Sunday, December 23, 2012

සිහිය



අමතකවීම නම් අපි කාටත් පොදු දෙයක්. කවදාවත් කිසිම දෙයක් අමතක නොකරපු කෙනෙක් අපි අතරෙ නැතුව ඇති. අමතකවීම් නිසා හොඳ පාඩු විඳපු අවස්ථා නම් ඕනෙතරම්. ඒත් අමතක වීම් නිසා වාසි වුණ අවස්ථාත් නැතුව නෙවෙයි.

පුරුද්දක් වශයෙන් හැමදෙයක්ම අමතක වෙන අය කොච්චර ඉන්නවද? අපේ යාලුවෙක් ඉන්නවා හොස්ටල් එකේදි කවදාවත් උදේට දත් මදින්න යනකොට දත් බුරුසුව අරන් යන්නෙ නැති. අනිත් අය දත් මදිනවා දැක්කාම තමයි එයාට දත් බුරුසුව මතක් වෙන්නේ. මේ වගේ අය කරන වැඩ නිසා අපිට හිනා වෙලා ඉවරයක් නෑ.

මේ කියන්න යන්නේ අපි දන්න කියන අක්කා කෙනෙක්ට වුණ වැඩක්. එයාගෙත් වැඩේ හැමදෙයක්ම අමතක කරන එක. එයා ලංකාවේ ඉහළ පෙළේ ආයතනයක ඉහළ පෙළේ රැකියාවක් තමයි කරන්නේ. දවසක් මෙයා වැඩ ඇරිලා එන ගමන් සුපර් මාර්කට් එකටත් ගිහින් බඩුත් අරන් ගෙදර ඇවිත්. ගෙදර ආවට පස්සෙ තමයි දන්නේ ෆෝන් එක දාලා ඇවිත් කියලා. මෙයා ඉතින් අඩුම ගානේ සතියකට තුන් සැරයක් වත් ෆෝන් එක ඔෆිස් එකේ දාලා එන නිසා වැඩිය ගනන් අරන් නෑ.

“අම්මේ මම ෆෝන් එක දාලා ඇවිත් නේ”

“අනේ මන්දා මේ ළමයගේ සිහිය නම්.”

“ ඒක තමයි අම්මේ. ෂුවර් එකටම ඔෆිස් එකේ දාලා එන්න ඇති.”

“කොයිකටත් රිං කරලා බලන්න”

අක්කා ෆෝන් නම්බර් එක ඩයල් කළා ලු අම්මාගේ ෆෝන් එකෙන්.

“අම්මේ රින්ග්ස් යනවා. ඔෆිස් එකේ තමයි දාලා එන්න ඇත්තේ”

“හ්ම්ම්. ඔයා කවදහරි ඔය ෆෝන් එක නැති කරගන්නවා.”

“හරි අම්මේ ආයේ දාලා එන්නේ නෑ.”

ඔන්න ටික වෙලාවකින් අක්කාගේ අම්මගේ ෆෝන් එක රින් වෙනවලු. නොදන්න නම්බර් එකක්. අක්කා ආන්ස්වර් කළා.

“හෙලෝ…..”

“හෙලෝ මිස් මම අහවල් සුපර් මාර්කට් එකෙන් කතා කරන්නේ”

“ඔව් කියන්න”

“මිස් සුපර් මාර්කට් එකේ ෆෝන් එකක් දාලා ගිහින් තිබුණා. ඒ ෆෝන් එකට මේ නම්බර් එකෙන් දැන් කෝල් එකක් ආවා. ඒක නිසා මම ආපහු මේ නම්බර් එකට කෝල් කළේ.”

“ ආ ඔව් ඒ මගෙ ෆෝන් එක තමයි. අහවල් වර්ගයේ ෆෝන් එකක් නේද?”

“ඔව් මිස්.”

“එහෙනම් මගෙ ෆෝන් එක තමයි. මම හෙට එන්නම් අරන් යන්න.”

“ හරි මිස්. අපි ෆෝන් එක අරන් තියන්නම්. මිස්ට මතකද ෆෝන් එක කොහෙද දාල ගිහින් තිබ්බේ කියලා?”

“මට මතක නෑනේ. මම හිතුවෙ ඔෆිස් එකේ දාලා ඇවිත් කියලා.”

