Thursday, January 2, 2014

මං තාම පුංචියි නේද අම්මේ....

ඊයේ මාමා ආ වෙලාවේ 
නින්ද ගොස් නම් නෙවෙයි උන්නේ 
මාමා අම්මා එක්ක කියපුවා 
මමත් අහගෙන උන්නේ අම්මේ... 

මල් කොරහකින් මූණ බලලා 
පෝය දොළහයි තාම ගෙවුණේ
බුලත් හෙප්පුව අරන් යන්නට 
තාම කල් වැඩි නේද අම්මේ....

ලබන සතියේ අපේ පංතියෙ 
නුවර යනවා කිව්වා අම්මේ 
කවි තරඟෙ සහතිකේ ගන්නට 
මටත් යන්නට හැකිද අම්මේ... 

කෙල්ලො නවයක් බලාගන්නට 
තනිව අම්මට බැහැනේ අම්මේ 
අපුච්චා තව හිටියනම් මට 
ඉගෙන ගන්නට තිබුණා අම්මේ...




46 comments:

  1. අයියෝ......හරිම සංවේදී...හ්ම්ම්ම්......
    වෙනස් විදියේ නිර්මාණයක්.....ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි!
      වෙනස් විදියේ දෙයක් ලියන්න හිතුණා...

      Delete
  2. දුක හිතෙන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. දුක හිතුන්නෑ.. සැබෑ ජීවිත අප වටා ඇති එළෙසමයි..

    ඕක මම මුනුපොතේ දැක්කා නෙ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. මේක මීට කාලෙකට කලින් වෙච්ච සැබෑ සිදුවීමක්.. තවමත් මේ වගේ දේවල් වෙනවා ඇති..

      Delete
  4. Replies
    1. හ්ම්ම්.. සංවේදී හිත් වලට...

      Delete
  5. ෆේස් බුක් එකෙනුත් කියෙව්වා .. ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඔව් මම මේක මුලින් දැම්මේ ෆේස්බුක් එකේ..

      ස්තූතියි!

      Delete
  6. හරිම අපුරුවට ලියලා තියනවා...

    ReplyDelete
  7. අයියෝ හරිම දුකයි අවුරුදු දහතුනක විතර කෙල්ලක්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව්.. විවාහ වෙද්දි අවුරුදු 14ක කෙනෙක් මම හිතන්නේ..

      Delete
  8. ආසියාතික රටක අසරණ වෙන අපේම සහෝදරියන්....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ තත්වය ගොඩක් දකින්න තියෙන්නේ ආසියාතික රටවල...

      Delete
  9. නිර්මාණය ඉහලයි....
    අපට එදිනෙදා දක්නට/අසන්නට ලැබෙන සංවේදී කතා වලින් තවත් එක් කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!

      තවත් මෙවැනි සංවේදී කතා ගොඩක් තියෙනවා...

      Delete
  10. හුඟක් හිතට දැනුන පෝස්‍ටුවක් .. නොදකින පැත්තක් පෙන්නලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුශානි... මේ වගේ දේවල් තවමත් වෙනවා ඇති...

      Delete
  11. හ්ම්ම්...ඔහොම දේවල් කොයි තරම් වෙනවද :(

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි අක්කේ... හරිම කණගාටුදායකයි...

      Delete
  12. මොනවා කියන්නද කියලා කල්පනා කලේ.. ඔය වගේ පරිසරයක් තියෙන පවුලක ඉතින් මෙහෙම දෙයක් වෙන එක ඒ පැත්තෙන් හිතන්නේ ලොකු සහනයක් කියලනේ..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පවුලකට ගෑණු ළමයි සෑහෙන්න බරක් නේ... ඉතින් ඉක්මනට දීගතල දෙන්න හදන්නේ... එහෙම ගෙදරින් පිට කළාම සහනයක් ලැබෙනවා...

      Delete
  13. ඒ අම්මාගේ පැත්තෙන් බලපුවාම අම්මත් අසරණයි. ඒත් එහෙම උණත්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව්... අම්මට උගන්නන්න හැකියාවක් තිබ්බා නම් කවදාවත් එහෙම පොඩි වයසෙන් දීග දෙන්නේ නැහැනේ..

      Delete
  14. හ්ම්ම් දැනුත් මේ දේ වෙනවා. මං යන එක පන්තියක ඉන්නවා මගේ වයසේම ගැනු ළමයෙක් දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවලු -_- ... තාත්තා නැති නිසා අම්මා බන්දලා දුන්නලු ඉක්මනට. අක්කලා දෙන්නයි එයයිලු ඉන්නේ. ඔන්න ඔහොමයි තත්වේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මගේ වයසේ නේද? හ්ම්ම්.. තාමත් එහෙමමයි ඒ කියන්නේ.... ඕක වැඩිපුරම තියෙන්නේ ගෑණු ළමයි විතරක් ඉන්න පවුල් වල් නේ... තාත්තා නැති වුණාම අම්මට තනියම බලාගන්න අමාරුයිනෙ ගෑණු ළමයි..

      Delete
  15. හරි ම හැඟීම්බර යි සිතූ. අකුරු නොකළට මේ වගේ වේදනාවලට මූණ දෙන පුංචි දැරියෝ කොච්චර ඇති ද?

    ReplyDelete
    Replies
    1. තාමත්.. මීටත් වඩා පුංචි ළමයින්ට මේ ඉරණම අත් වෙනවා දිලිනි...

      Delete
  16. ඔයාවත් බන්දලා දෙන්න දැන් කාලේ හරි මම හිතන්නේ... :D :D

    ReplyDelete
    Replies
    1. හික්ස්... එච්චරයි අඩු නේ..... :D :D

      Delete
  17. මේ වගේ දේවල් තවමත් වෙනවා......හිතට තදින්ම වැදුනා සිතු

    ReplyDelete
    Replies
    1. ඔව්.. තාමත් වෙනවා.... ස්තූතියි අගය කිරීමට ශානු...

      Delete
  18. හරිම වෙනස් මගක් ගත් නිර්මාණයක්. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩූඩ්! දැන් ආපහු දූපත්ලන්තෙට ගොඩ බැස්සද?

      Delete
  19. සංවෙදී සිතුවිල්ලක්...

    ReplyDelete
  20. කියල වැඩක් නැහැ හැඟීම්බර නිර්මාණයක්. එල සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරලේ මහත්තයෝ!

      පිළිතුරු පමා වුණාට සමා වෙන්න...

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

      Delete
  21. කාලෙකින් කියවන්න ලැබුනු වෙනස් අත්දැකීමක් සහිත නිර්මානයක්. ඉහලින්ම රසවින්දෙමි!!

    ReplyDelete
  22. ඇත්තටම සන්වේදී කතාවක් සිතු, ඔයවගේ කතන්දර ඔන තරම අපි අවටම ඇති නොදන්නව උනාට

    ReplyDelete
    Replies
    1. ඔව්... අනිවාර්යයෙන්ම අපි අතරෙ ඇති මේ වගේ අය...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......