Wednesday, October 3, 2012

ලැබේවිද තව වරක්..



සිතුවෙමි
මුළු ජීවිතය කියා,

කැපවුණෙමි
රැකගැනීමට
දිවා රෑ නොබලා,

නොවැටහුණි
බොහෝ දේ ගිලිහී ගිය බව
ඒ නිසා,

දැනෙන විට ඒ බව
බොහෝ දුර ගොස් අනෙක් අය

බලාසිටිමි මම
තව වරක් ලැබෙන තුරු .....



32 comments:

  1. හිතා ගන්න බෑ මොකක් ගැනද කියල... ආපු අදහසත් අන්තිම පේලි දෙක නිසා ලොවෙත් නැති වුනා..:D

    ReplyDelete
    Replies
    1. එච්චර දෙයක් නෙවෙයි ද මන්දා... ඒත් බලමුකෝ මොකද වෙන්නේ කියලා...

      Delete
  2. මට නම් එකපාරටම මේකට මැචි වෙන දෙයක් මතක් උණා. තකාවක් ලියන්න පුලුවන් කරුණක් වගේ.
    ලස්සනයි සිතූ :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. මොකද්ද මතක් වුණේ ඈ? කතාවක් නම් ලියන්න පුළුවන් තමයි!
      ස්තූතියි ඔයාට!

      Delete
  3. ඔළුවෙන් කොම්බුත් පැන්නා.... මොකක් ගැනද සිතූ මේ ලියලා තියෙන්නේ ? ඉටිපන්දම ගැනද ? ගිනිදැල්ල ගැන ද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. පින්තූරෙ දැම්මේ නම් හේතුවක් ඈතුව. ලියලා තියෙන්නෙ නම් විභාගයක්+ආදරය ගැන!
      මේක කියෙව්වාම එච්චරම හොල්මන් වුණාද?

      Delete
  4. මම: මොකක් ගැනද මේ සිතූ කියන්නෙ?

    දීපා: ආදරේ ගැන වෙන්න ඇති.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ආදරේ ගැනත් නම් තමයි. පැහැදිලිව කිව්වොත් විභාගයක් සහ ආදරේ ගැන.

      Delete
  5. ආදරේ ගැන වෙන්නම ඕනා ඉතින්... ඔය ප්‍රශ්න ඉතින් අර බත් හැලිය ඉදෙනකන් විතරලුනේ...... මොනවා උනත් තව වරක් ලැබෙන තුරු කියපු එක නම් අවුල් වගේ

    ReplyDelete
    Replies
    1. ආදරේ ගැනත් තියනවා. තව වරක් ගැන කිව්වෙ විභාගයක් ගැන.
      දැන් අවුල් නෑනේ! :)

      Delete
  6. මටත් හිතෙන්නේ ආදරේ සම්බන්ධ ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒ ගැන ප්‍රශ්නයක් තමයි!

      Delete
  7. මට මුලින්ම මීටර් උනේ ඉටිපන්දම ගැන ලියලා කියලා,ආයේ හිතුනා ආදරේ ගැනද දන්නෙත් නෑ කියලා :)

    ReplyDelete
    Replies
    1. ඉටිපන්දම් ගැන නම් නෙවෙයි. ආදරේ ගැන. :)
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!
      ආයෙමත් එන්න.

      Delete
  8. \\... බලාසිටිමි මම
    තව වරක් ලැබෙන තුරු .....\\

    ආදරය ද??

    ReplyDelete
    Replies
    1. නෑ. වුණ වැරදි හදාගන්න අවස්ථාවක්! :)

      Delete
  9. ආදරය කරන්න ගියාම අපි නැවතිලා..... ලෝකය හැල්මෙ දුවනවා කියල හිතෙනව තමයි...!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      ආදරේ කරන හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඒ මොහොත සදාකල් තියෙන්න කියලානේ!
      ඉඩ තියන වෙලාවක ආයෙමත් එන්න!

      Delete
  10. // දැනෙන විට ඒ බව
    බොහෝ දුර ගොස් අනෙක් අය

    //
    …හ්ම්ම් ලස්සනයි සිතූ .

    ReplyDelete
  11. තාම හිතනවා.....තේරුම මොකක්ද කියලා....අපිව මඤඤං කළා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔන්න තේරුම කිව්වා! මඤ්ඤං කරන්න හිතුවේ නෑ! :D

      Delete
  12. මටම ලියපු කවිය... හැබැයි අන්තිම පේළි දෙක හැර... තව වරක් නම් එපා...

    ReplyDelete
    Replies
    1. තව වරක් එපා කිව්වෙ ආදරේද? හ්ම්ම්. එහෙම හිතෙනවා ගොඩක් වෙලාවට!

      Delete
    2. හ්ම්ම්... ඔව්.. ආදරේම නෙවෙයි... බොරු ආදරේ... ආදරේ වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුලුවන් අය මේ ලෝකේ ඉන්නේ බොහොම සුලු පිරිසක් විතරයි... ඒ සුලු පිරිසගෙන් කෙනෙක් අපිට ලැබෙන්න තියෙන සම්භාවිතාව බොහොම පහලයි... ඒත් ඒ පිරිසගෙන් කෙනෙකුට මිස ආදරේ වෙනුවෙන් කිසිම කැපකිරීමක් කරන්න බැරි කෙනෙකුට ආදරේ කරනවට වඩා නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

      Delete
    3. ඔබ කියන දේට සම්පූර්ණයෙන්ම එකඟයි. ආදරේ වෙනුවෙන් අපි ගොඩක් කැපකිරීම කළාට අනිත් කෙනා ඒ කැපකිරීම කරන්න සූදානම් නැත්තම් ඒ ආදරෙන් වැඩක් නෑ. ආදරේ නොකර ඉන්න එක ඊට දහස් ගුණයකින් හොඳයි. ඒක තමයි ඇත්ත! මට තේරුම් ගන්න බැරි වුණ ඇත්ත!

      Delete
  13. අනේ මන්ද ඉතින් ආදරේ..
    කොහොම උනත් ලස්සනයි..
    ජය!

    ReplyDelete
    Replies
    1. ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරේ!
      ස්තූතියි ඔයාට!
      ජය!

      Delete
  14. මොනම දේ උනත් එක පාරක් නැති උනා කියලා අත ඇරලා දාන එක මෝඩ කමක්.. ඊට වඩා හොද දෙයක් ඊට පස්සේ ලැබෙන්න ඉඩ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ නිසා තව වරක් ලැබෙනකල් බලන් ඉන්නවා... :)

      Delete
    2. ඇත්තටම එහෙම ලැබෙයිද? ලැබුණත් ඒ වෙනකොට අපි රළු වෙලා... දරදඞු වෙලා... කලින් තිබුන ලාමක හිත් අපි ළඟ නෑ... ඒ වෙනුවට ගල් හිත් අපි ළඟ ඉතිරි වෙලා... පැරදුනු ආදරයෙන් ලැබුණු දායාදය විදිහට...

      Delete
    3. හ්ම්ම්. බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන එක නිකන්ම නිකන් ඉන්නවට වඩා හොඳයි කියලා හිතනවා. කාලයත් එක්ක තුවාල සුවපත් වේවි!

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......