Tuesday, October 16, 2012

ෆෝන් එකක් නිසා වෙච්ච දෙයක්...


ෆෝන් එකක් එහෙම නැත්තම් ජංගම දුරකථනයක් කියන්නේ අද අපි කාටත් නැතුව බැරි දෙයක්. අද බැලුවොත් පුංචි ළමයෙක්ගේ ඉදන් වැඩිහිටි කෙනෙක් දක්වා හැමෝගෙම අතේ ජංගම දුරකථනයක් තියනවා. කොටින්ම කිව්වොත් ජංගම දුරකථනයක් කියන්නේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා. මේ ජංගම දුරකථන නිසා අපේ වැඩ පහසු වුනත් සමහරුන්ට නම් නොසිතූ කරදර වලට මුහුණ දෙන්න වෙලා තියනවා.

අපේ නැදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා. මෙයාට තවම අවුරුදු 16යි. ඉතින් ඒ වයසේ හැමෝටම වගේ දැන් ජංගම දුරකථනයක් තියනවනේ. ඉතින් මෙයාටත් ඕනේ වුණා ෆෝන් එකක් ගන්න. කොහොමහරි ගෙදරට කරදර කරලා ෆෝන් එකක් අරන්. ටික කාලෙකට පස්සේ මෙයාට සල්ලි හදිස්සියක් ඇවිත්. ගෙදරින් ඉල්ලන්නත් බෑලු. කොහොමහරි සල්ලි ඕනේ වුණ හේතුව නම් දන්නේ නෑ. ඉතින් මෙයා යාලුවෙකුගේ මාර්ගයෙන් ෆෝන් එක විකුණලා. යාළුවා තමයිලු ෆෝන් එක විකුණලා දුන්නේ. මෙයාටත් ඉතින් සල්ලි හම්බවෙච්ච නිසා වැඩිය විපරම් කරලා නෑ. 

ගෙදරින් දන්නෙත් නෑ දැන් මෙයා ෆෝන් එක විකුණලා කියලා. ඔහොම ටික දවසක් ගිහින්. ඊට පස්සේ සතියේ මෙයාලගේ ගෙදරට පොලිසියෙන් ඇවිත්. ඇහුවලු ෆෝන් එක පෙන්නලා මේ ෆෝන් එකේ අයිතිකාරයා කවුද කියලා. මල්ලි කියලා එයාගේ ෆෝන් එක හැබැයි සතියකට කලින් විකුණුවා කියලා. කොහොමහරි පොලිසියෙන් ඇවිත් තියෙන්නේ මේ මල්ලිව අත්අඩංගුවට ගන්න. හේතුව තමයි එයාගේ ෆෝන් එකේ 18+ වීඩියෝ ක්ලිප් එකක් තිබීම. පොලිසියෙන් ආවට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මෙයා බාල වයස්කාරයෙක් කියලා. ඒ මොහොතේම දෙමව්පියන් එක්ක පොලිසියට එන්න කියලා. පොලිසියට ගියාම තමයි දැනගෙන තියෙන්නේ ෆෝන් එක ගත්ත කෙනා 18+ වීඩියෝ ක්ලිප් එකක් තියන ෆෝන් එකත් එක්ක පොලිසියට මාට්ටු වෙලා. එය කියලා අහවල් කෙනාගෙන් තමයි ෆෝන් එක ගත්තේ කියලා මල්ලිගේ යාළුවා ගැන කියලා. මල්ලිගේ යාළුවාගේ ගෙදරට පොලිසියෙන් ගිහින් ඇහුවම මල්ලි ගැන කියලා. 

ෆෝන් එකේ දැන් අයිතිකාරයා කියනවලු එය ෆෝන් එක ගන්නකොටම ඒ  වීඩියෝ ක්ලිප් එක තිබුන කියලා. මල්ලි කියනවලු එහෙම එකක් තිබුනේ නෑ කියලා. කොහොමින් කොහොමහරි පොලිසියේ අය තුන් දෙනාටම දැඩි ලෙස අවවාද කරලා දඩයකුත් නියම කරලා. මල්ලිගේ අම්මල ඒ දඩය ගෙවල මල්ලිවත් එක්කරගෙන ගෙදර ඇවිත්. ඊට පස්සේ ආයේ ෆෝන් එකක් අල්ලන්නවත් හිතෙන්නේ නැති වෙන්න බැන්න කියලා තමයි මල්ලි කිව්වේ. 

ෆෝන් එකක් මිලට ගනිද්දී වගේම විකුණද්දීත් අපි සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ. අපි නොහිතන විදියට ඒ නිසා අපි නොහිතන කරදරයකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ෆෝන් එක විකුද්දී විකුණන කෙනා කවුද, ෆෝන් එක විකුනද්දී මොන තත්ත්වයෙන්ද තිබුනේ කියන එක සහන් වෙන රිසිට් එකක් ගත්තනම් හොයි. ඒ රිසිට් එක පරිස්සම් කරලා තියාගන්න එකත් හරිම වැදගත්. නැත්තම් අපි නොහිතන විදියට නොහිතන කරදරේකට මුහුණ දෙන්න වෙයි! 

පින්තුරය ගුගල් වෙතින් 

26 comments:

  1. අෆ්ෆා.. සෑහෙන බැරෑරුම් කේස් එකක් නේ...

