Saturday, November 2, 2013

සතුට සොයා යමු

හීන, අපි හැමෝටම හීන තියනවා. හැම හීනයක්ම සැබෑ වෙනවනම් අපි කොච්චර කැමතිද? ඒත් අපේ සමහර හීන හැමදාම හීන විදියටම තියනවා. ඒ හීන සැබෑ කරගන්න අපිට අවදානමක් ගන්න වෙනවනම්? අපි කීයෙන් කී දෙනාද අපේ සුපුරුදු ජීවන රටාවෙන් මිදිලා ඒ අවදානම ගන්න කැමති වෙන්නේ? ඒ අවදානම ගන්න බැරි නිසාම හැමදාම අපේ ඒ හීන හීන විදියටම තියනවා.

සතුට, අපි හැමෝම හොයන්නේ සතුට. මැරෙන්න බැරි කමට ජීවත් වෙන කෙනෙක් වුණත් සතුටක් ලැබෙන පුංචිම දෙයක් වුණත් අතහරින්න කැමති නැහැ. අපි ආස කරන හැමදෙයක්ම ලං කරගන්න හදන්නේ ඒ දෙයින් අපිට සතුටක් ලැබෙයි කියලා හිතන නිසා. කොච්චර සල්ලි තිබුණත් මොකටද හිතේ සතුටක් නැත්තම්? ප්‍රශ්න එනකොට දුප්පත් පොහොසත් බේදයක් නැහැ. හැමෝටම ප්‍රශ්න තියනවා ඒත් සල්ලි නැත්තම් අපි හිතන්නේ සල්ලි නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා.

හැම  වෙලාවෙම අපි හිතන්නේ නැති දේවල් ගැන. ලද දෙයින් සතුටු වෙන්නේ කීයෙන් කී දෙනාද? ඔබේ ජීවිතයේ තියන ඔබට නොහැඟෙන තරම් පුංචි දෙයක් වුණත් තවත් කෙනෙක් ජීවිත කාලෙම පෙරුම් පුරලා ලබාගන්න බලාපොරොත්තු වෙන දෙයක් වෙන්න පුළුවන්. දෙයක වටිනාකම තදින්ම දැනෙන්නෙයි, ඒ දේ වැඩියෙන්ම ඕන වෙන්නෙයි ඒ දේ තමන්ගෙන් ගිලිහුණාම. ඒ නිසයි දත් තියන කාලේ ඇති තරම් හිනාවෙන්න කියන්නේ.

හිතල හෝ නොහිතා කරන ගොඩක් පුංචි දේකින් කෙනෙක්ගේ හිත ගොඩාක් රිදෙන්න පුළුවන්. වැඩිදුර හිතන්නේ නැතුව පිට කරන පුංචි වචනයක් වුණත් ඇති තවත් කෙනෙක්ගේ හිත ආයෙ සනීප කරන්න බැරි තරම් රිද්දන්න. ඒ වගේමයි සතුටත්. පුංචිම පුංචි දේකට තවත් කෙනෙගේ ජීවිතේ සතුටට පත් කරන්න පුළුවන්. දවස් ගාණකින් හිනා නොවුණ කෙනෙක්ගේ මුහුණට ලස්සන හිනාවක් ගේන්න පුළුවන්.

මේ දේවල් ලියන්න හිතුණේ අද බලපු චිත්‍රපටයක් නිසා. චිත්‍රපටයේ නම අමීලී (Amelie). 2001 වසරේ නිෂ්පාදනය වුණ මෙය ප්‍රංශ චිත්‍රපටයක්. ඈ ආදරය නොලැබූ කෙනෙක්. සමාජයෙන් වෙන්ව හැදුණු කෙනෙක්. ඇය ගෙදරින් වෙන්ව සමාජය සොයා ජීවිතය සොයා යනවා. අහම්බෙන් ඇයට කුඩා ළමයෙක් තමන්ගේ වස්තුව සැඟවූ පුංචි පෙට්ටියක් හමු වෙනවා. ඈ එහි නියම අයිතිකරු සොයා යනවා.

ඒ සිදුවීම් දාමයත් එක්ක ඈ සතුට සොයන්නියක් බවට පත් වෙනවා. ආදරය නොලැබූ අයට ඈ ආදරය ළං කරනවා. සතුට නොලැබූ අයට ඈ සතුට ළං කරනවා. ඒත් ඈ ජීවිතයෙන් සතුටක් ලබයිද? හැමෝටම සතුට ගෙනාපු ඇය ඇගේ ජීවිතයට සතුට සොයාගනියිද?


