Wednesday, March 27, 2013

මතක නැති මතක


176 බස් එක. නුගේගොඩට යනකොටත් නුගේගොඩ ඉඳන් එනකොටත් සෙනග පිරිලා හොඳටම. පන්ති ඇරුනා විතරයි. නුගේගොඩ ටවුන් එකම එකපාරටම ඔළු ගොඩකින් වැහිලා ගිහින්. යන්තම් පන්තියෙන් එළියට පැනගත්තා කියමුකෝ. මේ කට්ට අව්වට මොකද අරන්නේ? බෑග් එකේ තියන කුඩේ එළියට ගන්නත් කම්මැලියි. ඔන්න ඔහෙ අව්වෙම යනවා. තව කොහෙ කළු වෙන්නද?

ඔන්න යන්තම් බස් හෝල්ට් එකට ආවා. කෝ ඉතින් බස් එකක්? පානදුර බසුයි, බත්තරමුල්ල බසුයි ඕනේ තරම්. හැත්තෑ හයක් නෑනේ. දැන් මේ අව්වේ බස් එකක් එනකම් ඉන්නත් එපැයි.

ඇති යන්තම්. අර බස් එකක් නේද එන්නේ?
බස් එක ආවා. ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු සත්තුවත්තේ යන්නේ ඉරිදටද කොහෙද? පුදුම සෙනගක් බස් එකේ.

බස් එකට නැග්ග වෙලාවේ ඉඳන් මගේ හිතේ වැඩ කරන්නේ එකම එක දෙයයි. ඕපන් යුනි එක ගාවින් මේ බස් එක මොන පාලමේ යයිද? මගේ එකම බලාපොරොත්තුව මේ බස් එක අර ඩක ඩක ගාන පරණ පාලම උඩින් යයි කියන එක.

ඒ පාලම උඩින් බස් එක යනකොට මට හිතෙන්නේ හරියට රෝලර් කෝස්ටර් එකක යනවා වගේ. හැබැයි ඒ බස් එක හදිස්සියේ වත් අලුත් පාලම උඩින් ගියොත් ඉවරයි. බස් එකෙන් බහින කම් මම කරන්නේ බස් ඩ්‍රයිවර් ට බනින එක. 

මහ වැඩකට නැති බස් එකක්. ආයේ ජීවිතේට ඒ බස් එකේ නම් යන්නේ නෑ. ඔන්න ඔහොම බැන බැන තමයි මම එන්නේ.

අදටත් ඒ පරණ පාලම උඩින් බස් එකේ යන එක මම කැමතිම වැඩක්. ඒත් ඒ ඇයි කියලා කවුරුහරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මගේ ළඟ නෑ.ඒ පාලමත් එක්ක බැඳුන විශේෂ මතකයක් වත් නැතුව මම ඒ පරණ පාලම උඩින් බස් එකේ යන්න ප්‍රිය කරන එක හරිම අමුතු දෙයක්.

කවදාවත් ගිහින් නැති තැනකට ගියාම පුරුදුයි වගේ දැනෙන්නේ ඇයි? කලින් ඇවිත් තියනවා වගේ දැනෙන්නේ ඇයි?

සමහර වෙලාවට වෙන දේවල් මීට කලින් හරියටම මේ විදියටම වෙලා තියනවා කියලා දැනෙන්නේ ඇයි?

අපිට තේරුම් ගන්න බැරි දේවල් මේ ලෝකේ කොච්චර සිද්ධ වෙනවද?

පින්තූරය ගත්තේ මෙතනින්.

35 comments:

  1. ඔව් එක ඇත්ත.හුරු බව දැනේන එක ස්වභාවිකයි.මටත් එහෙම දැනිලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් නුපුරුදු තැනකට ගියාමත් සමහර වෙලාවට එහෙම දැනෙනවා අක්කේ.

      Delete
  2. ඔව් සමහර අපේ ප්‍රියතාවයන් තේරුම් ගැනීමත් තේරුම් කර දීමත් බොහෝම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කරන්න ගියාම ලොකු අපහසුතාවයකට පත් වෙනවා සමහර වෙලාවට.

      Delete
  3. සිරා කතාව...මටත් හිතෙනවා ඔහොම
    මේ වගේඑකක් සුදීක අයියත් ලියලා තිබ්බා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජතුමාට හිතුනේ නැත්තම් නේ පුදුමේ.

