Friday, November 15, 2013

තාරකාවී

ට්‍රීං ට්‍රීං ට්‍රීං…..


එලාම් එකේ සද්දෙට මාව උඩගිහින් ඇහැරුණා. කම්මැලිකමට පොරෝනෙන් එක ඇහැක් එළියට දාලා බැලුවා. තාම කලුවරයි.

 “කවුද යකෝ මේ උදේ පාන්දර එලාම් තියන එකා?” මම දිගාගෙන් ඇහුවා.

“මේක හරි කෙළියක්නේ. උඹ හිතුවද උඹේ ෆෝන් එකෙන් මම එලාම් තියනවා කියලා?” ඌ ඇහුවා. ඒ කියන්නේ මම තමයි එලාම් තියලා තියෙන්නේ. අඩේ මට මොන පිස්සුවක් වැහීගෙන එනවද? කවදාවත් එලාම් තියන්නේ නැති මම අද එලාම් තියලා.

ආහ්.. මතක් වුණා නේන්නම්. අද සෙනසුරාදා.. අද පාඩම් කරන්න ලයිබ්‍රරි යන දවස. හරියටම කිව්වොත් පාඩම් කරන්න නෙවෙයි හැම සෙනසුරාදම ලයිබ්‍රි එකට පායන පුංචි තාරකාවි බලන්න ලයිබ්‍රරි යන දවස.

දැන් සති දෙකක ඉඳන් මම මේ වැඩේ කරන්නේ. කවදාවත් ෆැකල්ටියේදි ලයිබ්‍රරි එක පැත්ත පළාතේ නොයන මම මේ හදිස්සියේ හැම සෙනසුරාදම පාඩම් කරන්න කියලා ලයිබ්‍රි ගතවෙන එක මගේ යාළුවන්ටත් හරිම පුදුමයක්.

“කියපන් ඇත්තටම.. උඹ ඔය ලයිබ්‍රි යන්නේ මොකක් හරි වෙන කේස් එකකට නේද? නැත්තම් උඹට මේ හදිස්සියේම පාඩම් කරන්න හිතක් පහළ වුණේ කොහොමද?” දිගා ඇහුවේ ඌට මේ ගැන සැකයක් ඇති වෙලා තිබ්බ නිසාමයි.

“පිස්සුද උඹට ? එක්සෑම් එකත් කට ළඟටම ඇවිත්. අපි එක්සෑම් ගොඩ දාගන්න හදනකොට තමයි උඹලත් අපිට අනං මනං කියන්නේ. අර බොග පණුවෝ දවස තිස්සේ ලයිබ්‍රි එකේ ඉන්නේ. උන්ට මුකුත් කියන්නෙ නැහැ උඹලා.” මම දිගාව මුලින්ම කපලා දැම්මා. ඌ මගේ රූමා වුණත් ඌට මේ ගැන කියන්න හිතක් තිබ්බේ නැහැ මට. ඌ හිතයි මට පිස්සු කියලා.

මම දඩ බඩ ගාලා මූණ හෝදගෙන ඇඳගෙන කැන්ටිමට ගියා. ගිහින් මගේ ජාතික ආහාරය වෙච්ච පාන් බාගෙකුයි ඇට හොයන්න පීනන්න වෙන පරිප්පු හොද්දකුයි ඇදල ඇරියා. ඊට පස්සේ පොත් ටිකත් අරගෙන පයින්ම ෆැකල්ටිය පැත්තට ඇවිදගෙන ගියා. එයා ඇවිත් ද දන්නේ නැහැ. මම පය ඉක්මන් කළා.

ලයිබ්‍රිය ඇතුලට ඇවිත් මම සුපුරුදු තැන වාඩි වුණා. මෙතනට මම කැමති මෙතන වාඩි වුණාම තාරකාවි වාඩි වෙන තැන හොඳට පේන නිසා. ඒත් ඒ සුපුරුදු තැන හිස්. තාම වෙලාව අටයි නේ. එයා ඒවී තව ටිකකින්.

