Thursday, December 26, 2013

හීනයක්.....

තණ බිස්සට 
පිණි වැටිලා 
ඊට උඩින් 
මල් වැටිලා 
ඇවිද යන්න 
ආස වුණත් 
සීතලටම 
ගුලි ගැහිලා.... 

රෑ අහසේ 
තරු පිරිලා 
සඳ කුමරිත් 
හිනා වෙලා
ළඟට එන්න 
ආස වුණත් 
මගෙ අත්තටු 
සිඳ දමලා....

30 comments:

  1. ලොවෙත් එළ ඉතින්... කලින්ම කමෙන්ට් එක දුන්න නේ මම... ;D

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔව්.. ගොඩාක් ස්තූතියි! :D

      Delete
  2. ඇයි මොකෝ අත්තටු වලට වුණේ?

    ReplyDelete
    Replies
    1. අත්තටු සිඳ දාලනේ මදාරා....

      Delete
  3. සිද දමාපු අත්තටු ඉක්මනට ආයේ ලියලන්න පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ආයෙ ලියලයිද කියල බලමු...

      Delete
  4. සීතල දැනෙනවා දැනෙනවා වගේ කියවද්දී

    ReplyDelete
  5. තටු දෙකක් හයිකරගමු..

    ReplyDelete
    Replies
    1. එහෙමවත් තටු ලැබුණොත් හොඳයි..

      Delete
  6. මගෙ දුවේ නුඹ අවදියෙන් නම්... ගීතය මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම සින්දුවක්...

      Delete
  7. හීනේ හැබෑ වෙන්න කියලා සුබ පතනවා ... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුශානි..

      Delete
  8. තටු සිඳුන කිරිල්ලී !

    ReplyDelete
    Replies
    1. තටු ආයෙ ලියලයිද දන්නේ නෑ..

      Delete
  9. ෂා....තනුව නියමයි...නැටවෙනවා....

    ReplyDelete
    Replies
    1. මේක මේ බලවත් මෙව්ව එකකින් ලිව්ව එකක්.. ඒත් නැටවෙනවද?

      Delete
  10. සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොල පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට

    අදහස් සම්පූර්න පරස් පර උනත් මට මතක් උනේ මේ කවිය :)

    ආයෙමත් කියනවා.. සද තරු මල් අහස සහ අඅදරය කවියත් එක්ක මොන තරම් නම් බැදෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඇයි හීනය.. ඒකත් ආදරේ එක්ක ගොඩක් බැඳෙනවා නේද?

      කවිය ආපහු කියවලා බැලුවාම මටත් ඒ කවිය මතක් වුණා..

      Delete
  11. තටු එනකම් පිනි වැටුන තණ බිස්සෙ ඇවිදින්න.
    එතකොට දැනේවි සිතට සීතලක්..

    ReplyDelete
    Replies
    1. තණ බිස්සෙ
      වැටුණු මල්
      පෑගිලා
      පොඩි වෙයිද?

      Delete
  12. තටු සිදුනට ඒ තටු කවදා හෝ දිනක යලිත් ලියලාවි එතෙක් මඟ බලමින් හිදිමු :)

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු අපිව ජීවත් කරවනවානේ..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......