Thursday, December 27, 2012

මගේ පොත්ගුල


අඳුරු කුටිවල පිරුණු පොත්පත්                     
සැඟව සිටිමින් කරයි එබිකම්
පාලුවෙන් පිරි මගේ ලෝකය
එකලු කරනට පැමිණි මිතුරන්
දිය යටින් ගිනි ගෙනියන
දිය රෙද්දෙන් ගෙල සිඳලන
මිතුරු වෙස් ගත්තවුන්
පිරි ලොවක
හද පත්ලෙන්ම එන
සැබෑ මිතුදම්
ගෙනා මිතුරන්
සපිරි ලෝකය
දැනුම්  සක්වල
නුඹ බලන්නට
මාස දෙකකුත් දවස් ගානක්
ආවෙ නැති බවක් මතකද
මැදින් මස මුල ඉඩක් ලද විට
ඉගිල එමි මම නුඹේ තුරුලට .....

පින්තූරය ගත්තේ මෙතැනින්.... 

24 comments:

  1. ඉඳල හිටල හරි ඇවිත් යන්නකෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව් ඇවිත් යන්න ඕනේ.

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම් එනකන් පෙර මං බලන් ඉන්නම් ....

    ReplyDelete
  3. පොත් කියන්නේ හොඳ මිතුරන්..
    ලස්සන අදහස !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!

      සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  4. මට මේ පිංතූරෙ දැක්කම මතක් වුනේ මගේ පොත් ටික..මේ වැගේම රැක් එකක් දාලා තියෙන්නෙ,තව පෙට්ටි 3ක් විතර තියනවා තියාගන්න තැනක් නැතුව

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි ශම්මියෝ. ගෙදර පොත් තියාගන්න ඉඩ නෑ මටත්.

      Delete
  5. මාත් මාසෙට පොත් දෙක ගානේ ගේන නිසා තියාගන්ඩ ඉඩක් නෑ. අපේ අම්මත් කියෝනවා මාත් කියෝනවා. තරගෙට කියවිල්ලක් නිසා පොත් ගොඩයි :)

    ReplyDelete
    Replies
    1. පොත් ගොඩක් තියනවනම් ඒවා කියවනවනම් හොඳයිනේ අයියේ. තියාගන්න ඉඩ නැති එක තමයි ප්‍රශ්නෙ.

      Delete
    2. ඒකනේ. මම ඒ හැම පොතක්ම දෙපාර දෙපාර කියෝලා තියෙනවා. ඒ තරමටම ඒ පොත් වලට ආසයි.
      බොළඳ නවකතා පොත් නම් ගේන්නේ නැතිම තරම්. :)

      Delete
    3. පොත් වල මගේ නම් තේරීමක් නැතිම තරම්. ඕනේම පොතක් කියවනවා.

      Delete
  6. පොත් කියන්නේ නම් හොද යාළුවෝ ටිකක් තමයි.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හොඳ යාළුවෝ ටිකක්...

      Delete
  7. මම නම් ගිහිපු කාලයක් මතක නැහැ...:D

    ReplyDelete
  8. ඉස්සර ස්කොලේ යන කාලේ ශිෂ්‍යාධාර වලින් අනිවා පොත් සෙට් එකක් ගන්නවා. ඒත් දැන් නම් ඒ වැඩේ කෙරෙනවා හොරයි

    ReplyDelete
    Replies
    1. කාර්යබහුල වෙනකොට පොත් වලින් නිකන්ම ඈත් වෙනවානේ.

      Delete
  9. මාස දෙකකුයි දවස් ගාණක් නොගියපු එක නම් හොද නෑ ඔන්න!

    ReplyDelete
  10. පොත් ගුල කොහොම උනත් ඔන්න මම නම් ආවේ අලුත් අවුරුද්දේ.සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක්!

      Delete
  11. අනේ සිතූ, මේ පාර මම ගෙදර ගියේ හැම තැනම විසිරිලා තියෙන මගේ පොත් ගුලටත් හොඳ නිවහනක් (කබ්ඩ් කීපයක්) අරන් දෙන්න ඕනෙ කියන දැඩි අදහසින් වුනත්, කරාගන්න බැරිව අනිත් අවුරුද්දට කල්දාපු තව දෙයක් වුනා අන්තිමේදි. :(

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා. ලබන අවුරුද්දෙ අනිවාර්යයෙන් අලුත් කබඩ් ගන්න ලැබෙයි! එතකල් පොත්ගුලේ පොත් ටික පරිස්සමට ඉඳීවි.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......