තාරකාවි... ඒ එයාගේ ඇත්ත නම නෙවෙයි. ඒත් යන යන තැන දීප්තිමත් කරවන නිසා මමයි එයාට ඒ නම් දැම්මෙ. එයා හරිම ලස්සනයි. හරියටම කියනව නම් පුංචි සුරංගනාවියක් වගේ. ලස්සන  වගේම තමයි එයාගෙ කටත්. පුදුම කියවිල්ලක් තියෙන්නේ. එයා මුලින් ලයිබ්‍රි ආවාම සිකියුරිටි ඇන්ටි එක්කත් පැය ගාණක් කියවනවා. ඊට පස්සෙ පොතක් රිටන් කරන්න ගියාමත් එතනත් කියවිල්ල. අනේ මන්දා මේ ගෑණු ළමයි ඔච්චර කියවන්න දේවල් කොහෙන් හොයා ගන්නවද කියලා.

එයා හිටියේ කැම්පස් එකට අලුතින්ම ආපු බැච් එකේ.හොඳ වෙලාවට අපේ ඩීන් කාරයා අපි දෙගොල්ලන්ටම එක්සෑම් එකම කාලෙ දැම්මේ. නැත්තම් කොහොමද මම වගේ එවුන්ට ලයිබ්‍රරි එන්න හේතුවක් හොයාගන්නේ.

ඊට පස්සේ එයා ඇවිත් පොත් ටික මේසේ උඩින් තියලා ගිහින් එයාටත් වැඩිය ලොකු පොතක් අමාරුවෙන් උස්සන් එනවා. ඊට පස්සෙ ඉතින් ඔලුව උස්සන්නෙවත් නැතුව වැඩ. ලියනවා, මකනවා, වෙලාවකට පොතට රවනවා, ඔරවනවා. මම මේ ඔක්කොම බලාගෙන ඉන්නවා.

දහයට විතර ඔන්න එපාවෙලා වගේ ඈනුමක් එහෙම ඇරලා නැගිටලා තේ බොන්න යනවා. මමත් ඒ වෙලාවට හෙමීට කවුරුහරි බලන් ඉන්නවද කියලා වටපිට බලලා එහෙම පහළට යනවා. එයා තේ බොන්න යන්නේ තනියම නෙවෙයිනේ. කොයි වෙලෙත් එයාව වට කරන් එයාගේ යාළුවෝ ටික. කිචි බිචි ගගා තේ බොන්නම පැය බාගයක් විතර යනවා. මාත් ඉතින් ඔහෙ මොනවහරි හප හප එයාලා දිහා බලන් ඉන්නවා. සමහර වෙලාවට අපේ එකෙක් දෙන්නෙක් සෙට් වෙනවා කැන්ටිමේදි. ඉතින් උන් එක්කත් කයියක් ගහන් ඉන්නවා. එයාලා තේ බීලා ඉවර වුණ ගමන් මාත් “එහෙනං මචං මම යන්නම් කියලා” ආපහු ලයිබ්‍රරි ගත වෙනවා.

හීන ලෝකෙක අතරමං වෙච්ච මම ඔරලෝසුව දිහා බැලුවේ බඩගින්නක් දැණුන නිසාමයි. කෝ මෙයා තාමත් නෑනේ. අද එන්නෙ නෑ වගේ. එනවනම් මෙලහට ඇවිත්. එයා නැතුව මම විතරක් මෙහෙ ඉඳලා මොකටද? බලන් ඉඳලා වැඩක් නෑ. මම යනවා යන්න. පොත් ටිකත් එකතු කරගෙන මම පහළට ආවා.

බඩගින්නකුත් තියනවා. ඒත් එයා නැතුව මට කැන්ටිමට වත් යන්න හිතෙන්නේ නෑ. යනගමන් කිරිහලට වත් යන්න ඕනේ. මම හෙමින් හෙමින් කිරිහල පැත්තට ඇවිදගෙන ගියා.  

