Thursday, August 22, 2013

වැස්ස


ලක්මවට බත් දෙනු පිණිස, 
වැව් බැඳි රටේ ගොවියන්, 
දෑත් දිගුකොට කෙරූ යාදිනි, 
වැකී සවන'ත තෙදැති දෙවියන්, 
රවා හුන් සැඩ රිවිඳු පලවා, 
රජරට කෙත් යායට 
දුන්න වැස්ස.....


දයාවෙන් පිරි ගුණැති මිනිසුන්, 
අතර වෙසෙනා නරුම දුදනන්, 
පුරා වසරක් කෙරූ පව්කම්, 
හොඳින් සෝදා හැරපියන්නට, 
සිනාසී හුන් අහස කළුකර
දියකපනා දා, 
සෙංකඩගල පුරවරයට 
වහින වැස්ස... 




6 comments:

  1. වැස්සට තෙමිලා පව් හෝදගන්න පුලුවන්නම් අපේ එවුන් හැමදාම වැස්සේ තෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. පව් හෝදන්න නම් අපේ අය ඕනේ දෙයක් කරනවනේ.

      Delete
  2. මේ දැනුත් තෙමිලා ඉන්නෙ වැස්සට. ඒ නිසාම මේකේ අමතර තේරුමකුත් තියෙනවා මට.

    ReplyDelete
    Replies
    1. වැස්සට තෙමුණාම තමයි ලු වැස්සේ වටිනාකම හොඳටම දැනෙන්නේ.

      Delete
  3. දුදනන් කෙරූ
    පව් සෝදා
    වෙහෙසට පත් වැස්ස..
    දිගු විරාමයක් ගෙන ඇති හැඩයි... ගිනියම් හිරුට ඉඩ දී.

    (අපිට වැස්ස නෑ..)

    ReplyDelete
    Replies
    1. මෙහෙටත් මේ දවස් ටිකේම වැස්ස තිබ්බේ නෑ. ඒත් දිය කපන දවසෙ නම් හොඳටම වැස්සා.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......