Thursday, October 11, 2012

අපි නොදන්න කඩ්ඩ!



ඉංග්‍රිසි කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. අපි හැමෝටම ජීවිතේ අනිවාර්යයෙන් දවසක ඉංග්‍රිසි අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අද ලංකාවේ බොහෝ දෙනෙක් ඉංග්‍රිසි ඉගෙන ගන්න පෙළඹිලා තියනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒත් ඉතින් අද හැමදේකටම වෙලා තියනවා වගේ ඉංග්‍රීසි භාෂාවත් තමන්ගේ තත්ත්වය පෙන්න්වන්න පුළුවන් දෙයක් හැටියට භාවිත වෙනවා. සිංහලෙන්ම කියනවනම් ඇඩ් එකට කඩ්ඩ වනන අය වැඩියි. ගොඩක් වෙලාවට එහෙම කරන්නේ ඉංග්‍රීසි භාෂාව ගැන හරි දැනීමක් නැති අය කියන එක නම් අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මුහුණ දෙන්න වුණ සිදුවීමක් තමයි මේ.
  
උසස් පෙළ ඉවර වෙලා කැම්පස් පටන් ගන්නකම් ගෙදර ඉන්න බැරි නිසා මම පොඩි රැකියාවක් කළා. ඒ ආයතනය තිබුන ගොඩනැගිල්ලෙන් වෙනත් තැනකට අරන් ගියා මම වැඩකරන දවස්වල. ඉතින් මේ කියන දවස්වල ඒ ආයතනයට එන ලියුම් එහෙම ආවෙ පරණ ලිපිනයටමයි. අලුත් ලිපිනයට ඒ ලියුම් එවන්න කියල දැනුම් දීලා තිබුණත් එහෙම වුණේ නෑ ටික දවසක් යනකන්. අලුත් තැන ඉදන් මෙතන තිබුණෙ ඒ හැටි දුරකින් නෙවෙයි. ඉතින් අපි කවුරුහරි එතනට ගිහින් ලියුම් අරන් එන එක තමයි කළේ.

දවසක් මමයි තව අක්කා කෙනෙකුයි ගියා ලියුම් අරන් එන්න. ඒ ගොඩනැගිල්ලේ වෙන ඔෆිස් එකක් තිබුණා. එහාට තමයි ලියුම් ඔක්කොම යන්නේ. එතන පිළිගැනීමේ නිලධාරිනිය විදියට හිටියේ නිතරම ඉංග්‍රීසියෙන් කතාකරන තමන් පොෂ් යැයි හිතාගත්ත අක්කා කෙනෙක්. අපි ඉතින් හැමවෙලේම ලියුම් හොයාගෙන යන නිසා එයාට අපිව කරදරයක් වෙලා තිබුණද දන්නෙත් නෑ. අපි ගියාම මෙයා අපිව ගොඩක් වෙලා රස්තියාදු කරවනවා. ලියුම් නැත්තම් නෑ කිව්වනම් ඉවරනේ. මෙයා ඉතින් හරි බිසී කියලා පෙන්නලා අපිව රස්තියාදු කරලා තමයි හැමදාම ලියුම් ටික දෙන්නේ. අපිත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ගියා.

ඔන්න එදත් අපි යනකොට මෙයා ටෙලිෆෝන් එකෙන් ලොකු කතාවක්. ඇහුන විදියට නම් පෞද්ගලික කතාවක් වගේ. අපි දෙන්නා හිටගෙන හිටියා එතනට වෙලා. මෙයාටත් හොඳට පේනවා අපි ඉන්නවා කියලා. ඒත් ගනන් ගත්තේ නෑ. අපි දෙන්නටත් හිටන් ඉදල එපාවෙලා එතන තිබ්බ පුටුවෙ වාඩිවෙලා හිටියා. ඒත් මේ කතාව ඉවරවෙන පාටක් නෑ. අපි දෙන්නටත් හොඳටම එපාවෙලා. මොනව කරන්නද ඉතින්. කියන්නම එපැයි. අපි එනකොට සිංහලෙන් කතා කර කර හිටපු මෙයා අපිව දැක්කා විතරයි ඉංග්‍රීසියට මාරු වුණා. “ඉයස් ඩාලින්”, “නෝ ඩාලින්”, ”සෝ ප්‍රිටී ඩාලින්” වගේ ඒවා අපිට අතරින් පතර ඇහුනා. අපිත් ඉතින් නෑහුණා වගේ හිටියා. අපිට එයා කියන ඒවා තේරෙයි කියලා වෙන්න ඇති එහෙම කළේ.

ඔන්න පැයකට විතර පස්සේ මෙයාගෙ කතාව ඉවර වුණා. තවත් වෙලා ඉන්න බැරි නිසා අපි දෙන්නා ටක් ගාලා නැගිටලා ගිහින් ඇහුවා  අපිට ආපු ලියුම් තියනවද  කියලා. මෙයා ඉතින් අපි දෙන්නට අමුතු බැල්මක් දාලා කට උල් කරලා ඇතුලේ හිටපු එක්කෙනෙක්ට කිව්වා,

“බලන්න මෙයාලගේ ලියුම්ස් තියනවද කියලා ” .