“හලෝ මචං, උඹව දැක්ක කල්” කවුද මන්දා පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට පාරක් ගැහුවා.
                         
“ මේ කැලුමා නේ? උඹ කොහෙද මෙහෙ? හම්මෝ උඹලව දකින්න තියන අමාරුව”  මම කිව්වා. කැලුම් ඉස්කෝලෙ මගෙ අතිජාත මිත්‍රයෙක්. ඌ දැන් කටුබැද්දෙ ඉන්ජෙක්.

“උඹ හෙනට වෙනස් වෙලානේ. අඳුරන්නත් බැහැ” ඌ කිව්වා.

“ ඉතින් බං, උඹ කොහෙද මෙහෙ” මම ඇහුවා.

“නංගි බලන්න ආවා බං” ඌ කිව්වා. මුට මම දන්න තරමින් නම් නංගියෙක් නැහැ. ෂුවර් එකට මූ කියන්නේ උගෙ හිච් එක ගැන වෙන්න ඕනේ.

“නංගි, මේ සම්පත්, ඉස්කෝලෙ මගෙ හොඳම යාළුවා” ඌ පිටිපස්ස හැරිලා කිව්වා. 

එතන අයිස්ක්‍රීම් දෙකකුත් අතේ තියන් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි.. මගේ තාරකාවී....

ප.ලි:  බොග පණුවා = උදේ ඉදන් රෑ වනතුරු ලයිබ්‍රරියේ සිට පාඩම් කරන තැනැත්තා.. 

හිච් එක = පෙම්වතා හෝ පෙම්වතිය 

ප. ප. ලි : මේ බ්ලොග් එකට මුලින්ම ලියපු කතාව. පිරිමි ළමයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් ලිව්වේ. වැරදි තියේනම් කියන්න.

54 comments:

  1. ඔහොම දේවල් තමයි අසරණ කොල්ලන්ට වෙන්නේ...වහ කන්න හිතෙනවනෙ..

    අවුලක් නෑ...ඒ දෘෂ්ටිකෝණයේත් වරදක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මොනව වුණත් අසරණ කොල්ලෙක් නේ...

      ස්තූතියි...

      Delete
    2. පව් ඉතින් දිලිනි ඔහොම කෙළින්ම කියන්න එපා ඉතින්... :D

      Delete
  2. දෘෂ්ටිකෝණේ කොයිතම්ද කියනවානම්...මම ආයේ ප්‍රොෆයිල් එකට ගියා ඕයි, සිතූ කියන්නේ කොල්ලෙක්ද බලන්න... ඇඩෙනවා දාලා... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද? සන්තෝසයි සන්තෝසයි.. අඬන්න එපා ඉතින්..

      රජාටත් රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා!

      Delete
  3. සිතුවෝ නියමට ලියලා අම්මපා මටත් හිත්නවා කවදා හරි ඔය දෘෂ්ටිකෝනයෙන් මොනවා හරි ලියන්න .උඩ වල් රජා වගේ මාත් ප්‍රොෆයිල් එකට ගියා මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා බලන්න

    ReplyDelete
    Replies
    1. හික්ස්.. තැන්කියු වේවා! මමත් මේ එක පාරටම හිතිලා ලිව්ව එකක්. හදිස්සියේ ආපු සිතිවිල්ලක් නිසයි ලිව්වේ..

      Delete
  4. ඈ... තාරකාවී! ඒ කෝණෙනුත් සිතූ ට හොඳට පේනවා වගේ !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එයා තාර කෑවෙ නැහැ... සාර්ථක ද නැද්ද කියලා දන්නේ ඕගොල්ලෝ තමයි...