      ඒ පෝස්ට් එකත් බලන්නම්.

      එසේම වේවා!!

      Delete
  4. ගිය ආත්මෙක මතකයක් වෙන්න පුලුවන්, සමහර අය දැක්කම අපිට ලොකු ලෙන්ගතු කමක් දැනෙනවා, සමහර තැන් දැක්කම සුපුරුදු බවක් දැනේනවා, ඒත් ඒ අය/තැන් අපි කවදාවත් දැකලා නෑ. මුහුද දැක්කම මට මාර සතුටුයි මුහුදේ නාන්නේ නැතුව මට මාසයක් ඉන්න බෑ සමහර විට මම ගිය ආත්මේ මාලුවෙක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ගිය ආත්මෙක මතකයන් වෙන්න පුළුවන් කතාව මමත් අහලා තියනවා. මාලුවෙක්? ඒකත් නරකම නෑ නේ.

      මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉඩක් ලැබුනොත් ආයෙමත් එන්න.

      Delete
  5. මට මතක් වුනේ අපේ බ්ලොග් යෙහෙළියක් පාරේ තිබ්බ බුරුල් වෙච්ච මෑන් හෝල් කවරයක් උඩින් වාහන යනකොට ඇතිවෙන විවිධ සද්ද කලින් ගෙස් කරන්න පුරුදු වෙලා හිටපු එක. පස්සෙ ඒක හැදුවාම එයාට හරිම පාලුවක් දැනුනලු.

    ReplyDelete
    Replies
    1. සිතූ, මගේ කමෙන්ට් එකට ඔයා මොකක්ද කිව්වෙ කියලා දැනගන්න මේක ඇරගෙන හිටියත් දැන් මගේ බ්‍රව්සර් එකේ ටැබ් හැට හුටහමාරක් ඇරිලා තියෙන නිසා දැන් ලෝඩ් වෙන්නත් හොර හන්දා වහලා දානවා.

      මේකට (මේවට) උත්තර දුන්නාම ඔයා ඊ මේල් එකක් එවනවද නැතිනම් පෝස්ට් එකක් දානවද ඔන්න තොපිට උත්තර දුන්නෝ කියලා? :D

      Delete
    2. අනේ සමාවෙන්න ඩූඩ්. කමෙන්ට් වලට උත්තර දෙන්න ටිකක් පරක්කු වුණා. ඔය කියන්නෙ සිත්තමී අක්කගෙ පෝස්ට් එකක් ගැන නේද? අනේ ඩූඩ් පුළුවන්නම් තරහ නැතුව ඒ බ්ලොග් එකේ ලින්ක් එකක් එවනවද?

      ඒ පාලම කවදහරි හැදුවොත් මටත් එතනින් යන එකත් එපා වෙයි. ඒක නිකන් emotional attachment එකක් වගේ. ඒක නිකන් හරියට කොච්චර උත්සහ කළත් පැහැදිලි කරන්න බැරි දෙයක් වගේ.

      Delete
    3. සිතූ, ඔය මම කරන පොඩි විහිළු වලට හිත රිද්දගන්න එපා.
      අරක මට මේ වෙලාවේ මතක් වෙන්නෙ නෑ. මම මතක් වෙච්ච ගමන් ලින්ක් එක හොයලා කමෙන්ට් එකක් දාන්නම්. මට මතක ඒක ජනනි හංසකිංකිණි කිව්ව කතාවක් වගේ.

      Delete
    4. හිත රිද්දගත්තේ නැහැ ඩූඩ්!
      ඒක ජනනි අක්කාගේ බ්ලොග් එකේද තිබුණේ? මම ඒ පැත්තේ ගිහින් බලන්නම් එහෙනම්.

      Delete
    5. ඒ බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නෑ නොවැ. ඩයලොග් උන්නැහේගේ අවුලක්ද කොහෙද?

      Delete
    6. කනෙක්ෂන් ස්ලෝම උනාම වර්ඩ්ප්‍රෙස් බ්ලොග් ලෝඩ් වෙනවා හොරයි. වෙන වෙලාවක බලන්න. මේ ලින්ක් එක වැඩ. මම මේ දැනුත් බැලුවා.

      සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:
      2013 ජනවාරි 9 දින පෙ.ව. 9:46 ට

      ඔන්න මේ ලියමනනං පපුව හිර කරගන්නෙ නැතුව කියෙව්වා. නැත්තං පහුගිය ටිකේ එක දිග..ටම අක්කා ලියපුවා කියවලා මට මහා දුකක් දැනුණේ. ඒ ඔයාගේ හිත, හැඟීම් එහෙමම අකුරු වලට හරවන්න ඔයා දක්ෂ නිසා අක්කේ. ඔයාට එහෙම ඒවා ලියන්න එපා කියන්නෙ නෑ, ඒත් වැඩිපුර මේ වගේ ඒවා ලියන්න.

      බත් පිඟානෙ ආස කෑම ටික අන්තිමට ඉතුරු කරගෙන රස කර කර කන පුරුද්ද මටත් තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම, තාමත් ඒක එහෙමමයි. මම කෑම කන්නෙ මගේම පිළිවෙලකට. ඉතිං මහා සභාවක් මැද්දේ කන්න ගියහම මට මළ වදේ. මොකද මේ ළමයා පරිප්පුයි බතුයි විතරක් කන්නේ කියලා ඔන්න ඉතිං අර අමාරුවෙන් කාලා කාලා ඉවර කරගත්තු බෝංචියි, වැටකොළුයි, කොහිලයි, අරවයි මේවයි ආයෙත් ගෙනල්ලා බෙදනවා. හපොයි! මගෙ පාඩුවේ කන්න දෙන්නෙම නෑ. ඉස්සර මං බිත්තර කන කාලේ මං ඒක කෑවෙත් ඔය අක්කා කියපු විදිහටමයි. ඇයි තව රෝල්ස්, පැටිස් වගේ ජාති කනකොට. ඒකේ රහ ඉතිං අර බැදිච්ච හරියනේ. මට ඉතිං ඕක අර එක කටට හපලා දාන්න ලෝබයි. ගෙදරදිනං මං කරන්නෙ හොඳට හරිබරි ගැහිලා පිඟානක් උඩට ඕක වඩම්මලා ඒක දිග ඇරගෙන, මුලින් මැද්දෙ ටික කාලා පස්සෙ හෙමින් හෙමින් වටේ ටික කන්නේ. ඒත් ඉතිං ගෙදර සෙල්ලං පිටදි බෑනේ. ඒ නිසා බොහොම දුකෙන් ශීලාචාර විදිහට කනවා එළියෙදි ඕකක් කන කොට.

      හැබැයි ඉතිං ඔය ‘රස කෑම අන්තිමට’ පිළිවෙලනං පොඩ්ඩක් එහා මෙහා වෙනවා ලෙමන් පෆ් බිස්කට් එකක් එහෙම හම්බුනාම.

      නිදාගන්නකොට පොරවගන්නනං මට ඕනෙ වෙන්නේ වැස්ස දාටයි, සීතල තදින් දැනිච්ච දාටයි විතරයි.

      මට තව පුරුද්දක් තියෙනවා හැම දාම යන එන ගමන් වලදි දකින මොනවා හරි දෙයක් හරි දකින කෙනෙක් හරි මගේ මතකේ රැඳුනොත් මට ඒ කෙනාව හරි, ඒ දේ හරි හැමදාම දකින්න ඕනේ. නැත්තං හිතට හරි පාළුයි. අර මං කළින් දවසකත් කිව්ව සෝමෙ ආච්චි අන්න ඒ වගේ කෙනෙක්. අම්මලාගෙ ගෙදර ඉඳන් බස් හෝල්ට් එකට යන අතරෙදී එයාව දැක්කෙ නැත්තං එදාට මට හරි පාළුයි. තව හෝල්ට් එකට ගිහිල්ලා බස් එක එනකල් බලං ඉන්නකල් එතන ඉස්සරහා තියෙනවා අර ‘මෑන් හෝල්’ එකක්. ඕකේ පියන ටිකක් බුරුල්. ඉතිං ඕක උඩින් වාහන යන කොට ඩාං ඩාං ගාලා සද්දෙ එනවා. ලොකු වාහන යද්දි ලොකු සද්දයක්. පොඩි වාහන යද්දි පොඩි සද්දයක්. පියන මැද්දෙන් වාහනේ ගියොත් එක සද්දයක්. පියනේ අයිනෙන් වාහනේ ගියොත් තව සද්දයක්. ඉතිං බස් එක එනකල් මං ඕක දිහා බලාගත්තු ගමන්මයි ඉන්නේ. වාහනයක් ඒකට කිට්ටු වෙනකොටම මං හිතෙන් හිතනවා ඔන්න මේකෙන් එන්න ඕනේ මේ වගේ සද්දයක් කියලා. හරි ගියොත් මට හරි සතුටුයි. ඒක මගේ පුංචි සෙල්ලමක්. ඒත් අනේ දැං ඒ සෙල්ලම නැවතිලා. ඒ පියන දැන් හදලා. දැං ඒක උඩින් වාහනයක් ගියාට ඒ සද්දෙ ඇහෙන්නෙ නෑ. බස් හෝල්ට් එකේ ඉන්නකොට දැන් මට හරි පාළුයි.
      පිළිතුරු සැපයීම

