Saturday, May 18, 2013

ඇගේ කවිය

සිනිදු මල් පෙති 
අතුළ යහනක 
නිදා සිටි ඈ 
දුටුව සිහිනෙක 
සුදු අසෙකු පිට නැගි 
කුමරු පැමිණෙයි 
නැගී සිටි ඈ 
සුවඳ කැවූ කොළයක 
පාකර් පෑනකින් 
ලියා තැබුවා කවියක්..... 


රළ බිඳෙන හඬ 
ඇසෙන වෙරළක 
ගල් බාගයක් 
කඩල ගොට්ටක් 
සමග තනිවූ 
ඔහු 
සිගරට් පැකට්ටුවක 
පිටුපස 
අහුලාගත් පැන්සල් කොටයකින් 
ලිව්වා 
එයට පිළිතුරු කවියක්......

22 comments:

  1. පිළිතුරු කවියත් දෙනව නේ...ද

    ReplyDelete
    Replies
    1. ඇය ලියපු කවියයි ඔහු ලියපු කවියයි වෙනම පෝස්ට් එකක දාන්නම්.

      Delete
  2. සමාජ ස්ථර දෙකක් අතර ඇති වෙනස.....

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් හැඟීම් සමානයි.

      Delete
  3. එහෙනං හේතුව ගල් ....
    මොන බොරුද අනේ

    ReplyDelete
  4. කෝ ඉතින් පිළිතුරු කවිය..
    තවම ගල්පර අතරෙ හැපෙනවද??
    නැත්නම්..
    නුඹේ හිත් පතුළ යට
    තවම නින්නාද නැගෙනවද???

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවිය
      හැඟුම් දහසක් සමග
      සිත පතුළේ
      පෙරළි කරනවා
      තවම....

      Delete
  5. ඒ කවිය කොයි වගේ කවියක් වෙන්න ඇතිද ?

    ReplyDelete
    Replies
    1. ගිම් අක්කාට හිතෙන්නේ කොහොමද?

      Delete
  6. තත්වය නොවෙයි වැදගත්
    හදවත් එකිනෙකට ගැලපිය හැකිනම්
    පුද්ගලයා තමයි වැදගත්
    අනිකා තේරුම්ගත හැකිනම්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ශම්මි. ඒත් අපි ජීවත් වෙන සමාජය මේ හැම දෙයක්ම අපිටත් කලින් තීරණය කරලා.

      Delete
  7. සමහරවිට "තනිකම" එක්කෝ "විරහව"..එහෙමත් නැත්තම් "ආදරේ" ගැන කවි දෙක ලියවෙන්න ඇතිද ?

    ReplyDelete
  8. මම මේ සිතුවිල්ලට හුඟාක් ආස වුනා සිතූ!! අපූරුයි! එක එක විදියට හිතන්න පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතූ.... ඔව් වෙනස් විදියට හිතන්න පුළුවන් තමයි...

      Delete
  9. මෙසේජ් එකයි වැදගත්, නැද්ද? මාධ්‍ය නෙවෙයි. :)

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් මාධ්‍ය මුල් කරගෙන නේ අද හැමදේටම...

      Delete
  10. Samaajaye sthara 2k athare wenasa wigraha karala neda ketiyata..
    Ow mona sthare hitiyath e inne ekama sathek thamayi..
    Adamayi me paththe aawe..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ස්තර දෙකේම ඉන්නේ මනුසතා තමයි. ස්තූතියි මේ පැත්තේ ආවට..

      Delete
  11. මෙතැන ඇගේ කවියයි ඔහුගේ කවියයි දෙකම තියෙනවා නේද??

    ReplyDelete
    Replies
    1. එක විදියකට බැලුවොත් ඒකත් හරි තමයි.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......