අපි දෙන්නට ඉතින් හොඳටම හිනා. අපි දිව හපාගෙන ලේන්සු කටේ ඔබාගෙන හිනාව නවත්තගන්න ෆුල් ට්‍රයි එක දුන්නා. ලියුම් ගෙනත් දීපු ගමන් මුකුත් කියන්නෙත් නැතුව ලියුම් ටික ඩැහැගෙන එළියට පැන්නා. එළියට ඇවිත් පාර කියලා බලන්නැතුව ඇති වෙනකම් හිනා වුණා. පව් අප්පා ඒ අක්කා. එයාට වැරදුණේ කොතනද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති.

අපි දෙන්න ඉතින් ඔෆිස් එකට ඇවිල්ලා වෙච්ච දේ රඟපාලාම පෙන්නුවා අනිත් අයට. කට්ටියට ඒක කොච්චර හිතට ඇල්ලුවද කියනවනම් එදා ඉදන් අපේ ඔෆිස් එකෙත් ලියුම් වලට “ලියුම්ස්” කියලා තමයි කිව්වේ.  

42 comments:

  1. හිකිස්...පව් අප්පේ... මමත් අපේ ට්‍රීං අන්කල් ආවාම අහන්න ඕනි ලියුම්ස් තියනවද කියලා.... මරු ඈ..
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඔයත් එහෙනම් හෙට අහන්නකෝ ලියුම්ස් තියනවද කියලා...
      ජය!

      Delete
    2. හිකිස් එළ...ඈ... මම නේද එක....හුරේ..... :D

      Delete
    3. ඔව් ඔව්! කලින් පරක්කු වෙලා ආවට අද එක වෙලා තියෙන්නේ! :D

      Delete
  2. මේ දේ නම අද ලංකාවේ හරිම සුලභ දෙයක්.මෙය කියවන කවුරුත් තමන් එහෙම වෙන්නේ නෑ කියල හිතට ගත්තොත් ලොකු දෙයක්.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම කරන්නේ ගොඩක් නොදන්න කමට නෙවෙයි විහින් පොෂ් වෙන්න යන අය.
      ස්තූතියි!

      Delete
  3. ඔහොම අය ගොඩක් ඉන්නවා තමා... ගොඩක්ම තදාසන්න පැති වල... කියන්න ගියොත් උදාහරණ ගොඩයි... ලියුම්ස්ලා...

    ReplyDelete
    Replies
    1. ඒකනේ. දැන් වැඩියිද මන්දා එහෙම අය.

      Delete
  4. හිකිස්‌.. පට්ට ආතල් කතාව සිතූ.. මම ගිහිපු ක්ලාස් එකක සර් කෙනෙක්ටත් ඔහොම සිද්දියක් වුනා.. හැබැයි ඒ එයා පොෂ් වෙන්න ට්‍රයි කරලා නෙවේ. ඇත්තටම වුන වැරදීමක්.එයා කිව්වා "මම කියවන්න ආස කෙනෙක්, ඉතින් මම "ඉන්ටර්නැෂනල් සඟරාස්" එහෙම කියවනවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වුණ් වැරදීමක් නම් පවු ඉතින්. ඒත් මේක නම් විහින් පොෂ් වෙන්න ගිහින් කරගත්ත දෙයක්. :)

      Delete
  5. හි ... හි.. අපේ යාළුවෙකුත් කිව්වා ඔහොම කතාවක්

    ReplyDelete
    Replies
    1. අපිට හිනා වෙලා ඉවරයක් නෑ එවෙලෙ.

      Delete
  6. ඇයි ඉතින් ගොඩක් අය ඉන්න තැනක හැමෝටම එක්ක ගුඩ් මෝනින්ග්ස්, යන්නම්ස් කියන්නේ. ඒ කියන්නෙ නම් ලේසියට/ජෝක් එකට අපිනම්! හැබැයි ඉතින් තැන බලලා පාවිච්චි කරන්න ඕන ඒ දේවල්! නැත්තම් අමාරුවේ වැටෙනවා!

    ReplyDelete
    Replies
    1. ජෝක් එකට නම් කමක් නෑ. පස්සෙ පුරුද්දට ගියොත් තමයි වැඩේ. නැත්තම් අමාරුවේ වැටෙනවා නම් තමයි.

      Delete
  7. Ane pavu liyums akki ;)
    Hoda vade boru sobana daanna yanavata :)

    ReplyDelete
    Replies
    1. බොරු සෝබන නිසා තමයි වැඩේ වැරදුනේ. :)

      Delete
  8. මේක නම් පට්ටම ජෝක් එකක්, මටත් බකස් ගාලා හිනා ගියා.. හොඳ වැඩේ අර අක්කට. ආයේ ගියාම ඔයාලත් අහන්න " එක්ස්කියුස් මී මැඩම්., අපිට ලියුම්ස් නැද්ද" කියලා..!