      Delete
    7. හරිම රසවත් කමෙන්ට් එකක් ඩූඩ්. බොහෝම ස්තූතියි ඒ කමෙන්ට් එක මෙතන ගෙනත් ඇලෙව්වට.

      Delete
    8. ඩූඩ් අයියටයි සිතුවිලි සිතූටයි දෙන්නටම ගොඩක් ස්තූතියි. :)

      Delete
    9. ඔයාටත් ගොඩක් ස්තූතියි සිත්තමී අක්කේ මේ පැත්තේ ආවට. :)

      Delete
  6. ඔව්, එ වගේ දේවල් හැමෝටම ඇති. හරියට මොනතරම් බස් තිබුණත් මම කෝච්චියේ යන්න කැමතියි වගේ. සමහර දවස්වලට අතරමඟ කෝච්චිය කැඩිලා පැය ගණන් තපිනවා, ඒත් පහුවදාත් යන්නෙ ඒකෙමයි....

    ReplyDelete
    Replies
    1. මමත් කෝච්චියේ යන්න කැමතියි. ඒ නම් මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් ගිහින් පුරුදු වෙලා. බස් එකේ යනකොට අමාරුයි නේ. කෝච්චියේ වගේ නෙවෙයි.

      Delete
  7. ඔහොම ප්‍රශ්නයක් සුදීක අයියටත් තිබුනා...මම හිතන්නේ අපේ යටිහිතේ ඇඳිලා තියන දෙයක්, මතකයක් හින්දා ඒවගේ පුරුදු ගතියක් දැනෙනවා කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ගිය ආත්මෙක මතකයක් වෙන්නත් පුළුවන් නේ. හීන වල පේනවා වගේ.

      Delete
  8. කෝ මැට්ටියේ මගේ ක්මෙන්ට් එක?? :O

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එක?? මම ස්පෑම් වලත් බැලුවා. කොහෙවත් නෑනේ.

      Delete
    2. :O වෙන්න බෑනේ අනේ..

      Delete
    3. අනේ මම හැම තැනම බැලුවා ශම්මියෝ. බ්ලොගර් තුමා ගිලලද මන්දා කමෙන්ට් එක.

      Delete
  9. මතක....පෙර භවයන්වල මතකත් සංසාරෙ පුරා අපි පස්සෙ පන්නනවනෙ.ඔය තේරුම් ගන්න බැරි දේවලට තමයි බුදුහාමුදුරුවො පුනර්භවයෙන් උත්තර දීල තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව්. අපිට තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් වලට බුද්ධාගමේ උත්තර තියෙනවා තමයි.

      නංගිව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. ඉඩක් ලැබුණොත් ආයෙමත් එන්න.

      Delete
  10. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  11. "කලින් ඇවිත් තියනවා වගේ දැනෙන්නේ ඇයි?

    සමහර වෙලාවට වෙන දේවල් මීට කලින් හරියටම මේ විදියටම වෙලා තියනවා කියලා දැනෙන්නේ ඇයි?"

    ඕක ලෙඩක් වෙන්ටැ...

    සුභ අළුත් අවුරුද්දක් සිතූ...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! මටත් හිතෙනවා වෙලාවකට ලෙඩක් වත්ද කියලා.. ඒත් ගොඩක් අයට මේ ලෙඩේ තියන එකයි අවුල...

      Delete
    2. කෝකටත් හොයල බැළුවනම්.... ^_^

      Delete
    3. හා එහෙනම් හොයලා බලන්නම්කෝ...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......