Monday, December 30, 2013

උගත් පාඩම් පිළිබඳ වාර්තාව 2013


දන්නෙ නැතුවම 2013 ගෙවිලා ඉවරවෙලා 2014ත් කිට්ටුවටම ඇවිත්. ඕනෙම වැඩක් කරලා ඉවර වුණාම වැඩේ මීට වඩා හොඳට කරන්න පුළුවන්කම තිබ්බා කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. අවුරුද්දට වුණත් ඒක පොදුයි. ඕනෙම අවුරුද්දක් ගත කරලා ඉවර වුණාම හිතෙනවා අවුරුද්ද මීට වඩා හොඳට ගත කරන්න පුළුවන්කම තිබුණා නේද කියලා.

කොහොමහරි මේ අවුරුද්දෙ මම ඉගෙන ගත්ත පාඩම් කීපයක්ම තියෙනවා.



 මානසික

• කිසිම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න එපා, ඒකෙන් වෙන්නෙ  අපි මුලින් දැකපු පැති වලටත් වඩා අලුත් පැති පෙනිලා ප්‍රශ්නෙ ඩබල් වෙන එකයි.
• වැඩි බලාපොරොත්තු ඕනේම නැත.
• කේන්ති යාම අඩු කරගැනීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එම කේන්තිය පෙන්වීම පාලනය කිරීමයි.

බස් ගමන් 

• බස් එකේ යනවිට සැම විටම හෑන්ඩ්ස්ෆ්රී එක ගෙනයා යුතුය.
• තේ බීමට බස් එක නවත්තන තැනින් බස් එකෙන් බැස්ස විට සැම විටම තමා පැමිණි බස් රථයටම නැග්ග යුතුය.
• බස් එකේ එහා පැත්තේ වාඩි වන මිනිසාට කියන බොරු පිළිබඳව සැලකිලිමත් වන්න. නැතිනම් පසුව ඔබටම පැටලීමට ඉඩ ඇත.
• බස් ගාස්තුව සැමවිටම නිවැරදිව ගෙන යා යුතුය. එවිට කොන්දොස්තරට ටිප් දීමෙන් වැළකිය හැක.
• බස් එකේ යන දිනවලදී පිරිටන් බීමෙන් වැළකිය යුතුය.
• කොළඹ බස් එකක් බලාපොරොත්තුවෙන් බස් හෝල්ට් එකට ගිය විට මහකන්ද බස් රාශියක් පැමිණෙනු ඇත.

සමාජයීය 

• අනිත් අයට බැලීම සඳහා චිත්‍රපටි හා ටීවී සීරීස් දීමේදි ප්‍රවේශම් වෙන්න. නැත්නම් ඔබට ඉන්පසු අලුතෙන් එන සෑම එපිසෝඩ් එකක්ම උන්ට දීම සඳහා බෑමට සිදුවනු ඇත. එයින් කෙළවෙන්නේ ඔබේ දුප්පත් බයිට් ටිකටය.
• අන් අයගේ විලාසිතා ගැන කමෙන්ට් කිරීමේදී  ප්‍රවේශම් විය යුතුය.
• පොත් සාප්පු අසලින් යාමේදි ප්‍රවේශම් විය යුතුය. පොත් සාප්පු වලට ගිය විට ලිපි ද්‍රව්ය විකිණීමට ඇති කොටසට නොයා සිටීම පසුම්බියට ගුණය.
• කිසියම් පුද්ගලයෙක්ට බනින විට එම් පුද්ගලයා අසල සිටී දැයි සැලකිලිමත් විය යුතුය. 

වෙනත් 

• එක්ස්පයර් විමට පෙර ස්ටාර් පොයින්ට්ස් වියදම් කිරීමට මතක තබා ගන්න.
• කිරිබත් කෑමට කොපමණ ආස වුණත් විජේවර්ධන කැන්ටිමේ කිරිබත් නොකෑ යුතුය. මන්දයත් ඒවාට කිරිවත් ලුණුවත් නැති බැවිනි.
• කඩවල්වල ඇති පාන්පිටි කෑම පෙරේතකමට නොකෑ යුතුය..නැත්නම් පාඩුව මටමය.
• නිවසින් පිට එක් දිනක් ගත් කිරීමට ගියත් ෆෝන් එකේ චාජරය ගෙන යා යුතුයි. නැත්තම් විශ්වාස කළ නොහැකි පරිදි ෆෝන් එකේ බැටරි බසිනු ඇත.


මේවා තමයි මම ඉගෙන ගත්ත පාඩම්. ඔයාලා හැමෝටම එළඹෙන 2014 සියලු ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 

42 comments:

  1. "කිසියම් පුද්ගලයෙක්ට බනින විට එම් පුද්ගලයා අසල සිටී දැයි සැලකිලිමත් විය යුතුය. "

    මේක නම් ගොඩක් වටින පාඩමක්... :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මමත් සෑහෙන්න අමාරුවෙන් ඉගෙන ගත්තේ... :D

      Delete
  2. බස් ගමන් වලට පුදුම තැනක්නෙ මෙයා දීලා තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. නිතරම බස් එකේ යනවනේ.. ඒ නිසා තමයි...

      Delete
  3. මම නම් මේ 2013ට මොකද කියන්නේ කියලා කල්පනා කරනවා තාම.. කෝම වුනත් සුභ 2014ක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් මදාරාටත් සුබ 2014ක් වේවා දිනේෂ් අයියේ...

      Delete
  4. ඉතාම හොඳ පාඩම් ටිකක්.

    සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සමහර පාඩම් හරිම අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා..

      සුදීක අයියාටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  5. // අනිත් අයට බැලීම සඳහා චිත්‍රපටි හා ටීවී සීරීස් දීමේදි ප්‍රවේශම් වෙන්න. නැත්නම් ඔබට ඉන්පසු අලුතෙන් එන සෑම එපිසෝඩ් එකක්ම උන්ට දීම සඳහා බෑමට සිදුවනු ඇත. එයින් කෙළවෙන්නේ ඔබේ දුප්පත් බයිට් ටිකටය//
    මචන් කටට මාළු පාන් ගෙඩියක් ඔබන්න හිතෙනවා. මේක නම් ඉතිං ආයේ කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. මටත් ඕක අනන්තවත් වෙනවා.. ඔබට සුබ නව වසරක් වේවා!

      Delete
  6. මේ දේවල් වල ප්‍රගතිය සමාලෝචනය කරන්න අපි ලබන අවුරුද්දේ එන්නං..

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දේ ප්‍රගති සමාලෝචනය කරලා බලන්න ඕනි.. දේශකයාට සුබ නව වසරක් වේවා!

      Delete
  7. "නිවසින් පිට එක් දිනක් ගත් කිරීමට ගියත් ෆෝන් එකේ චාජරය ගෙන යා යුතුයි. නැත්තම් විශ්වාස කළ නොහැකි පරිදි ෆෝන් එකේ බැටරි බසිනු ඇත"

    මේකනම් මටත් අනන්ත වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. චාජරේ ගෙනිච්චාම බැටරි බහින්නේ නැහැ..

      කෝරලේ මහත්තයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  8. ගොඩස්ක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා වාගේ.. උගත් පාඩම් කොමිසන් සභාවක් පත් කරන්ඩ වෙයිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඔව් මධු අයියේ.. මේවා හරිම වැදගත් පාඩම් නේද? කොමිසමක් පත් කළාට වැඩක් වෙයිද?

      Delete
  9. සිතු කලින්ම මට සුභ පතලා තිනවා දැක්කා ;)

    මරු පාඩම් ටික. එහෙම බැලුවොත් මම මුකුත් ඉගනගෙනම නැ අෆ්ෆා... නිකරුනේ ගෙවපු අවුරුද්දක් හ්ම්ම්...

    නව වසරට සුභ පැතුම් සිතු !!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. දිනේෂ් අයියාටත් එක්කම ඔයාටත් සුබ පැතුවා.

      මතක් කරලා බලන්නකෝ හෙමින් සැරේ.. ඔයාත් පාඩම් ටිකක් හරි ඉගෙන ගන්න ඇති..

      ඔයාටත් එසේම වේවා! (ආයෙම සැරයක් සුබ පැතුවා ඔන්න)

      Delete
  10. හොඳම පාඩම් ටිකක් කියල දීල තියෙනව,හරිම ප්‍රයෝජනවත්.
    සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක්ම ගියා ඔය පාඩම් ටික ඉගෙන ගන්න..

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  11. නව වසරට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා!

      Delete
  12. මේ පාඩම් ටික මට නං සෑහෙන්න වැදගත් :) සිතූ අක්කට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ගොඩක් සතුටුයි..

      ධාරා නංගිටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  13. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන ප්‍රාර්ථනාවක් මල්ලි.. ඔයාටත් හිතේ තියන සියලුම බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙන සුබම සුබ නව වසරක් වේවා!

      Delete
  14. //තේ බීමට බස් එක නවත්තන තැනින් බස් එකෙන් බැස්ස විට සැම විටම තමා පැමිණි බස් රථයටම නැග්ග යුතුය.//

    හූ......!! ඒක නම් අත්දැකීමක් වෙන්ට ඕනෙ....! :D

    ReplyDelete
    Replies
    1. හැම එකක්ම අත්දැකීමක් තමයි බස්සියෝ :D

      Delete
  15. නියමයි මරු ඈ (මරුවා)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
    2. නියමයි. (මරුවට තැන්කූ ලින්කුව ෂෙයාර් කලාට :) )

      Delete
    3. චාමිටත් ස්තූතියි මේ පැත්තේ ආවාට..

      Delete
  16. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. නලින් අයියටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  17. හොඳ උපදෙස් ටිකක් ... ලැබුවාවු නව වසරට මෙගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!! කුශානිටත් සුබ නව වසරක් වේවා!

      Delete
  18. වයර් ගතිය වැඩි චරිතයක් වගේ :D

    සුබ නව වසරක් වේවා ;)

    ReplyDelete
    Replies
    1. වයර් ගතිය නම් වැඩියි තමයි... :D

      ඔබටත් සුබ නව වසරක් වේවා!

      Delete
  19. අපූරු අදහස් ටික. සුබ පතනවා නව වසරට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔයාටත් සුබ පැතුම්!

      Delete
  20. වටිනා කියන පාඩම් ටිකක්.. :)
    ස්ටාර් පොඉන්ට්ස් ටික වියදම් කරන්නේ කොහමද කියන එක තමා මට හිතා ගන්න බැරි :D

    ReplyDelete
    Replies
    1. ඔව් අවුරුද්දක්ම ගියා ඔය පාඩම් ටික ඉගෙන ගන්න...
      ස්ටාර් පොයින්ට්ස් එක්ස්පයර් වෙන්න කලින් වියදම් කරන්න එපැයි.. නැත්තම් අපරාදෙනේ..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......