Thursday, October 4, 2012

ප්‍රශ්නයක්!

මේක පොඩිම පොඩි ප්‍රශ්නයක්... 

බලන්නකෝ පහළ පින්තූරේ. 


මේ තියෙන්නේ බස් එකක්ලු... (එහෙම නැතත් ඒ වගේ හිතාගන්න හරිද? )

බස් එකක් කිව්වට අර පොඩි බස් හරිද? අර රෝසා බස් තියෙන්නේ. අන්න එයින් එකක් හරිද? 

මේ බස් එක පාරේ යනගමන් ගත්ත ෆොටෝ එකක් තමයි උඩින් දාලා තියෙන්නේ. 

ප්‍රශ්නෙ තමයි මේ බස් එක පාරේ යන්නේ මොන පැත්තටද? 

මේ පැති දෙක නම් කරලා තියනවා R සහ L කියලා. 

හැබැයි යන පැත්ත විතරක් කිව්වට මදි. උත්තරේට හේතුවත් කියන්න ඕනේ. 

අපි බලමු කවුද හරියටම උත්තරේ දෙන්නේ කියලා...... 

ප. ලි. 
මේක "පැදවීම දකුණෙන් වාහනයක්". ඩූඩ් කියපු නිසා මේ කොටසත් එකතු කළා. 

ප. ප. ලි. 
මෙන්න උත්තරේ....

උඩ පින්තූරෙ තිබුණේ මෙන්න මේ වගේ බස් එකක්ලු... 


දැන් යන පැත්ත හිතාගන්න පුළුවන් නේ... හේතුව තමයි දොර පේන්නේ නැති එක... 

(මම L R කියලා නම් කළේ පින්තූරේ ගැන හිතලා...)


46 comments:

  1. ඕකේ සීන් එක එන්නේ දොරත් එක්ක පොඩ්ඩක් ඉන්න ඈ...

    ReplyDelete
    Replies
    1. දොරේ සීන් එකක් තමයි හොඳේ..

      Delete
  2. ආ.. හරි. වම් පැත්තට. මොකද මම බලන පැත්තේ නෙමෙයි බස් එකේ දොර තියෙන්නේ. හරිද සිතුවෝ? :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. උත්තරේ නම් හරියටම හරි.. ඔයා තමයිලු මුලින්ම හරි උත්තරේ කිව්වේ..
      :) :) :)

      Delete
    2. යේ යේ. :) :) :) :) :)
      දැන් මොනාද මට දෙන්නේ?????

      Delete
    3. තෑග්ගකුත් ඕනේද? හි.. හී..

      Delete
  3. Replies
    1. උත්සාහ කරලා බලන්නකෝ..

      Delete
  4. දකුණු පැත්තට තමයි ඉතින්..(හේතුව කියන්න ඕනෑ ද?? )

    ReplyDelete
    Replies
    1. හේතුවත් කියන්න ඉතින්.. හේතුව නැතුව බෑ. :)

      Delete
    2. හේතුව ඉතින් සිරාවට බස් එක කොහේ එකක්ද කියන එක අනුව වෙනස් වෙනවා.. ඒ කියන්නේ ඩ්‍රයිවර් ගේ සීට් එක තියෙන පැත්ත අනුව..(ඔයා වම් පැත්තට නේද r දාල තියෙන්නේ..)

      Delete
    3. සිරි ලංකාවේ එකක් නම් දකුණට තමයි... මොකද බස් එක දකුණු පැත්තට යනකොට දොර පේන්නේ නැති නිසා..

      Delete
    4. බලන කෙනාගෙ විදියට හිතුවොත් නම් දකුණට තමයි. පින්තූරේ විදියට හිතුවොත් වමට..
      හේතුව නම් හරි... :D

      Delete
  5. හෆොයි හරිම සරලයි නේ.මේක යන්නේ L පැත්තට.මොකද කියනවා නම් අපි මේ බලාගෙන ඉන්නේ බස එකේ රියදුරු අසුන තියන පැත්ත.ඒ කියන්නේ මේක පැදවීම දකුණෙන් වාහනයක් නිසා අපිට නොපෙනෙන පැත්තේ බඳ දොර තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      හොඳ පැහැදිලි කිරීමකුත් එක්ක උත්තරේ හරියටම හරි...

      ආයෙමත් මේ පැත්තේ එන්න!

      Delete
  6. මෙක නවත්තලා තියෙන්නෙ :P

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      අයියෝ නෑ නෑ. මේ බස් එක පාරෙ යද්දි ගත්ත ෆොටෝ එකක් නේ. ට්‍රයි එකක් දීලා බලන්නකෝ හරි උත්තරේ දෙන්න.

