Monday, October 1, 2012

පොඩි එකාට තේරුණ දේ




අපේ නෑදෑ වෙන පොඩි එකෙක් ඉන්නවා. පොඩි එකෙක් වුණාට හරිම පණ්ඩිතයි. තාම මොන්ටිසෝරි. ඒ වුනාට කතාව නම් 60 පැනපු සීයා කෙනෙක් වගේ. මෙයා ඉතින් කොයි වෙලෙත් අපේ ගෙදර තමයි. මෙයාට ඉන්නවා අක්කා කෙනෙක්. එයා එක වසරෙ. මේ දෙන්නා කොයි වෙලෙත් වලි. වලි බේරන්න වෙන්නෙත් මටම තමයි. මොනවා වුණත් මෙයා ඉන්නකොට නම් පාලුවක් නෑ.


මෙයා තාම මොන්ටිසෝරිනේ. ඉතින් මෙයාට දවසක් උගන්නලා ලංකාවේ ජාතික පක්ෂියා, ජාතික වෘක්ෂය, ලංකාවේ ජනාධිපති, ප්‍රධාන ඇමතිවරු, ලංකාවේ දිගම ගඟ, උසම කන්ද වගේ බරපතල දේවල් ටිකක්. අපිට නම් ඕවා ඉගැන්නුවේ ඉස්කෝලේ ගියාට පස්සෙනේ. ටීචර් ඒ ටික පොතේ ලියලා දීල කිව්වලු ගෙදරදි හොඳට පාඩම් කරන් එන්න කියලා. ඉතින් ගෙදර ආවාට පස්සේ අපිට වෙන වැඩක් කරන්න නෑ. මෙයා මේ එක එක කිය කිය පස්සෙන් එනවා. පව්නේ කියලා මමත් ඉතින් ප්‍රශ්න අහ අහ පාඩම් කෙරෙව්වා.


දැන් මෙයාට මේ ටික කට පාඩම්. හැබැයි ඉතින් අවබෝධයෙන් පාඩම් කරපු එකක් නෙවෙයි. එයාලා දන්නවැයි ඕවගේ වැදගත්කම්? වැඩේ තියෙන්නේ මෙයාගේ අක්කාවත් මේවා දන්නේ නෑ. ඉතින් මෙයාගේ වැඩේ අක්කාගෙන් එක එක ප්‍රශ්න අහනවා. අක්කා දන්නැති වුණාම හූ හූ ඕකවත් දන්නැද්ද කියලා අක්කව කේන්ති ගස්සනවා. ආයෙත් දෙන්නා වලි.


අපේ ගෙවල් ළඟ ගෙදරක අන්කල් කෙනෙක් ඉන්නවා. එයා යූ. එන්. පී එකේ ප්‍රබල පාක්ෂිකයෙක්. කැපුවත් කොළ. කොච්චර යූ. එන්. පී. එකට කැමතිද කියනවානම් එයාලාගේ ගෙදර අවුරුද්දට කිරිබත් හදන්නෙත් කොළ පාටට. ගෙදර ගාලා තියෙන්නෙත් කොළ පාට. ගේට්ටුවත් කොළ පාට. අන්කලුයි ඇන්ටියි විතරයි ගෙදර ඉන්නේ. එයාලට ළමයි නෑ. ඉතින් ඒ දෙන්නා මේ පොඩි දෙන්නට හරිම ආදරෙයි. ඇන්ටි තමයි පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියේ ටීචර්.


දවසක් එයාලාගේ ලියුමක් අපේ ගෙදරට වැරදිලා ඇවිත් තිබුණා. ඉතින් ඕක දෙන්න මම එහෙ ගියා. පොඩි දෙන්නත් ඉතින් මම යන දිහා කොහෙද අහල කිව්වට පස්සේ එන්න පොර කනවා. එහෙ ගියාම එයාලා දෙන්නට මාර සැලකිලි නේ. මමත් ඉතින් ඔන්න ඔහෙ එක්ක ගියා. එහෙ ගිහින් ලියුමත් දීලා ඇන්ටිත් එක්ක පොඩ්ඩක් කියව කියව හිටියා. අන්කලුත් එතන පත්තරයක් බල බල හිටියා.

 ඇන්ටි එකපාරටම මල්ලිගෙන් අහනවා “පුතා, ඔයාට ඉස්කෝලෙදි කියලා දීපුවා මතකද? “

 මෙයත් ගත් කටටම් ඔව් කිව්වා.

