්දා ආදරේ කරපු අය ඒක එපා වෙලා දුක්වෙනවා.ආදරයක් කරන්න ආස ඒත් ඒකට අවස්ථාවක් නැති අය ලව් නෑ.. කියලා දුක් විදිනවා...

    ReplyDelete
    Replies
    1. අපිට නැති දේවල් වලටනේ අපි ගොඩක් කැමති. මේ පැත්තට ගොඩ වුණාට ගොඩක් ස්තූතියි! :)

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......