Saturday, November 9, 2013

මවාපෑම

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
ඉන්පසු නොමැත කිසිවෙකුගෙත් සැලකිල්ල 
ඒ ගැන සිතා නොම වන්නට වැනසිල්ල 
මගේ හිසට මගේ අතමයි සෙවණැල්ල 

උඩින් මිතුරු කම් පානා බොහෝ වෙති 
ඇති තැන අනේ පණ දෙන්නට කතා වෙති 
උදව් ඕනේ විට පමණක් සොයා එති 
මට නම් කිසිම තරහක් මගෙ හිතේ නැති

මම කරනා හැම දෙයකම දොස් හොයලා 
උන් කරනා හැම දෙයක්ම හරි කියලා 
කිසි වරදක් නොමැති ලෙසට රඟපාලා 
බොරු කරනා මිනිසුන් මට තිත්ත වෙලා  

පිටතට හොඳ මුහුණ පෙන්වා හිනැහෙයිලු 
නැති තැන අපේ පලු යන්නට බනිනවලු 
හිතේ කහට නැහැ කියලත් කියනවලු 
කලකදි රහලු කලකදි වහ වෙනවාලූ 

26 comments:

  1. ඔයත් බොරු කරන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. මොකද්ද දැන් මම කරපු බොරුව?

      Delete
    2. අන්න එහෙම එන්න.. ඉන්ට ලැයිස්තුව අරන් එන්ට...

      Delete
    3. කෝ ගේන්න බලන්න ලැයිස්තුව ...

      Delete
  2. කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල ....

    සිතූව කවුද රවට්ටලා.. හූ හූ...:D

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නෑ ඉතින්.. හොඳ වෙලාවට මම මේ දවස් වල මෛත්‍රී භාවනාව කරන්නේ.. ඒක නිසා දැන් මට කේන්ති යන්නේ නැහැ. ඒ නිසාම හොඳයි..

      Delete
  3. කොහෙන්දෝ මන්දා පඬි කියමන් ටිකක් හොයන ලස්සනට ගලපලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම හිතලා කළේ නැහැ. ඒවා නිකන්ම ගැලපුනා ලියද්දි...

      Delete
  4. ඔහොම තමයි අද ලෝකෙ හැටි. මිනිහෙකුට තව කෙනෙකු ගෙ දුකක් ගැන හොයල බලන්න තියා තව කෙනෙක් එක්ක කතා බහ කරන්න වත් වෙලාවක් නෑ සිතූ.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි. ඒත් අනිත් අයට වල කපන එක තමයි නරකම වැඩේ....

      Delete
  5. ඔබ හොඳ මිනිසෙකු වෙන්න. එවිට ලෝකය තවත් නරකයෙකුගෙන් තොරවූ බව ඔබට සහතික විය හැකිය කියලා වගේ අදහසක් මම කොහෙදිද කියෙව්වා. මේ ඔයා නරකයෙක් කියලා කිව්වා හෙම නෙවෙයි හොඳද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් හිතන්න වටින දෙයක් ඩූඩ්.. අනිත් අය හදන්න ඉස්සෙල්ලා තමන් හැදිලා ඉන්න ඕන නේ.. ඔය කිව්වට මමත් ටිකක් නරකයි ඉතින්...

      Delete
    2. Join the club. :D මාත් එහෙමයි. ඉස්සර මාව ආශ්‍රය කරන්න එපා කියලා සමහර ලමයින්ට දෙමව්පියෝ කියනවලු.

      Delete
    3. :D ඒ වුණාට එපා කියන දේ කරන්න අපි හරි කැමතියි නේ...

      Delete
  6. කාත් එක්කදෝ තරහෙන් ලියලා වගේ.........

    ReplyDelete
    Replies
    1. තරහෙන්මත් නෙවෙයි. ඒත් නැත්තෙමත් නෑ වගේ....

      Delete
  7. කොතනත් ඉතින් මවා පෑම තමයි..

    ReplyDelete
    Replies
    1. මවාපෑම ඉතින් තමන්ගේ වාසියට තමයි...

      Delete
  8. මේක තනිකර මවා පෑම් මත දුවන ලෝකයක් ... නිර්මාණය ලස්සනයි ගොඩක්......... සෑහෙන කාලෙකින් නේද ලිව්වේ ..............................

    ReplyDelete
    Replies
    1. මේ වගේ නිර්මාණයක් නම් සෑහෙන කාලෙකින් තමයි කළේ. මවාපෑමක් නැත්තම් ඒක අපිට නුහුරු වෙන විදියට මවාපෑම් පුරුදු වෙලා.

      Delete
  9. ගොඩක් මිනිස්සුන්ගේ තියෙන්නේ මවාපෑම තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් මධූ අයියේ... ඒත් දැන් ඇත්තයි මවාපෑමයි අතරේ අපි අතරමං වෙලා....

      Delete
  10. අර විල්බට් අම්බතලාවගේ කවි තියෙන්නේ බස්වල ගහල ස්ටිකර් විදිහට..ඒ ටයිප් එකේ කවියක් වගේ. අහලා තියන ගතියකුත් දැනුණා....

    වැඩක් කරගන්න අනේ පනේ වස්තුවේ ගාගෙන එන උදවිය අපි වැඩක් කරගන්න ගියාම හ්ම්ම් නෑ

    ReplyDelete
    Replies
    1. මේ කවියේ තියන ගොඩක් පද කලින් අහලා තියන නිසා වෙන්න ඇති එහෙම හිතුණේ...

      අනිත් අයගෙන් වැඩක් කරවගන්න නොවඳිනා වැඳුම් වදින්න ඕනේ...

      Delete
  11. ජීවිතය රඟ මඩලකි. අපි එහි නළුවෝ වෙමු.
    අපි විටෙක විකට චරිත ද රඟපාන්නෙමු. විටින් විට චරිත මාරු කරන්නෙමු. කෙසේ නමුත් මුල සිට අග දක්වා ම මවාපාන්නෙමු..
    ජීවිතය යනු එයයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රඟපෑම අනිවාර්යය ය..
    අවසානයේ මරණය ද රඟපෑමකි!!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔව් අන්තිමට බැලුවාම හැම දෙයක්ම රඟපෑමක්. අපි කවුරුවත් අවංක නැහැ. සමහර වෙලාවට තමන්ටම වංචා කරගන්නවා.. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්නම වෙනවා..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......