”එහෙනම් කියන්න බලන්න ලංකාවේ ජාතික පක්ෂියා කවුද කියලා? “

දැන් මෙයාට එකපාරටම මේක අමතක වෙලා. හැමෝගෙම මූණු දිහා බලනවා. ඇන්ටි කිව්වා “ ඇයි පුතා ඉස්කෝලෙදි හොඳට කිව්වනේ ඔයා” කියලා. 

දැන් එයාගෙ අක්කා පටන් ගත්තා වැඩේ.

“ හූ හූ අපෝ මහලොකු වැඩකාරයා. ඕකවත් මතක නැද්ද? “
දැන් මෙයාට ලැජ්ජයි කේන්තියි ඔක්කොම. මෙයා ටික වෙලාවක් කල්පනා කරලා එක පාරටම කිව්වා "ලංකාවේ ජාතික පක්ෂියා තමයි අතිගරු  [ආණ්ඩුවේ ප්‍රභල දේශපාලන නායකයෙකුගේ නමක්] ."


පත්තරේ බල බල හිටපු අන්කල් එක පාරටම ඔලුව උස්සලා කිව්වා ”ඔයාට විතරයි පුතා හරියටම ඕක තේරුනේ කියලා”

ප. ලි. කිසිම දේශපාලන පක්ෂයකටවත්, කිසිම පුද්ගලයෙකුටවත් අපහාස කිරීමේ චේතනාවක් නොමැති බව කාරුණිකව සලකන්න. 

පින්තූරේ ගූගල් වෙතින්

42 comments:

  1. මේ වගේ හුරතල් පැටව් රටකට හරිම වටිනවා.කළයුත්තේ මේ අයට නිසි මග පෙන්වීමයි.

    ReplyDelete
  2. අර නම කිව්වත් අවුලක් නෑ... සුදු වෑන් එකට බය උනා නේ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      සුදු වෑන් එකට බයයි නොවැ. ඒත් ඉතින් නම හොයාගන්නත් පුළුවන් මම හිතන්නේ.

      ඉඩ තියෙන වෙලාවක ආයෙමත් එන්න.

      Delete
  3. නුවණැති දරුවෙක් කොහොම උනත් .

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      ඔව් ඔව්. හොඳ අනාගතයක් තියෙයි එයාට.

      ඉඩ තියන වෙලාවක ආයෙමත් එන්න.

      Delete
  4. ෂෝය් මල්ලියා...අවබෝධයෙන් පාඩම් කෙරෙව්වනම් හරි... අදමයි ආවේ..ඔන්න ෆලෝ පාරකුත් දැම්මා..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      අවබෝධයෙන් පාඩම් කෙරෙව්වත් එයාට තේරෙන්නේ නෑනේ. තාම පොඩියිනේ එයා.

      ඉඩ තියෙන වෙලාවක ආයෙමත් එන්න.

      Delete
    2. අනිවාර්යයෙන් එනෝ.............. අදත් ආවෝ.. :)

      Delete
  5. හික්ස්!!! කොළ පාට කිරිබත් ?? ඊයා..
    ඔන්න සුදු වෑන් එනෝ.... :D

    ReplyDelete
    Replies
    1. කොළ පාට කිරිබත් නම් ඊයා තමයි.
      සුදු වෑන් ආවොත් ඔන්න ඔයා තමයි! :D

      Delete
  6. නම කියන්න බයයි වගේ ??

    ReplyDelete
    Replies
    1. එක්කො ඔන්න ඔහෙ නම දාන්නත් තිබ්බා. ( @ සුදු වෑන් ආවොත් යැයි සිතමින්.. )

      Delete
  7. අර අංකලුයි ආන්ටියි කිරිබත් හැදුවත් කොලපාට නම්. තව විස්තර දාන්න තිබ්බා. දෙන්නටම කොළරාව, ආදරේ කරන්නෙ කොල බොක්කෙන්! ප්‍රියතම සින්දුව කොලවරි කොලවරි. ගේ තියෙන්නෙ කොලනියක....යනාදී වශයෙන්. :D
    ඔන්න මමත් මේකෙ ෆලෝවර් කෙනෙක්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මේ ටික කියවලා මට හිනාව නවත්තගන්න බැරුව ගියා..
      එයාලට පෙන්නන්න වටිනවා මේ ටික ඩූඩ්! :D
      බොහෝම ස්තූතියි!

      Delete
  8. අතිගරු චින්තක අයියාවත්ද ?