    ReplyDelete
    Replies
    1. පොඩි එකා නිසා තමයි. හොඳටම බය වෙලා. ගෙදරින් අහන්න වෙන බැනුම් ඊට වැඩියිනේ.

      Delete
  2. පොලිසියත් මෝඩ විදියටනේ වැඩ කරලා තියෙන්නෙ. video එක ෆෝන් එකට දැම්ම දවස ලේසියෙන් ම හොයාගන්න පුළුවන්නේ ඒකේ info බැලුවම. 18+ එකේ අයිතිකාරයා හොයාගන්න පුළුවනි එතකොට! අනේ මන්දා.... ඉතින්

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක විකුනපු දවස ඔප්පු කරගන්න විදියක් නැති වුණානේ රිසිට් එකක් නැති නිසා. පොලිසියෙන් ඒකට දීපු විසදුම තමයි ෆෝන් එකේ දැන් අයිතිකාරයටයි මල්ලිටයි දෙන්නටම දඩ ගහපු එක.
      වීඩියෝ එකේ දවස අනුව නම් එක විකුනුවට පස්සේ දාපු එකක්. ඒත් ෆෝන් එකේ දැන් අයිතිකාරයත් මල්ලිලාගේ වයසේම එක්කෙනෙක්. ඒ නිසා වැඩිදුර ගෙනියන්නේ නැතුව දඩේ ගෙවල ඉවරකළා.

      Delete
  3. අනිත් අයටත් දැනගන්න මේ ගැන දැනුවත් කල එක හොඳයි . පව් අර මල්ලි හොඳටම බය වෙන්න ඇති .

    ReplyDelete
    Replies
    1. ඔව්. එයානම් හොඳටම බය වෙලා හිටියේ. සැලකිලිමත් වුනේ නැත්තම් මේ වගේ දෙයක් අපි කාට වුනත් වෙන්න පුළුවන්.

      Delete
  4. අයියෝ ෆෝන් එකට සල්ලි

    ReplyDelete
  5. පොඩි අයට පෝන් ගන්න දෙන මාපියන්ට මේක හොඳ පාඩමක්

    ReplyDelete
    Replies
    1. හොඳට හොයල බැලුවේ නැත්තම් ඉවරයි තමයි!

      Delete
  6. Replies
    1. හ්ම්ම්. හොයල බැලුවේ නැති නිසා තමයි මෙහෙම වුනේ.

      Delete
  7. පොඩි එවුන්ට ඕව අරන් දෙන කොට හොඳට හිතන්න ඕනේ. වැදගත් දෙයක් ගැන ඔබ අවධානය යොමු කරලා තියනවා මේ ලිපියෙන් !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! මේ ගැන හොයල බලල වැඩ කරනවානම් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

      Delete
  8. අප්පච්චියේ...දැන් වෙන දේවල්... දැන් ඉන්න පොඩි වුන්ට මොළෙත් වැඩී, සැපැත් වැඩී.. සාමාන්‍ය දැනීම නෑ හැබැයි.. අනේ මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. සාමාන්‍ය දැනීම නම් අන්තිමයි එයාලගේ.

      Delete
  9. හප්පට සිරි!
    පොලීසියට පුලුවන්ද දඩ ගහන්න ඔය වගේ වැ‍රැද්දකට? මේ ට්‍රැ‍ෆික් ඔෆෙන්ස් එකකට හැර?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් හරියට දන්නේ නෑ. මෙතැනදී ප්‍රශ්නේ දුරදිග යවන්නේ නැතුව ඉක්මනට ඉවරකරගන්නයි ඕනේ වුනේ. ඒ නිසා කියපු දඩේ ගෙව්වා. ඒක කාගෙහරි සාක්කුවකට ගියාද කියන්න දන්නේ නෑ.

      Delete
  10. හැබැයි කවුද ඒක ෆෝන් එකට දැම්මේ කියල හොයාගන්න ක්‍රම තිබුනා ඕන නම්..

    ReplyDelete
    Replies
    1. කාටවත් ඒ ගැන දැනුමක් තිබිල නෑ මම හිතන්නේ.

      Delete
  11. අපි සාමාන්‍යයෙන් ෆෝන් එකක් විකුණද්දී එකේ මෙමරි කාඩ් ෆෝමැට් කරලා inbox clear කරලා නේ දෙන්නේ
    අනික ඔය වගේ ඒවා අල්ලනවා නම් අනිවා පොලිස්කාරයෝ තාක්‍ෂණය ගැන දැන ගන්න වෙනවා
    කට්ටිය කිව්වා වගේ කවුද දැම්මේ කියලා හොයන්න ඕනේ තරම් විදි තිබ්බා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්. ඒත් පොලිසියේ කාටවත් ඒ ගැන දැනුමක් තිබුනේ නැද්ද එහෙම නැත්තම් උවමනාවෙන් යට ගහන්න කරපු එකක්ද දන්නෙත් නෑ.

      Delete
  12. පව් පොඩි එකා.. දැන්වත් පාඩමක් ඉගෙන ගෙන නම් හොඳයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. පාඩමක් නම් ඉගෙන ගත්තා මම හිතන්නෙ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......