Wednesday, March 13, 2013

මොහොතක සැනසුමක්


අපි හැමෝටම නරක දවස් එනවා. නරක කාල ගැන නෙමෙයි මේ කියන්නේ. සමහර දවස් හරිම අපලයි. හරියට මේ අද වගේ. කරන කිසිම දෙයක් හරි නොයන දවස්. පටන් ගත්ත හැම දෙයක්ම වරදිනවා. මේ හැම දවසක්ම ඒ වගේ. කෙළවරක් නැති රස්නෙ. එළියට බැස්සාම පිච්චිලා යන තරම් අව්ව. කරන කිසිම දෙයක් හිතල මතල කෙරෙන්නේ නෑ. කරන්ට් කැපිලි, වතුර කැපිලි. එකක් ඉවර වෙනකොට තව එකක්.


මේ වගේ අමාරු දවස් ගත වෙන්නේ හරිම හෙමින්. ඒ මදිවට වියදම්? ඉස්සර රුපියල් 100කින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද. ඒකට දැන්. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඉවරයි. මොනව කරන්නද ඉතින්? මේ අවුරුද්දෙ වැරැද්දක් ද මන්දා. එහෙම නැත්තම් නැති ප්‍රශ්න හදාගෙන විහින් දුක් වෙන මගේ පුරුද්දද මන්දා මට මේ හැටි වද දෙන්නේ.


පුංචි දේකට පුළුවන් මුළු දවසක්ම නැති නාස්ති කරලා දාන්න. උදේ පාන්දර බස් කොන්දොස්තරගෙන් අහන්න වෙන බැනුමක්, රේස් යන බස් එකක් නිසා බහින්න ඕනෙ තැනට වඩා හෝල්ට් දෙක තුනක් පහුවෙලා බහින්න වෙන එක. මේ වගේ දෙයක් උදේම වුණාම කොහොමට හිටියිද මුළු දවසම? කඩේකට බඩුවක් ගන්න ගියාම කඩේ මුදලාලිගෙන් අශෝබන විහිළු. මේවා දරාගන්න පුළුවන්ද. රජයේ ආයතනයකින් වැඩක් කරවගන්න ගියාම වෙන රස්තියාදුව නම් ඉතින් විස්තර කරන්න ඕනේ නෑනේ. අපි හැමෝම වැඩ රාජකාරි දාහක් තියන මිනිස්සු. ඉවරයක් නැති ප්‍රශ්න වලින් ඔලු පුරෝගෙන දුක් විඳින මිනිස්සු. මෙහෙම පීඩාවට පත්වෙන දවස් තනිකරම ජීවිතේ එපා කරවනවා.


මෙහෙම ගෙවෙන දවස් සහමුලින්ම වෙනස් කරන්න පුළුවන් හරිම පුංචි දේවල් වලට. හදිසියේ මුණගැහෙන පැරණි පාසල් මිතුරියක්. ඉස්කෝලෙදි වැඩිය කතා බහ නොකළට එහෙම හදිසියේම මුණගැහිලා කතා කළාම ලැබෙන සතුට! බස් එකේදි හරියට ඉතුරු සල්ලි ලැබෙන එක. රුපියල් නමයේ ගාස්තුවට රුපියල් දහයක් දුන්නාම ඉතුරු රුපියල හම්බවෙන එකත් සතුටු වෙන්න පුළුවන් දෙයක් නේ මේ දවස් වල.


මානසික පීඩාවෙන් පිරුණු මේ වගේ දවසකට නන්නාඳුනන කෙනෙක්ගෙන් ලැබෙන අවංක හිනාවකින් කියන්න බැරි තරම් වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස අත් විඳලම බලන්න ඕනේ. මගතොටදි දකින අයත් එක්ක අවංකව මොහොතක් හිනාවෙන්න. ඒක විඩාවෙන් පිරුණු ජීවිත වලට මොහොතක හරි සැනසීමක් ගෙනේවි.

23 comments:

  1. මමත් රස්සාවකට යනවා බස් ගමන තමයි එපා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. බස් ගමන නම් එපාම වෙනවා වෙලාවකට. විශේෂයෙන්ම දුර ගමන් සේවා බස්!