      Delete
  5. නියමෙට ලියවිලා තියෙනව.මමත් බැලුවෙ ලියන්නෙ පිරිමියෙක්ද කියල.හැබැයි ළදේ පිරිමි තමන්ගෙ හොදම යාලුවන්ට හුගාක් වෙලාවට හිත ගිය ගමන් කියනව.ගැනු ලමයි වගෙ නෙමෙයි.එතන පොඩ්ඩක් වෙනස්.හැබැයි ගැනු ලමයි නම් මම දන්න විදියට සෙට් වෙලාත් කියන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. ගෑණු ළමයිනුත් හැබැයි සෙට් වුණාට පස්සෙ නම් කියනව හැමෝටම. හිත ගියාමත් හොඳම යාළුවන්ට කියනව මම දන්න විදියට.. පිරිමි ළමයින්ගේ නම් තියෙන්නේ "ඔබ නොදනී මුළු ලොවම දනී" වගේ කේස් එකක්නේ. හිත ගියපු ගෑණු ළමයා දන්නේ නෑ අනිත් හැමෝම දන්නවා..

      Delete
  6. හික්ස්.. රූමට හොරෙන් ලව් කරන්න අමාරුයි ඉතින්,, එතැන තමයි වරද්දාගෙන තියෙන්නේ...සිතුවා කෙල්ලෙක් වුනාට , හරියටම කියනවා නම් කොලු භාගයක් කියල තමයි අපට නම් ආරංචි...

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් "සිතින් විතරක්" සීන් එකක් නිසා එහෙමයි ලිව්වේ.. ඕගොල්ලොනේ දන්නේ ඉතින් ඕවා.. ආයේ මේ වගේ කතාවක් ලිව්වොත් රූමටත් කියලා කරන ලව් එකක් ගැන ලියන්නම්කෝ. කොලු බාගයක් කියලා කවුද කිව්වෙ හැබෑට?

      Delete
  7. ලස්සණ යි, අෆ්‍ෆා. මටත් කියවගෙන යනකොට සැකයක් ආවා කොල්ලෙක් ලියපු එකක උපුටා ගැනීමක් දෝ කියලා :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔයාට! නෑ නෑ.. මේක උපුටා ගැනීමක් නෙවෙයි.. මගෙම නිර්මාණයක්...

      Delete
  8. හැකිස් :D :D :D
    කෙල්ලෙක් ලිව්වා කියල නම් කියන්න බැරියෝ.ඒ කියන්නේ සිතුවා සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. :D :D ගොඩාක් ස්තූතියි ප්‍රමුදි... අහම්බෙන් ආපු සිතුවිල්ලක් උඩ කතාව ගොඩ නැගුවේ...

      Delete
  9. සුව්ට් ඇන්ඩ් ෂෝට් කතාවක්. ;) කතා ලියමු ඔය හොදට ලියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මදාරා... කතාවක් ලියන්න පුංචි බයක් තිබ්බා සාර්ථක නැති වෙයිද කියලා.. ඒත් දැන්නම් ඒ බය නැහැ..

      Delete
  10. මොනවා කියනවද? ඔය බ්ලොග් හිතවත්තු දැකලා නැති වුනත් අපි හිතා ඉන්නවනේ මෙන්න මේවගේ ඇති කියලා. ඒ වගේම ස්ත්‍රී පුරුෂභාවය. මම ආපහු සිතු ගැන මගේ හිතේ තිබ්බ මනෝ රූපය එහෙම පිටින්ම ෆෝමැට් කරලා ඔයාව කොල්ලෙක් කලානේ. අන්තිමටම කිව්වාම තමයි මට ඒක තේරුනෙත්. ඒ කියන්නේ සාර්තමයි. දැන් මොකක්ද මෙතන අවුල? දැන් වැඩේ නැගලා යයිනේ!