මේ චිත්‍රපටය ආදායම් වාර්තා තියපු සම්මානනීය චිත්‍රපටයක්. ඒත් වැදගත්කම ඒක නෙවෙයි. හදවතේ ගැඹුරුම තැනක හැඟීම් අවදි කරන්න මේ චිත්‍රපටයට පුළුවන්. බලලා ඉවර වුණාම හැඟීම් සමුදායක අතරමං කරන්න මෙ චිත්‍රපටයට පුළුවන් වුණා. ඒ අපි හැමෝම ඈ තුල ජීවත් වෙන නිසයි. ඇය තුලින් අපි අපිවම දකින නිසයි.

ප. ලි. මේ චිත්‍රපටය හොයලා දීපු රවීන් අයියට ගොඩක් ස්තූතියි. 

22 comments:

  1. මම ගොඩක් ආස ෆිල්ම් එකක්.. දෙතුන් පාරක් බලල තිබ්බත් අද උදේ ආයිත් බැලුවා... :D

    ReplyDelete
    Replies
    1. දැන්නම් මමත් ආසම ෆිල්ම් එකක්.. :D

      Delete
  2. මටත් ඕනේ........ ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකෝ..

    ReplyDelete
    Replies
    1. බුකියෙන් එව්වා ලින්ක් එක.

      Delete
  3. මට නම් මතක නෑ මේක බලපු බවක්. මට පිස්සු හැදෙනවා සබ්ටයිටල් කියව කියවා ‍ෆිල්ම් බලන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රංශ චිත්‍රපටියක්නේ ඩූඩ්. ඒකෙම සබ්ටයිටල් තිබුණා. වෙලාවක් තිබුණොත් බලන්නකො. ඇත්තටම බලන්න වටින චිත්‍රපටියක්.

      Delete
  4. චිත්තරපටි නම් බලන්නම වෙන්නේ නෑ චූටි නෝනේ...

    ReplyDelete
    Replies
    1. වැඩ ඇති නොවැ සෑහෙන්න. අපි නම් ඉතින් වැඩ තිබ්බත් අනිවා සතියකට එකක්වත් බලනවමයි.

      Delete
    2. ඒක නෙව... අපට ඉතින් සති අන්තෙත් ඉස්පාසුවක් නෑ නෙ. කොල්ලෝ ටික ඕ ලෙවල් ලිව්වට පස්සේ තමා හුස්මක් කටක් ගන්ඩවත් පුලුවන් වෙන්නේ.

      Delete
    3. එහෙනම් අයියා පොඩි උන් ටිකට හොඳට උගන්නන්නකෝ. එයාලා හොඳට පාස් වුණොත් ඉහළින්ම සතුටු වෙන්න පුළුවන්.

      Delete
  5. sathuta api ape ethulinma hoya ganna ona deyak.... asai film 1 balanna.hunga kalekin film 1k beluwe ne.

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍රපටිය බැලුවාම හිතෙනවා නංගි කොච්චර පුංචි දේවල් වලින් සතුටක් ලබන්න පුළුවන්ද කියලා. වෙලාවක් තියනවානම් බලන්නකෝ.

      Delete
  6. මටනම් මේක බලපු බවක් මතක නෑ.. අද රෑට නෙට් එකේ සර්ච් කරලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ලස්සන ෆිල්ම් එක. හිතන්න දේවල් ගොඩක් තියනවා. බලන්නකෝ.

      Delete
  7. චිත්‍රපටිය බලල නෑ මමත්. කොහොම වුණත් සතුට කියන්නේ භෞතික දේවල් මගින් ලැබෙන එකක් නම් නෙමේ. සැබෑ සතුට කියන එක තියෙන්නේ හිතේ.

    ReplyDelete
    Replies
    1. හිතේ සතුට නැත්තම් මොනව තිබිලත් වැඩක් නැහැ.

      Delete
  8. අද කලේ හීන හඹා යන්න නම් සල්ලිත් ඔනා නේද....

    \\ඔබේ ජීවිතයේ තියන ඔබට නොහැඟෙන තරම් පුංචි දෙයක් වුණත් තවත් කෙනෙක් ජීවිත කාලෙම පෙරුම් පුරලා ලබාගන්න බලාපොරොත්තු වෙන දෙයක් වෙන්න පුළුවන්\\

    මේ කතාව සිරාම සිරා... ඒ දේ මට වෙලත් තියේ.... ඒකම අනික් පැත්තටත් වෙලා තියේ

    ReplyDelete
    Replies
    1. මටත් ඕකම වෙලා තියන නිසයි ලිව්වේ. අනිත් පැත්තත් වෙලා තියනවා... අද මිනිස්සු සල්ලි වලට ඕන දෙයක් කරන තත්වෙකට පත් වෙලානේ. ඒ නිසා හීන වලට වටිනාකමක් නැහැ.

      Delete
  9. එහ්... මම මේක බලලා නෑනේ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් හොයාගෙන බලන්න රජෝ. රජා කොහොමත් ගොඩක් ෆිල්ම් බලන කෙනෙක්නේ.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......