Wednesday, November 6, 2013

මේ දවස්වල....

බැලූ බැලූ අත
හිස් ගොඩවල්
ඈත බලන්...
පුස්තකාලේ
හුස්ම ගන්න
ඉඩක් කඩක්
නැති වෙන්නම
පිරිලා ගිහින්....
රාක්ක වල
දූවිලි වැදි වැදී
උන් පොත් ටික
අතුරුදහන්....
මටත් වඩා උස
පොත් කන්දක්
මේසේ උඩ
දත නියවන්....
අගක් මුලක්
හිතාගන්න
බැරි කමටම
මගේ හිතත්
ඉබාගාතේ
ඇවිද ගිහින්....


21 comments:

  1. එක්සෑම් යනූ අපේ ජීවිත වල අභාග්‍යමත්ම කාලයයි...:/

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

      Delete
  2. (ඉහත කවිය මියුසිකල් ශෝ බලමින් දවසම ෆේස්බුක් ගෙවන තරුණියක රචනා කරන ලද්දක්ද, එමෙන්ම පහත සටහන දවසම මහන්සියෙන් පාඩම් කරන හැඩකාර, දඟකාර තරුණයෙකු විසින් රචිත බව කාරුණිකව සළකන්න..)

    බැලූ බැලූ අත
    කඩි මුඩියේ
    පාඩම් කරන ළමයි

    දූවිලි වැදි වැදී තිබුණ පොත්
    ඔක්කොම අතුරුදහන්
    පිළිවෙලට පැත්තකින්
    කෙටි සටහන් ටික විතරක් මේසෙ උඩ

    හිත හරිම සැහැල්ලුයි.
    පාඩම් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. හපෝයි දවසම මහන්සියෙන් පාඩම් කරනවා ඇති. අනේ වාසනාවන් මෙහෙමත් ළමයි. මොකට කියනවද මෙයාගේ පාඩම් කිරිල්ල ගැන නම් නේද?

      දැන් ගිහින් විභාගෙට වාඩි වෙන එක විතරයි ඇත්තේ. විභාගෙ පටන් ගන්නකම් මග බලාගෙන නේ ඉන්න ඇත්තේ.....

      Delete
  3. Replies
    1. විභාගේ ළඟයි නේ. විභාගේ අපේ අභාගේ..

      Delete
  4. ඒ අස්සේ තව කොහෙවත් යන ප්‍රශ්න....

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න හැම එකක්ම හොඳ විදියකට විසඳෙයි...

      Delete
  5. හොද වෙලාවට අපිට තව මාසයක් තියෙනවා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් තව කල් තියනවා නේ. හොඳට පාඩම් කරන්න..

      Delete
  6. ඉගෙනගන්නකල් ඔහොම තමයි හිතෙන්නේ. නාකි වෙලා ලමයි බමයි බලාගෙන ගෙවල් දොරවල් හදන ගමන් රස්සාවල් කරන ගමන් ඉගෙන ගන්න ගියාම තමයි තේරෙන්නේ අනේ ඒ කාලෙනේ ඉගෙනගන්න මගුලක් ඉගෙනගන්න තිබ්බේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ඩූඩ්. කොච්චර කොහොම කිව්වත් මේ කාලේ විතරයිනේ ඉගෙන ගන්න තියෙන්නේ.

      Delete
  7. අපි ඉගෙනීම හමාර කරලා නිදහසේ ඉන්න ළමයිනේ ඉතින්.. ඒ හන්දා මේවා දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අපි නම් තවම ඉගෙන ගන්නවානේ. ඉතින් හැමදාම විභාග...

      Delete
  8. ඔන්න ඕක තමා වැඩේ.. විභාගයක් ලං උනාම අපේ මිනිස්සු ඕන පොතයි එපා පොතයි හැම මගුලම අරන් ඔළුවේ පුරවගන්න බලනවා අන්තිමට විකාර වෙනවා..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා පොත් දිහා බලන්න කෝ.

      Delete
    2. දැන්නම් මටත් ඒක තමයි වෙලා තියෙන්නේ. මොකෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැහැ.

      Delete
  9. පොත් අතර රැදෙන හිත
    බිම වැටෙන්නට නොදී
    පරිස්සම් කරගන්න...)))

    ReplyDelete
    Replies
    1. පොත් අතර රැඳුන හිත
      යනවලු
      මට අවනත නැතිව
      රස්තියාදුවක....

      Delete
  10. කැම්පස් එකේ ඉන්නකල් බැන්නට එලියට ආවට පස්සේ තමයි අගේ තේරෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඉස්කෝලේ ගැනත් එහෙමනේ හිතෙන්නේ දැන්..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......