Monday, May 27, 2013

පොඩ්ඩොන්ගේ කතා 2

මේකත් පොඩ්ඩෙක්ගේ කතාවක්. එයා මේක කිව්වේ නොදන්නාකමට. ඒත් ඉතින් ඔයාලත් එක්ක
බෙදාගන්න හිතුනා.

විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාවෙන් කිසිම ආගමකට හෝ කිසිම කෙනෙක්ට අපහාසයක් සිදු කිරීමට අදහස් නොකරන බව. අනිත් එක තමයි මේ සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක්. 

වෙසක් කාලේ ඉතින් ගොඩක් අය වෙසක් බලන්න යනවනේ. ඉතින් පොඩි අයට මෙහෙම කොච්චර ඇවිද්දත් මදි. එයාලට ඕනේ කොහොමහරි තව ටිකක් ඇවිදින්න. 

ඔන්න ඉතින් මගේ යාළුවෙක් එයාගේ නෑදෑ වෙන පොඩ්ඩෝ දෙන්නෙක් එක්ක වෙසක් බලන්න ගිහින්. ගොඩක් රෑ වෙනකම් ඇවිදලා තොරන්, කූඩු එහෙම බැලුවත් ගෙදර එද්දි මේ දෙන්නට ගමන මදිලු. දෙන්නම ගෙදර කිට්ටු වෙද්දි මූණ ඇඹුල් කරන් ඉන්නවලු. 

ඉතින් යාළුවා මේ දෙන්නව සනසන්න හිතාගෙන කිව්වලු "ඊළඟ මාසෙ පොසොන් එනවනෙ. පොසොන් එකටත් මේ වගේම කූඩු බලන්න යමු" කියලා. 

ඔන්න එතකොට පොඩි එකා අහපි පොසොන් කියන්නේ මොකද්ද කියලා. 

ඉතින් මගේ යාළුවත් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුද්ධාගම ගෙනාපු හැටි පොඩි එකාට තේරෙන විදියට කතාවක් වගේ කියලා දුන්නලු. දේවානම්පියතිස්ස රජතුමා මුවෙක් අල්ලන්න ගිය හැටියි මිහින්තලේදි මිහිඳු හාමුදුරුවො මුණගැහුණු හැටියි කියලා දුන්නලු. 

කතාව බොහොම සාවධානව අහන් හිටපු පොඩ්ඩා අන්තිමේට අහනවලු,

"ඉතින් එයාලා මේ අවුරුද්දෙත් එනවද කියලා... "

30 comments:

  1. ඉතිං දැං බිපංකො පොල් කිරි.. අන්න නියම පොඩි එවුන්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ. එයාලටත් අහන්න මාර දේවල් තියෙන්නේ..

      Delete
  2. යාළුවා දරැවන්ට තේරෙන විදිහට කියල දීල නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් වෙන්න පුළුවන්.

      Delete
  3. පොඩි උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක ලේසි නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරවිට එයාලා අපි නොදකින පැති දකිනවා.

      Delete
  4. සිතූ, මම ඊයේ දාපු කමෙන්ට් එක ස්පෑම් එකේද බලන්න තරහ නැතුව.

    ReplyDelete
    Replies
    1. මම ස්පෑම් එකේ බැලුවා ඩූඩ්. කමෙන්ට් එක තිබ්බේ නෑ.

      Delete
    2. මම ලිව්වේ මෙහෙම එකක්.

      අම්මා කණ්නාඩියෙන් බලගෙන මේකප් දානවා. පොඩි එකා බලාගෙන ඉන්නවා.
      අම්මා මූණ පුරාම ගානවා ක්‍රීම් එකක්.
      "ඔය මොකද අම්මේ කරන්නේ?"
      "මේ ෆේෂල් ක්‍රීම් එකක් පුතා."
      "ඉතින් මොකටද ඕක ගාන්නේ?
      "ලස්සන වෙන්නනේ පුතා."
      ටිකකින් අම්මා ටිෂූ එකක් අරන් ක්‍රීම් පිහදානවා.
      "ඇයි අම්මේ ලස්සන වෙන වැඩේ හරියන්නේ නැද්ද?

