Tuesday, January 29, 2013

මේ දවස්වල



හිතේ නැති

පොතේ ඇති

කවදාවත්

අහපු නැති

ඉගෙනගත්තද

මතක නැති

සියලු දේ

පත අට එකට සිඳ

ගිල දමමි.



පින්තූරය මෙතැනින්.. 


Monday, January 14, 2013

නැළවිලි ගී



දැන් කාලේ හැමදේම වෙනස් වෙලා. ඉස්සර අම්මලා අපිව නැළෙව්වේ නැළවිලි ගී කියලා. දැන් හැමෝම උවමනාවටත් වඩා කාර්යබහුල වෙලා නිසා නැළවිලි ගී කියන්න වෙලාවක් නැහැ. ඊටත් වඩා නැළවිලි ගී දන්න අය අඩුයිනේ.

ඉතින් ඒ නිසා මේ නැළවිලි ගී ටික බ්ලොග් එකේ දාන්න හිතුවා. මේවා නම් කියලා දුන්නේ අපේ අම්මා. මේ නැළවිලි ගී ඇහෙන කොට නිතැතින්ම මම ආයෙත් පුංචි කාලෙට යනවා. 

කන්දක් ගිනි ඇවිළෙන්නේ
හැන්දක් කිරි බීපන්නේ
නැන්දත් නුඹ නළවන්නේ
නින්දක් නිදියාගනන්නේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
දුවේ නාඬ දොයියන්නා

අතට ගිගිරි  කොයින් පුතේ
ඉනට හවඩි කොයින් පුතේ
කනට තෝඩු කොයින් පුතේ
දැනට නිදා ගනින් පුතේ

පුතේ නුඹේ ලොකු අයියා
බසේ මියුරු තෙපළයියා
ලසේ නොවී දැන් එයියා
දුවේ නාඬ දොයි දොයියා

හැලප කන්න ගිහින් පුතේ
තලප කන්න වුණා පුතේ
ඒවා කාලාද පුතේ
දැනට නිදා ගනින් පුතේ



 ප. ලි : මේ කවි පන්තියේ තවත් කවි තියනවලු. දන්න කෙකෙන් ඉන්නවනම් පහළින් කමෙන්ට් එකක් විදියට දාන්න. :)

Sunday, January 13, 2013

වෙනස

එදා.............

දන්නවද,
මේ හැම වැඩකටම 
එයාලා තමයි උදව් කළේ .
මට කවදාවත් තනි වෙන්න දුන්නේ නෑ 
මට බය වෙන්න දෙයක් නෑ.
මාත් එක්ක අපායට යන්න වුණත් එයාලා ඉන්නවා. 

අද............... 

මෙහෙම හරියන්නේ නෑ 
උන් එක්ක හිටියොත් 
අපිත් වලේ තමයි 
උන්ව අතෑරලා දාලා 
අපි අපේ ගමන යමු.. 
උන්ට ඕනෙ දෙයක් වෙච්චදෙන්! 

තමන් හිසට තම අතමය සෙවණැල්ල!