    දැන් හැදෙන පොඩි එවුන් නාහෙට අහන්නේ නෑ අප්පා. කට නම් තියනවා මොනවා නැති වුනත්, අවුලකුත් නෑ ඉතින් අනාගතේට දැන්ම ඉඳන් ශිෂ්ටාචාර ගත වෙනවා වෙන්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      හි හි! අතිගරු නම් ඉතින් එයා තමයි නේද?
      දැන් පොඩි එවුන් නම් අති පණ්ඩිතයි. කියන දේවල් වල තේරුම් හොයන්න වෙනම වෙලාවක් යනවා! ආයෙමත් මේ පැත්තේ එන්න හොඳේ.

      Delete
  9. හිනිස් එල කොල්ලා :D
    පක්ෂියත් එහෙනම් අතිගරු උණා :D :D :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔක්කොම පැටළුනා එයාට එවෙලෙ. :D :D

      Delete
  10. අපොයි ඔවු... පුංචි ඈයොන්ගේ කතා අහන් ඉන්නකොට එපා වෙන්නේ නෑ.
    මේකා නම් කටකාර කොලුවෙක් !

    ReplyDelete
    Replies
    1. එයාගේ තව කතා ගොඩයි. පාළු නෑ එයා ඉන්නකොට.

      Delete
  11. ‍සිතූ ඉගියක් දෙන්න නැත්තං කතාව සම්පූර්ණ නෑ. නින්ද යයිදත් මන්ද!

    ReplyDelete
    Replies
    1. අතිගරු කිව්වාම හිතා ගත්ත හැකි නේද?

      Delete
  12. Replies
    1. මෙයා ඔහොම තමයි. මාර කතා කියන්නේ. :)

      Delete
  13. අන්කලුයි ආන්ටියි කොළ පාට නැද්ද??
    කියපු කෙනා ලංකාවේ ජාතික පක්ෂියා නෙමෙයි ජාතික හොරා!:p

    ReplyDelete
    Replies
    1. අදත් කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුනේ.

      අන්කලුයි ආන්ටියි තාම නම් කොළපාට වෙලා නෑ.
      ඒක නම් ඇත්ත. ඒත් පොඩි එකාට තේරුණේ පක්ෂියා විදියට.

      Delete
  14. මරු පොඩි එකා http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

      ඔව් අනේ. මෙයා නම් මරු පොඩි එකෙක් තමයි.

      මමත් ආවා ඒ පැත්තට. ඉඩ තියන වෙලාවක ආයෙමත් මේ පැත්තේ එන්න.

      Delete
  15. හේ හේ නියම පොඩ්ඩෙක්.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      ඔව් ඔව්. මරු මරු කතා ටිකක් කියනවා.

      ඉඩ තියන වෙලාවක ආයෙමත් එන්න.

      Delete
  16. අපේ ගෙදරත් ඉන්නව ඔන්න අය වගේ හැට පැනපු ආච්චිලා සීයලා හි හී මෙන්න මේක කියවලා බලනකෝ....
    http://kavisandalla.blogspot.com/2012/08/blog-post_24.html

    අදමයි මේ පැත්තට ආවෙත් මම ඕං

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      මම එහෙත් ගියා. මරු වැඩ තමයි පොඩි වුන් කරන්නේ.

      ආයෙත් එන්නකෝ මේ පැත්තේ.

      Delete
  17. හික්ස් නියම පැට්ටෙක්නේ....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      ඔව් එයා ඉන්නකොට පාළු නෑ පොඩ්ඩක්වත්.

      ආයෙමත් මේ පැත්තේ එන්නකෝ.

      Delete
  18. මරු මරු... එයාට විතරයි ඒක තේරිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා!

      ඒක තමයි අන්කලුත් කිව්වේ. එයාට විතරයි තේරුණේ කියලා.

      ඉඩ තියන වෙලාවක ආයෙමත් එන්න.

      Delete
  19. ෂ්............... ෂ්............... කට. කට, සුදු වෑන්. අනේ අම්මෝ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!
      හී හී! සුදු වෑන් නම් එයිද මන්දා....
      ආයෙමත් මේ පැත්තේ එන්න!

      Delete
  20. මටනම් තනියම හිනා ගියා....ඒත් කියන්න ඕනනේ..ඔය සුදු වැන් විතරක් නෙවෙයි blue
    බ----ය....මතකද?බලාගෙන...

    ReplyDelete
    Replies
    1. ඒකනේ. පරිස්සම් වෙන එක කෝකටත් හොඳයිනේ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......