“මිස් ෆෝන් එක දාලා ගිහින් තිබ්බෙ සුපර් මාර්කට් එකේ ෆ්රිජ් එකේ. ෆෝන් එක රිං වෙනකොට තමයි මෙහෙ වැඩ කරන කෙනෙක් හොයාගෙන තියෙන්නේ”

කොහොමද අක්කාගේ සිහිය?

පින්තූරේ ගත්තේ මෙතනින්

24 comments:

  1. මටත් ඔය දේම වෙලා තිබුනා හැබැයි ගෙදර ෆ්‍රිජ් එකේ. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. හි හි! ෆෝන් එක කූල් වෙලා තියෙන්න ඇති.

      Delete
  2. හොද වෙලාවට අක්ක ඒන ෆ්‍රිජ් එකේ දැම්මෙ නැත්තං වෙන කොහේ හරි දාගන්නවා

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක නැති වෙන්නේ නැතුව ලැබුණු එකත් ලොකු දෙයක් එයාගේ සිහියේ හැටියට.

      Delete
  3. Replies
    1. ඔව් ඔව්. එයා නම් නියම අක්කා කෙනෙක්. දවසක ළමයවත් කොහෙහරි දාලා එයි.

      Delete
  4. මටනං අතමක වෙන්නේ දත් මදින්න මුණ හෝදන්න...ලෙක්චර්ස් යන්න......ඒ වගේ ඒවා තමයි! :D

    ReplyDelete
    Replies
    1. ඔය ටික අමතක වෙන එකම මදැයි. :D

      Delete
  5. අඩේ අප්පේ අමතක වෙන එක වෙනම කතාවත්, ඒත් ෆෝන් එක ෆ්‍රිජ් එකේ දාන්න තරම් එයාගේ සිස්ටම් එක කොච්චර අවුල් වෙන්න ඇත්ද...

    ReplyDelete
    Replies
    1. සිස්ටම් එක නම් සෑහෙන්න අවුල්. එයාගේ තව රස කතා ගොඩයි.

      Delete
  6. මරු අක්කා.
    එයාට හැමදාම ඔහොම වෙනවද..?? :D :D :D

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට එයාට ඔහොම වෙනවා. පව් කියලත් හිතෙනව වෙලාවකට. :D

      Delete
  7. අනෙ අම්මපා කියලා වැඩක් නැ ... :P

    ReplyDelete
    Replies
    1. කියල නම් වැඩක් නෑ තමයි!

      Delete
  8. mata welawakata amathaka wenne ape amma kaden genna kiyana dewalin ekak dekak thamai..

    Niyama akka...
    Thaniyama nam podi ayawa eya ekka yawanna epa.. :D

    ReplyDelete
    Replies
    1. අපි මේ බයේ ඉන්නෙ කවදහරි එයා එයාගෙ ළමයව කොහෙහරි දාලා එයි කියලා.

      Delete
  9. හික්ස්... ෆෝන් එක වැඩ කරපු එකත් ලොකු දෙයක් ඉතින්..:D

    ReplyDelete
    Replies
    1. එයාගෙ ෆෝන් එක ඕවට ඔරොත්තු දෙනවා දැන්!

      Delete
  10. හික්ස්.. ෆෝන් එක තාම වැඩනම් හොදයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. ෆෝන් එක නම් වැඩ මම දන්න හැටියට. එයා ෆෝන් එකට සලකන විදිය නිසා ෆෝන් එක ඒවට ඔරොත්තු දෙනවා.

      Delete
  11. ෂුවර් එකටම නොකිය 1100 ෆෝන් එකක්. නැත්නම් ෆ්‍රිජ් එකේ දැම්මත් වැඩ කරන ෆෝන් තියෙ යෑ. අම්මෝ ඒ අක්කගේ සිහිය නම්....

    මටත් ඔය වගේ අමතක වීමේ ලෙඩේ තියෙනවා දර්ණුවටම. මට නම් අමතක වෙන්නේ කරන්න තියෙන වැඩ ටිකයි දෙන්න ඕන ණය ටිකයි විතරයි. :)

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකේ ජාතිය නම් මතක නෑ. එයාගේ තියන අමතක වීමට නම් හරියන්නෙ නොකියා 1100 එකක් තමයි.

      ඔය ටික අමතක වුණාම මදැයි අයියේ!

      Delete
  12. මරු අප්පා..... අපිටත් ඉතින් ඔය වගේ සුලු සුලු අමතක වීඹ් නම් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. අමතකවීම් නම් කාටත් වෙනවා. ඒත් මේ වගේ අමතකවීම් නම් වෙන්නෙ නැතුව ඇති.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......