    ReplyDelete
    Replies
    1. මොකද්ද මෙතන අවුල කිව්වේ? සම්පත්(කතාවෙ ප්‍රධාන චරිතෙ) මෙච්චර කල් සිහින මව මව ඉඳලා තියෙන්නේ එයාගෙ ඉස්කෝලෙ කාලෙ හොඳම යාළුවගේ ගෑණු ළමයා ගැන නේ.. නැගලා යයි කිව්වේ මොකද්ද ඩූඩ්?

      ඒක නෙවෙයි දැන් කාලෙකින් මොකවත් ලිව්වෙ නැත්තෙ ඇයි? වැඩ අධිකද මේ දවස් වල?

      Delete
    2. වැඩේ නැගලා යයි කිව්වෙ, ඉතින් හොඳම යාලුවගේ මිත්තරයා වීම ඔය හිතේ තියන් ඉන්න එකට බාදාවක් වෙන්නේ නෑනේ. හොඳක් මිසක. මගේ හොඳම යාලුවත් ඔය මගේ නංගිව බැන්දේ. අන්න ඒක. :)

      Delete
    3. ඒ වුණාට ඩූඩ්, හොඳම යාළුවගේ ගර්ල් ෆ්රෙන්ඩ් ගැන එහෙම හිතන් ඉන්න එක වැරදියිනේ.. නංගි වුණානම් අවුලක් නැහැ.

      Delete
    4. හප්පා, මට ඒක තේරුනේ නෑනේ. නංගි කිව්වාම මම හිතුවේ නංගි කියලා. එහෙම නම් ඒක එතනින්ම හබක්.

      Delete
    5. ඒකනේ. දැන් මෙතන පටන් ගත්ත තැනම වැඩේ හබක්...

      Delete
  11. \\\\\\\\\මෙච්චර කල් සිහින මව මව ඉඳලා තියෙන්නේ එයාගෙ ඉස්කෝලෙ කාලෙ හොඳම යාළුවගේ ගෑණු ළමයා ගැන නේ\\\\\\\\\

    හපොයි ... ඒකත් ඉවරයි එහෙනම් ... :(

    ReplyDelete
    Replies
    1. ඔව් බලන්නකෝ මේ අහිංසක කොල්ලන්ටත් වෙන වැඩ නේද?

      Delete
  12. මේ මගෙ එෆ් බි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද මන්දා .. දිගටම ලියන්න සිතූ.. ජය

    ReplyDelete
    Replies
    1. මේ මුදියා නොහොත් සමියා නේද? ඔව් ඔව්. එෆ්. බී ෆ්රෙන්ඩ් කෙනෙක් තමයි. ස්තූතියි!

      Delete
    2. එෆ් බී එකට ආවම පොඩ්ඩක් කියන්න :)

      ඒ ඒක නෙමේ ඈ තාරකාවී කියන්නෙ ඇයි? එයාට වෙන කන්න දෙයක් නැතිවටද තාර කන්නෙ ? :D

      Delete
    3. කතාවෙ හැටියට නම් පිරිමි ළමයට තමයි අන්තිමට තාර කන්න වෙලා තියෙන්නෙ.

      Delete
  13. කොයි කෝණෙන් වුනත් මට කොල්ලා ගැන දුක හිතුනා.. මංදා ඇයි කියලා..

    ReplyDelete
    Replies
    1. දිනේශ් ට එහෙම අත්දැකීමක් නැතුව ඇති මම හිතන්නේ...

      Delete
  14. ඔබ ඉතාමත් සාර්ථකයි සිතු..

    ReplyDelete
  15. කොල්ලො ජීවිතේට ඔය තාරකාවී වගේ නං දාන්නේ නෑ සිතුවෝ... අන්න වරද්දගත්ත තැන... හි හි..