      Delete
    3. ඔන්න ඕකයි දැම්මේ.
      බලමු මේකත් ස්පෑම් වෙයිද කියලා.

      Delete
    4. අඩේ ඔන්න ඒකත් ස්පෑම් වෙලා, ඒක දැම්මේ Name URL එකෙන්. දැන් ඊට පස්සෙ දාපු එක තියෙනවා. මාර වැඩක්නේ මේක. :)

      Delete
    5. වැඩ ටිකක් වැඩි නිසා මේ පැත්තේ එන්න බැරි වුණා ඩූඩ්. ඔන්න කමෙන්ට් එක ස්පෑම් වල තිබිලා හොයාගත්තා.

      පොඩි අයගේ කතා ගැන නම් කියලා වැඩක් නෑ ඩූඩ්. එක වචනයක් ඇති එයාලට.

      Delete
    6. හි හි....

      අම්මට මොනා හිතෙන්න ඇතිද නේද? මුණ කපාගෙන මැරෙන්න?? හිකිස්..

      Delete
    7. අම්මා ඊට පස්සේ ක්‍රීම් ගාන වැඩේ අතෑරලා දාන්න ඇති.

      Delete
  5. Anna poddo nam poddo..
    Ada ude train 1e dith podi ekek oya wage ela kathaawak kiwwa :-)

    ReplyDelete
    Replies
    1. අපොයි පොඩි උන් කියන කතා නම් අහන්න වටිනවා.

      Delete
  6. අම්මෝ පොඩි උන් එක්ක ඔලුව ගහලා ඉන්න එක හරිම අමාරුයි

    ReplyDelete
    Replies
    1. ඔව් කියන කතා වලට උත්තර දීලා ඉවරයක් නෑ.

      Delete
  7. අම්මපා මෙහෙමත් පොඩි උන්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අහන ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්න බැරි.

      Delete
  8. මුන් එක්ක කතා කරනවට වඩා හොදයි, බෙල්ලෙ ගලක් බැදන් අතේ වහ කුප්පියක් තියන් දන්සැලක් වදිනවා :/

    ReplyDelete
    Replies
    1. බෙල්ලෙ ගලක් බැදන් අතේ වහ කුප්පියක් තියන් දන්සැලක් වදිනවා

      මේ මොකද අප්පේ මේ?

      Delete
  9. හපෝ.. ආයි නම් එයාල මෙහේ පස් පාගන්නෙ නෑ කොහොමත්.. පෝය දවසට කරන විකාර දැක්ක නම් මිහිඳු හාමුදුරුවො දුක් වෙයි ආවටත්

    ReplyDelete
    Replies
    1. ඔව් යසිත් ආයේ නම් මිහිඳු හාමුදුරුවෝ වඩින එකක් නැහැ. පෝය කියන එකත් සැණකෙළියක් වෙලානේ.

      Delete
  10. ඉතින් ඇත්තනෙ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත නම් තමයි ඉතින්...

      Delete
  11. දීපු උත්තරෙත් මොකක්ද කිව්වනං...

    ReplyDelete
    Replies
    1. උත්තරයක් දෙන්නවත් හිතාගන්න බැරි වෙලා....

      Delete
  12. පොඩි ලමයිගෙ කතා නම් පුදුමාකාරයි.මන් ඇස් දෙකට දැකපු සිද්ධියක් මේ.අකුරු කියවන නැකතට කියවන කෙනා "අ"යන්න පෙන්වලා කෝ පුතේ අයන්න කියන්න කීවම පොඩි එකා පැනපු ගමන් කීවනෙ "ඔය තියෙන්නෙ මම කෑවය" කියලා.

    ReplyDelete
    Replies
    1. :D ඔව් දැන් පොඩි ළමයි අපිට හිතාගන්නවත් බැරි උත්තර දෙන්නේ....

      ස්තූතියි මේ පැත්තේ ආවට...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......