Monday, December 24, 2012

පොරක් වන්නේ කෙසේද?


රෑ දවල් නිදි වැරුවෙමි                               
උසස් පෙළ ගොඩ දැම්මෙමි
කැම්පස් එකට ආවෙමි         
පොරක් වන්නට සිහින මැව්වෙමි

එහා ගමේ උන් අයියා
ගිය වසරේ යුනි ආවා
දැන් සින්නෙක්ය කීවා
නියම පොර ඌ මිතුරො කිව්වා

අනේ බුදු අයියේ
පොරක් වන්නට ඕනේ
කොහොමද එහෙම වෙන්නේ
කියාදෙන් මට අනේ අයියේ

ඔහු මදෙස බැලුවා
මද සිනාවක් නැගුවා
පොරක් වන්නේ මෙහෙමයි
මට තෙලක් බෙදුවා

මල්ලි මේ අහපන්
පොරක් වන්නට මෙහෙම කරපන්
බැචාලට පම්පෝරි ගහපන්
අඩි දෙකක් වත් උඩින් පලයන්

හෙන මීටරේ වගේ හිටපන්
වැඩ බැරි වුණත් එහෙම හිටපන්
අමුතු ප්‍රශ්න අහපන්
බර වචන දා කතා කරපන්

හැම වැඩකටම බොක්ක දීපන්
ඒ නැතත් ඒ වගේ හිටපන්
වාසියක් හෙම නැත්තම්
වැඩේ අල කරපන් 

පොරක් වන්නට නම් 
මේ වැඩ මෙහෙම කරපන් 
අනාගත්තෝතින් නම් 
කවුරුවත් නෑ හොඳට දැනගන් 

26 comments:

  1. අද කාලේ ගොඩ දෙනෙක් කරන්නේ ඔය දේ තමයි
    කෝරලේ වලව්ව

    ReplyDelete
  2. "අනාගත්තෝතින් නම්
    කවුරුවත් නෑ හොඳට දැනගන් "

    ඇත්ත කතාව.. අත්දැකීම් ඇත..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ඒ අත්දැකීම ඇති.

      Delete
  3. එහෙම කියලා හිතන් ඉන්න අයට මේක කියවන්න දෙන්න ඕනි.. සුබ නත්තලක් සිතූ..සුබම සුබ නව වසරක්!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභ නත්තලක්! සුභම සුභ නව වසරක්!

      Delete
  4. අනේ මන්ද මොනව කියන්නද.වැඩකට බැහැලම බලන්න ඕන ඉතින්. සුබ නව වසරක් ඔබට

    ReplyDelete
  5. onna ohoma thamai ada kale bahutharayakage thathwe..
    Kaiya witharai godak denekge..

    Katin bathala kola yayawal pitin hitawanne..

    Postuwa ela..
    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. කටින් බතල කොළ හිටවන්න නම් කාටත් බැරියැ නේද? හරියට වැඩක් කරන අය තමයි අඩු!
      ජය!

      Delete
  6. හ්ම්ම්...ඕනේ තරම් ඉන්නවා මේ වගේ උන්!

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. ඕනේ තරම් ඉන්නවා.

      Delete
  7. මරු.අනුගමනය කරලා බලන්න ඕනි :D
    එතකොට මම පොරියක් වේවි නේ..??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. අනුගමනය කරලා බලන්න.
      පොරියක් වෙන්න පුළුවන්.
      ඒත්
      "අනාගත්තෝතින් නම්
      කවුරුවත් නෑ හොඳට දැනගන්"

      Delete
  8. ඔවුනේ‍ අලේ බං
    උඹත් ඒමම කරපං
    මේ මල්ලි කිවුවොත්
    වරදින්නෙ නෑ දැනගං...:)))

    ReplyDelete
  9. කැම්පස් එකේ සමහරු දැක්කම උන්ට මාර පොරත්වයක් තියෙන්නේ කියලා හිතෙනවා.
    හෙහෙහෙ. හොඳයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ!
      පොරත්වය ගොඩක් අයගේ ඔලුවට ගහලා තියන එක තමයි වැඩේ.

      Delete
  10. පොරත්වය කියන්නෙත් ලෙඩක්ද මංද...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බැලුවොත් ලෙඩක් තමයි හිතූ.

      සාදරයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට!

      Delete
  11. හික්....මරු කවි ටික....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සමනළී!

      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට!

      Delete
  12. පොරවල් තමා පොරවල්.ඔය පොරවල්ලා දන්න දේකුත් නෑ නොදන්න කෙහෙල්මලකුත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි පොරවල් එපාම වෙන්නේ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......