    ReplyDelete
    Replies
    1. දැන්නම් එහෙ වැඩ කරන්නැති නිසා ඒ පැත්තේ යැවෙන්නේ නෑ. ඒ දවස්වල අපේ කටේම තිබ්බෙ "ලියුම්ස්".

      Delete
  9. Ammata ela ban.. Lankawe innakota kollek e office eke hitiye sereppu dagena ipadila wage..dawasak call ekak ewith manager ehuwahama ne kiwwa.. Whos acting manager kiwwahama muu kiyapi penna gaman "ane sorry..mama manager wage act karanne nehe" kiyala.. :D

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු කතාව. ඇක්ටින් මැනේජර් කිව්වාම නළුවෙක් වගේ කියලා හිතන්න ඇති.
      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. ආයෙමත් එන්න!

      Delete
  10. මං වගේ නං කෑගහල හූ කියනව

    ReplyDelete
    Replies
    1. හි හි! පවු කියලත් හිතුන පස්සේ.

      Delete
  11. මරු කතාස්! දැන් එ ලඟට වෙන දේ තමයි ඔයලා විහිලුවට ලියුම්ස් කියලා ඒකට ඇබ්බැහි වෙලා වැරදි තැන ඕක කියලා අරයට වෙච්ච දේම වෙන එක. අත්දැකීමෙන් කියන්නෙ. ඉස්සර අපිටත් No problem කියන්න බෑ. නෝ පොබ්බොම් කියලා කියවෙන්නෙ. එක චරිතයක් අනුගමනය කරන්න ගිහිල්ලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද ඇත්තටම? ඕක වුණ දවස්වල අපේ කටේ තිබ්බෙම ලියුම්ස්. දැන්නම් එහෙම කියන එක අඩුයි. ඉදල හිටල ඒ කතාව මතක් වුණාම තමයි කියවෙන්නේ.

      Delete
  12. හිකිස්‌!!! ලියුමස් ආ.. :D
    ජය වේවා!!
    සිනා බො වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්!
      ජය වේවා!! :D
      මොකෝ මේ සිනා බෝ වේවා කියන්නේ? දත් බෙහෙත් කොම්පැණියක්වත් පටන් ගත්තද? [විහිලුවට ඈ]

      Delete
  13. ලියුම්ස් කාගෙංද මචං???????????

    ReplyDelete
    Replies
    1. දැන් ලියුම්ස් අඩුයිනේ. එස් එම් එස් "ස්" තමයි! :D

      Delete
  14. ලියුම්ස් නරකම නැ.. හොද වැඩෙ බොරු අහන්කාරකමට මට ඔහොම අයව පෙන්න බැ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපිත් ලියුම්ස් කියන්න පුරුදු වුණේ.
      බොරු සෝබනේට ඔහොම වෙනවා!

      Delete
  15. මාර සීන්ස් එකක්නේ. හිකිස් ඔවටස් හේතුස් විදිහට මම දකින්නේ ඉංග්‍රීසි කියන්නේ මොකද්ද කියලා මිනිස්සුස්ලට හරිහැටි අදහසක් අවබෝධයක් නොතිබීම. ඕක මහ දෙයක්යෑ. එංගලන්තේ හිඟන්න්ස්ලත් ඉංග්‍රීසි කනා කරන්නේ. ඉතින් අපේ මොඩයෝස්ලා ඒක තමාගේ තරම්ස් පේන්නන්න අරන්නේ. :D

    (අනේ හිඟන්නන්ව හෑල්ලු කලා නෙමේ. කියන්න ඕනි උණේ මේ තත්වය ගැන. (එක අතකට බැලුවම ඉතින් අපිත් හිගන්නෝ තමා මේ ගන්න ණය ආධාර වල හැටියට :D LoL))

    ReplyDelete
    Replies
    1. ඒකනේ අමාස්! සමහර අය ඉංග්‍රීසි එයාලගෙ තනි බූදලේ කරගන්න හදනවා. දන්න අයට වඩා නොදන්න අය තමයි ඕක ගොඩක් කරන්නේ. :)

      Delete
  16. ඔහොම කට්ටිය කොච්චර නම් ඉන්නවද??
    අර ඉතුරු රුපීස් වල ටෝෆීස් දෙන්න කිව්වා වගේ තමයි!:)

    ReplyDelete
    Replies
    1. එහෙම කට්ටිය දැන් වැඩියි වගේ. බොරු ඇඩ් දාන්න ගියාම තමයි ඔක්කොම! :)

      Delete
  17. අක්කලාට ලිව්ම්ස් එවන එක හරි නෑ නේ... :)

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් අක්කලාට ලියුම්ස් යැව්වේ??

      Delete
    2. ඔය කෝල් කරන උන් ම එවයි... :D

      Delete
  18. :D ඒක නම් මරු ඈ.// මටත් ඔහොම අය සෙට් වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මේ වගේ අය හැම තැනම ඉන්නවනේ...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......