    අපෙ මහත්තයා මට දාලා තිබ්බ නං ලොට් එක ඔය පරණ ලවු ලෙටර් එහෙක ඇති... මං දවසක පෝස්ට් එකක් දාන්නං.. ඔය වගේ රොමැන්ටික් නම් නං එකක්වත් තිබ්බෙ නෑ.. මං දන්න තරමට අනිත් උනුත් උන්ගෙ කෙල්ලන්ට දාගෙන තිබ්බෙ ඒ වගේම චාටර් නං.. හැබැයි කෙල්ලන්ට කියන්නෙ නං ඔයා මගේ කුක්කු බෝලේ සූකිරි කැටේ වගේ නම් තමයි.. හි හි

    ReplyDelete
    Replies
    1. අපි කොල්ලොන්ට දාන නම් ඇරුණාම කොල්ලො අපිට දාන නම් නං මම දන්නේ නෑ හිරු අක්කේ..
      අක්ක එහෙනම් පෝස්ට් එකක් දාන්නකෝ අපිටත් අක්කට වැටිලා තිබ්බ නම් ටික බලාගන්න....

      Delete
  16. ලස්සනයි සිතූ.. අදයි මේ පැත්තට ආවේ.. දිගටම කියවන්න එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...

      Delete
  17. පුංචි ලස්සන කතා පුන්චක්. පොඩ්ඩක් දුක හිතුනා අන්තිමට

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ...

      Delete
  18. මුලදි මාත් නොමග ගියා ගෑල්ලමයෙක් (සිතූ) තවත් ගෑල්ලමයෙක්ව (පුංචි තාරකාවි) හම්බවෙන්න පෙරුම් පුර පුරා ඉන්නේ මොකෝ කියලා. පස්සෙනේ වැඩේ මීටර්

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතුවද? කොහොමහරි අන්තිමට මීටර් වුණානේ...

      Delete
  19. අර මේ හූනා එකේ වගේ මට අහන් හිතෙන්නේ දෘශ්ටි කෝන් හේ? කියල තමයි. ඕක මටත් ඉස්සර වෙන වැඩක් කෑල්ලකට ඇහැ ගියොත් අයිති කාරයෙක්.

    ReplyDelete
    Replies
    1. දෘෂ්ටි කෝණය හොඳයි වගේ? ඒ වුණාට බනීව හම්බ වුණා නේද කෝරලේ මහත්තයට?

      Delete
  20. පේරේ ඇතුළට ගිහිල්ලා කෙල්ලෙක් බලන එක නම් සෑහෙන්න බයානකයි කියලා අහලා තියෙන්නේ. අපේ එකේ උණත් පොඩි පොඩි කේස් තියනවා. ඒ උණාට කතාව නියමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම බලන්න නම් අවුලක් නෑ මම දන්න විදියට. ස්තූතියි මේ පැත්තේ ආවට. සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  21. මෙවන් විපතක් වන හතුරෙකුටවත් නොවේවා!!

    මට මේ කතාව කියවද්දී යාලුවෙක් මතක් වුණා. ඒ ගැන පෞද්ගලිකව කියන්නම්!! නැත්නම් ඌ පව් නේ.. :P
    හෙක් හෙක්!!

    ලියපු විදිය ලස්සනයි. මම ඒ විදියට කැමතියි!!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. යාළුවා ගැන නම් නෙවෙයි ලිව්වේ.. මම කිව්වනේ නිකන් හිතල කටට ආවට නම් දැම්මේ.. ඇත්තටම් එහෙම කෙනෙක් අඳුරන්නේ නෑ.

      ස්තූතියි!

      ජය වේවා!!

      Delete
  22. මට මේක තාමත් ගටළුවක්... දවසක් ඇහුවට කිව්වෙත් නෑ...

    උඹ කොල්ලෙක්නෙහ්... එල...

    ජය...!

    ReplyDelete
    Replies
    1. වැරදිලාද මන්දා.. මම කොල්ලෙක් නෙවෙයි. කෙල්ලෙක්. ඒත් මේක ලිව්වේ කොල්ලෙක්ගේ දෘෂ්ටි කෝණයෙන්..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......