Tuesday, March 18, 2014

හිරු නැගෙන තුරු....

තෙරක් නොපෙනෙන 
පාළු කතරක 
අකල්හි වට 
වැසින් තෙමුණෙමි 

පිපාසය නිවෙතැයි 
සිතා තව 
මිරිඟු දිය පසු 
පසම දිව්වෙමි.... 

දිය බිඳක්
නැති බව දැනෙන්නට
කල්පයක් වැනි
කලක් ගතවිණි.... 

එකී කල්පයේ 
නිරන්තරයෙන් 
මතක ගිනි සිළු 
වලට දැවුණෙමි.... 

සිතට දිරි ගෙන 
මතක පොකුරම 
පාළු නිවසක 
අගුළු දැම්මෙමි.... 

දිනෙක මතුදා 
මටම උරුමැති 
හිරු නැගෙන තුරු 
බලා ඉන්නෙමි.... 

22 comments:

  1. අකල් වැස්සට
    තවම පෙම් කරමි
    ආපසු හැරි ජීවිතය විදිමි,විදවමි
    නෙතෙන් හැලෙනා කදුලු පිස ගමි..
    නැවත පියවර ඔසවමි
    පෙර ලෙසම
    මිරිගුවක් දුටිමී
    කට කොනෙක් සිනහවක් පෑවෙමි
    නැවත පියවර
    ඔසවමින් ඉදිරියට යමි
    නැවත හැරි ජීවිතය දෙස බලමි
    අගුල් දැමු පාළු නිවසේ සිතුවිලි
    පෑල දොරින් එලියට විත්
    සිනා පා ජීවිතයට කවට කම් කරනු දිටිමි...
    නෙත් තදරක වසා ගත්තෙමි.....
    මොහොතකින්
    නෙත් පියන් හැර හිතට වෙර ගත්තෙමි
    හිරු නැගෙන තුරු නොඉද
    මටම හිමි හිරු සොයා හිරු නොබසින
    අධිරාජය සොයා
    පියවර ඔසවමින් ඉදිරියට
    ගියෙමි..........
    ඉතින් දැන් මට හිමි හිරු ලැබුනි
    නෙත් පියන් තුල
    රදවා රකිමි මගේම හිරු
    හිරු නොබසින අධිරාජයට වී....
    තුටින්...........
    _________ශානු___________

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කවිය ගොඩක්...

      හිරු පායන තුරු මමත් බලා සිටිමි...

      Delete
  2. නුඹට උරුමැති
    ළබැදි හිරු හිමි
    නැගෙන තෙක්........

    ළගින් ඉන්නට
    හිතක් සොයහන්....

    ලස්සනයි.... අපූරු නිර්මාණයක්... තව ලස්සනට ලියන්න තව තව ශක්තිය දිරිය ලැබේවා

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි!

      ජයවේවා!

      Delete
  3. දිනෙක මතුදා
    ඔබට උරුමැති
    හිරු පිපේවා
    පතා යන්නෙමි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිලිනි.....

      Delete
  4. ඔය අකල් වැසි හන්දා හැමදාම කරදර තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්... අකල් වැස්සක්නේ....

      Delete
  5. නිර්මාණය විශිෂ්ටයි......
    බලා හිටියට ලගට එන්නෙ නැහැ ළමයො ....
    ප්‍රධාන ඉගෙනුම් වැඩ ටික අහවර කොරල හොදට හොයල බලලා තෝරාගන්න ඕන...
    ලගට කඩං පාත් වෙන ඒවා ෂුවර් නැහැ බං .... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි!

      ඔව් ඔව්. හොඳට හොයල බලලා තෝරාගන්න ඕනේ තමයි..

      Delete
  6. සිකේ හිත හොදටම අවුල් කරගෙන නේ මේ ලමයා..

    ReplyDelete
  7. ඔය ඉර පායපු එවුනුත් වෙනත් ගැලැක්සි ගැන සිහින මවනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. ඉතින් අපිට ඉරක් පායයි ද?

      Delete
  8. මට ඉතිං කවි සිතුවිලි නෑනේ.. කවි ටික ලස්සනයි කියලා විතරක් කියන්නං !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ.... නරකද කවියක් ලියන්න උත්සහ කළොත්...

      Delete
  9. ඝන අඳුර පිස හිරු නැගෙන සේ
    පාළු කතරට වැටෙන පොද සේ
    ජීවිතේ ජය පැන් ලබන්නට
    පතමි ආසිරි කවි පද ලෙසේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කුෂානි...

      කවියත් ගොඩක් ලස්සනයි...

      Delete
  10. ලස්සනයි සිතු.. අන්තිම පේලි හතර වඩාත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චන්දන...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......