      Delete
  7. ඔන්න ඇහුවා ප්‍රශ්ණයක් උදේම ඔලුව අප්සෙට් වෙන්න.
    මට හිතාගන්න බැරි මේ R L ගහලා තියෙන විදිය. වම දකුණ මාරුවෙලා හන්දා වම දකුණ වෙන්න නම් බෑ.
    R රිවර්ස් වෙන්න ඇති. L ලෙසටම වෙන්න ඇති. ඉතින් ලෙසටම යනවා ඇති!:D

    මේ රට මොකක්ද? ඒකත් වැදගත්. මොකද එලවන පැත්ත රට අනුව වෙනස් වෙනවා.



    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. R L ගහලා තියන විදිය අප්සෙට් ද? වම දකුණ තමයි. හැබැයි බලන කෙනාගේ නෙවෙයි බස් එකේ.
      //R රිවර්ස් වෙන්න ඇති. L ලෙසටම වෙන්න ඇති. ඉතින් ලෙසටම යනවා ඇති!:D//
      මේ විදිය නම් නියමයි...

      රට නම් ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාව තමයි. මේක "පැදවීම දකුණෙන්" වාහනයක්..
      දැන් පුළුවන් නේද උත්තරේ දෙන්න?

      Delete
  8. මම ප්‍රශ්නෙට උත්තරේ නම් දන්නේ නෑ.. මෙන්න මේකද බලන්න උත්තරේ...

    බස් එක යන්නේ වමට !
    මොකද දොරවල් පේන්නේ නෑ නෙව... !

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ කිව්වට හරි උත්තරේ දීලා තියෙන්නේ.. :)

      Delete
    2. මම ඔය ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නෑ හලෝ.
      හැබැයි මම හොදටම ඉන්ටර්නෙට් සර්ච් කරන්න දන්නවා. මම bus driving direction question කියලා නෙට් සර්ච් කලහම මට ගූගල් දීපු උත්තරේ තමා ඔය...

      මෙන්න උත්තරේ ගත්තු තැන...

      Delete
    3. ප.ලි. - මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි.. :)

      Delete
    4. හික්ස්.. ඇත්තම කියනවා නම් මමත් මධුරංග අයිය වගේ ගූගල් දෙයියගේ පිහිටෙන් තමයි උත්තරේ කිව්වේ..:D

      මමත් පුංචි පහේ සිසුවෙකු තරම් හපනෙකු නොවෙමි.....

      Delete
    5. අවංක නිසා කමක් නෑ. :)

      Delete
  9. කෝ මගේ උත්තරේ ???

    ReplyDelete
    Replies
    1. උත්තර පස්සෙ පබ්ලිෂ් කරනවෝ..

      Delete
    2. උත්තරේ ඔන්න පබ්ලිශ් කළා.

      Delete
  10. මේක නම් යනවා ඇත්තේ වමට, බස් එකේ ප්‍රධාන දොර පේන්න නැති හින්දා. හැබැයි රෝසා බස් වලනම් ඩ්‍රයිවර්ටත් දොරක් තියෙනවා, හැබැයි මේකේ ඒකත් නෑනේ! අනේ මන්දා කොහෙන් හොයාගත්ත රෝසා බස් එකක්ද කියලා! හී හී!

    ReplyDelete
    Replies
    1. උත්තරේ හරි!
      ඩ්‍රයිවර් ගේ දොර් ගැන අමතක වුණා නෙව. ඒ වුණාට හරි උත්තරේ දෙන්න පුළුවන් වුණානේ.
      රෝසා බස් එක හොයාගත්තේ නම් මගේ කලා කුසලතාවයට පින්සිද්ධ වෙන්න. :D

      Delete
  11. මේ බස් එක යන්නේ ඉස්සරහා පැත්තට

    ReplyDelete
    Replies
    1. හා හා. ඒකත් වැරදියි කියන්න බෑ නෙව.

      Delete
  12. අර දොරේ කතාව නේද මේ? :p

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. දොරේ කතාව තමයි. ඔන්න උත්තරේ දැම්මා!

      Delete
  13. හ්ම්ම් මං එනකොට කට්ටිය උත්තර කියලා තෑගිත් අරගෙන ගෙවල් වලටත් ගිහින්... උත්තරේ කියලා තියෙනවනේ ඉතින්... මම මොනා කියන්ටද? නේද සිතූ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි! ටිකක් කලින් ආවනම් හරි..

      Delete
  14. මම එන්න කලින් උත්තරේ දාල :(

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා මොකද ඔයා පරක්කු කියලා. තරහ වෙන්න එපා ඉතින්.

      Delete
  15. හෑ...මං ඉස්සෙල්ලාම කරේ උත්තරේ බලපු එක... :D

    ReplyDelete
    Replies
    1. ටිකක් කළින් එන්න එපැයි! :D

      Delete
  16. මම එද්දි ප්‍රශ්ණෙත් අහලා උත්තරෙත් දීලා.. :)

    ReplyDelete
    Replies
    1. ටිකක් කලින් ආවානම් හරි! :)

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......