      Delete
  2. උදේ පාන්දරම බලන්න හොඳ පෝස්ට් එකක් හිතූ .
    …ලස්සන හිනාවකට , එක වචනයකට පුලුවන් දවසම සුන්දර කරන්න. තමන්ගේ හිත පිරිසිදු නම් නිතැනින්ම මේ දේවල් වෙනවා :)

    ReplyDelete
    Replies
    1. හයියෝ.....මම කියන්න ආව එක් මෙන්න මෙයා කියලා... :(

      Delete
    2. ස්තූතියි ගිම් අක්කේ. තමන්ගේ හිත පිරිසිදු නම් අනිත් අයගේ දවසත් ලස්සන කරන්න පුළුවන්.

      ශම්මි: ඇයි දැන් මොනවත් ලියන්නේ නැත්තේ?

      Delete
  3. apoi ow ude yaddi bus ekedi avul deyak unoth davasama ajai ekanam sahathika aththa :/

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් තියනවා වගේ. :)

      Delete
  4. ඇත්තනේ දවසේ මෙහෙවර එක්ක ඔට්ටු වෙන වෙලාවේ පුංචිම කමෙන්ටුවක් වුණත් මට මහ මෙරක් වගේ සුවයක් හිතට ගෙනෙනවා.. ඔබටත් එසේ ම ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්. බ්ලොග් එක නිසා මානසික ආතතිය ගොඩක් අඩු වෙනවා.

      Delete
  5. මටත් තියෙනවා ඔයවගේ small awesome things ලැයිස්තුවක්ම.

    ReplyDelete
    Replies
    1. මටත් තියනවා. ඒවා කවුරුවත් නොහිතන දේවල්.

      Delete
  6. සිනාවකින් සංග්‍රහ කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.... ඒත් උදේට මිනිස්සු දඩි බිඩි ගාලා කලබලේට දුවනකොට හිනාව ඉබේම අමතක වෙලා. අදුරන කෙනෙක් හිටියත් දකින්නේ නැති තරම්....

    ReplyDelete
    Replies
    1. හැමෝටම පුදුම හදිස්සියක්. ඒත් අන්තිමට බලනකොට ජීවිතේ ගොඩක් හොඳ දේවල් මඟ හැරිලා.

      Delete
  7. සිනහව කියන දේ වටිනාකම දැනෙන්නේ ඒ හිනාව දකින මනුස්සයට..

    ReplyDelete
    Replies
    1. අවංක හිනාවක් කොච්චර වටිනවද?

      Delete
  8. සමහර දවස් ලොවෙත් නැති අජපල් දවස් විදිහට හිටිනවා. ඒත් සමහර දවස් තියනවා බඹරේ වැල්ලේ කැරකුවත් කැරකෙන දවස්..හැම මනුස්සය එක්කම හිනා වුනාට අපි හිනාවෙන හැම මනුස්සයම අපිට හිනා වෙන්නේ නෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. අපිට හිනාවුණත් සමහරවිට ඒ සමච්චලේට වෙන්න පුළුවන්. හිත කියවන්න පුළුවන් නම් හොඳයි නේ?

      Delete
  9. හ්ම්ම්ම් කතාව නම් සහතික ඇත්ත.....

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. කාලෙකින් නේද මේ පැත්තේ ආවේ?

      Delete
  10. මට නම් දවස් එච්චර වෙනස් කියලා දැනෙන්නේ නැත්තේ දැං ගෙදර ඉන්න නිසා.. ඒත් ඉස්සර නම් ඕක ඔහොමම තමයි... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට අක්කේ. බස් ගමන ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ.

      Delete
  11. අදමයි ආවෙ ..සිතූගෙ සිතුවිලි ලස්සනයි වගෙ
    සහතික ඇත්ත කිව්වෙ සිතූ..ගතටත් වඩා හිත විඩාපත් උනාම නොහිතන් පුංචි දේකට පුලුවන් හිත හදන්න .

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා!

      ඔව්. අපි නොහිතන පුංචි දෙයක් නිසා ගතෙයි හිතෙයි විඩාව නැත්තටම නැති වෙන්න පුළුවන්.

      ඉඩ ලැබුණු වෙලාවක ආයෙමත් එන්න.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......