Sunday, December 9, 2012

මතකයන්......


කඳු මතින් සිනාසෙන සඳ තාම එළියයි ද
දොළ අයිනේ දඟ කරපු දණ්ඩි පැටවුන් කොහි ද
මැයි මාර ගහ තාම රතු මලින් පිරිලා ද
එදා අපි ඇවිද ගිය මල් පාර පාළුයි ද

හැන්දෑවෙ පාරුවෙන් එගොඩහට යනවා ද
නෙළුම් මල් මිටියකුත් අරගෙනම එනවා ද
පන්සලේ ඝන්ඨාරෙ හඬ තාම ඇහෙනව ද
බෝමළුව අමදින්න මං නැතුව බැහැ නේ ද

දැදුරු ඔය ඉස්මත්තෙ ගල් පඩිය පාළුයි ද
නොනවතින කිචිබිචිය නැති අඩුව දැනෙනව ද
ගතින් බොහො දුරස් මුත් හිත තාම මං ළඟ ද
ආදරය කියාදුන් ඒ දෑස මතකයි ද 


20 comments:

  1. මේ පද වැලේ තියෙන ආදරණිය බවත් එක්කනම් එයාට ඔයාව අමතක කරන්නම බෑ.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. මේක සිතුවිල්ලක් විතරයි..... :)

      Delete
  2. Replies
    1. සිතුවිල්ලක් පමණයි ඈ....

      Delete
  3. සිතුවිල්ලක් විතරක්ම වෙන්න නම් බෑ ඈ!

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් පමණිමලු ඈ....

      Delete
  4. මොකෝ එකපාරටම පරණ මතකයන් මතක් උනේ. එක්කෝ ලියුමක් හම්බ වෙලා එහෙම නැත්නම් සමරු සටහනක් තෑක්කක් වගේ දෙයක් අහු වෙලා. ආ නැද්ද හා ???

    ReplyDelete
    Replies
    1. හපොයි නෑ නෑ. මේක සිතුවිල්ලක්ම පමණක්මයි! :)

      Delete
  5. හ්ම්ම්ම්ම් සුන්දර මතක.....

    ReplyDelete
  6. හරිම ලස්සනයි සිතුවෝ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ශම්මියෝ!

      Delete
  7. Wow!
    මතක් වුනා මේක.
    Tell me does she kiss
    like I used to kiss you?
    Does it feel the same
    when she calls your name?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඩූඩ්! :)

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......