Tuesday, October 16, 2012

ඔබ....


විටෙක 

සිත රිදවන 
නෙතු හඞවන 
නපුරු වී රුදු 
වදන් තෙපලන....  

තවත් විටෙක 

මිහිරි තෙපුලක් 
කනට මුමුණන 
යලි යලිත් මට 
සිනහ කැන්දන.... 


36 comments:

  1. සහතික ඇත්ත කතාවක්. මේක හැමොටම ගැලපෙනවා...පුංචි දෙයක් වුණත් සංවේදි හිතක් සසල වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      පොඩි දෙයක් වුනත් ඇතිනේ සංවේදී කෙනෙක්ට.

      Delete
  2. සත්‍ය කතාව.. කෙටි පද පේළි ටිකක් උනත් ලස්සනයි..
    ජය!!!

    ReplyDelete
  3. මටත් ඔබ එ වගෙමයි.... :\ ඔයට නෙමෙ එයාට කිව්වෙ හොදෙ :P

    ReplyDelete
  4. ඒ කියන්නෙ හරියට පනහට පනහෙ වගේ නේද!

    ReplyDelete
  5. මේක නම් මන් දන්න කෙනෙක්ට ලියපු එකක් වගේ.. හරිම ලස්සනයි යාළු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙඩ්...
      මේ වගේ අය ගොඩක් අපි අතරේ ඇති..

      Delete
  6. ලස්සනයි සිතුවිල්ල...
    එහෙම තමයි ;)

    ReplyDelete
  7. කාලෙකට පස්සේ ආයෙම ආවා.
    ඒක නෙමේ ඔහේට කැම්පස් පටන් අරං නේ ?

    ReplyDelete
    Replies
    1. මමත් බැලුව අතුරුදහන් වෙලා හිටියේ මොකද කියල.
      තවම නෑ නේ. සදුදා පටන් ගන්නේ.

      Delete
    2. විභාගයක් කලා. ඒකයි අන්තරස්ධාන වෙලා උන්නේ.
      ආයෙම දිගටම කියවන්ඩ එමි.
      කැම්පස් ගියාට පස්සේ නොලිය ඉන්ඩ එපා. ලියන්ඩ !

      Delete
    3. විභාගේ හොඳට කරන්න ඇති කියල හිතනවා.
      දිගටම ලියන්නත් බලාපොරොත්තු වෙනවා.

      Delete
  8. ලස්සනයි සිතූ!!!! අපූරු සිතුවිල්ලක්... අත්ඩුටුයි ප්‍රත්‍යක්ශයි!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      අත්දැකීම් ඇති එහෙනම්...

      Delete
  9. සුපිරියි ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ඔයාගේ බ්ලොග් එකට එන හැමදාම.......ශික්...ඔයා මම අඳුරන කෙනෙක්ද??

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් නම් මම ඔයාව අදුරන්නේ නෑ. එත් සමහරවිට මේ වගේ අත්දැකීමක් ඔයාටත් ඇති. ඒක වෙන්න ඇති එහෙම හිතෙන්නේ. :)

      Delete
  11. ඔන්න මං නම් නපුරු වදන් තෙපලන්නේ නෑ බොරු නම් මඩවතිගෙන් අහන්න :)
    පොඩි දෙයක් කට්ටියට හුරු දෙයක් ලස්සනට ලියල තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයිනේ. :)
      ස්තුතියි!

      Delete
  12. ආදරේ පරස්පර විරෝධියි කියල හිතෙනවා, එක අතකට ඒක මහා අසාධාරණයි, ඒත් එහෙම නැත්තම් කික් එකකුත් නෑ අප්පා. ආදරේ වැඩි වෙන්න ඒ අසාධාරනෙන් සේවයක් වෙනවා කියල හිතෙන්නේ නැද්ද, මට එහෙම හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.
      පුංචි රණ්ඩුවකට පස්සේ ආදරේ තිබ්බටත් වැඩියෙන් වැඩි වෙනවා කියන්නේ ඒක නිසාලු.

      Delete
  13. ලස්සනයි. කෙටියි සහ පැණි රසයි...ෂෝට් ඇන්ඩ් ස්වීට්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!
      ඉඩක් ලැබුණොත් ආයෙමත් එන්න!

      Delete
  14. හ්ම් සිතුවිල්ල නම් යථාර්තයකි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......