Monday, April 7, 2014

සුරා සොඬෙකුට බිරිඳක්ව....

වැළපෙන හිතක් සඟවා 
සිනහවෙන් මුව සරසා 
එනතෙක් රෑ පුරා 
බලා හිඳිනෙමි දෑස් දල්වා 

කියන කිසිවක් නාසයි 
චාටු බස් මා රවටයි 
දහසක් හේතු දක්වයි 
ආයේ බොන්නේ නැතැයි දිවුරයි 

මගෙ වැරදිම දකියි 
මා ගැන දොස්ම කියවයි 
පෙර කල ගුණ වයයි 
අන් ළඳක රූ මතින් දොඩවයි 

පැතු දිවිය මෙය නොවෙයි 
ඒ බව සිත දනියි 
හැරෙන්නට කල් වැඩියි 
බලා හිඳිනෙමි දිවිය අඳුරුයි 



26 comments:

  1. හැරෙන්න කල් තිබුනා නම්.... පවු !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හැරෙන්න කල් වැඩියි නේ....

      Delete
  2. එයාටත් මහත්තය එක්ක එකතු වෙලා හොඳට බොන්න තියෙන්නේ.. :D
    එතකොට සේරම හරි !!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... එතකොට සේරම හරියයි.....

      Delete
  3. / පැතු දිවිය මෙය නොවෙයි ඒ බව සිත දනියි // මෙහෙම හිතන අය කොයිතරම් නම් ඇත්ද ...
    අපූරුයි නිර්මාණය ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුශානි..... මෙහෙම හිතන අය අනන්තවත් ඇති අපි අතරේ.....

      Delete
  4. ///මගෙ වැරදිම දකියි
    මා ගැන දොස්ම කියවයි
    පෙර කල ගුණ වයයි
    අන් ළඳක රූ මතින් දොඩවයි//////

    මේ කොටස නැතුව අනිත් ඕනෑම දෙයක් අපේ අම්මා අත්වින්දා...නමුත් ආපසු හැරෙන්නට ඇය තීරනය කලේ නැත්තේ ඔහු නිසාද අප නිසාද....ඇය දැන් කියන්නේ ඒ දෙකම නිසාය කියාය. ඒ සොඳුරු ගැහැනිය මුණුබුරු මිණිබිරියන් දහ දොලොස් දෙනෙකුගේ මිත්තනියක්.

    මට අපේ අම්මාගේ තරුන කාලය පෙනුනා මේ කවි ඇතුලේ.

    ReplyDelete
    Replies
    1. ආපසු හැරෙන්න නැත්තේ සැමියාත් දරුවනුත් දෙගොල්ලොම නිසා විය හැකියි... ඈ ආපසු හැරුණා නම් ඔබලාත් සමාජයේ අතරමං වෙන්න ඉඩ තිබුණා...

      ඈ දැන් දරු මුණුබුරන් බලමින් සතුටින් ඇති... ඈ විඳි දුක් ගංඟාවට ඈ එවන් සතුටක් විඳිය යුතුමයි...

      Delete
  5. ///බලා හිඳිනෙමි දිවිය අඳුරුයි/// කීවාට හැමදාම එහෙම වෙන්නෙ නැහැ.බේබදු සැමියන් නිසා අනේක දුක් විඳින ගැහැනුන්ගෙ ජීවිත යථාර්තය මේක තමයි......

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය අතෑරලා දාලා යනවා.... ඒත් එහෙම නොයන අයත් ඉන්නවා ඉතින්...

      Delete
  6. මෙවැනි කවක් කිසිදු කතකට ලියන්නට සිදු නො වේවා‘යි පතමි.

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රාර්ථනාවත් එයම තමයි.....

      Delete
  7. මෙහෙම ජීවිතයක් ඇත්තටම දුක් විදියි දවසක.. ආපහු හැරෙන්නවත් කාලයක් නොතිබුනොත්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... අපිට මෙඩිසින් උගන්නන්න ආපු මැඩම් කෙනෙක් කිව්වා... "Never marry a drunkard. You will be a suffering wife!" කියලා...

      Delete
  8. ඔයත් බොන්න පටං ගන්න වහාම. එතකොට එක්කෝ පොර බීම නවත්තයි, නැතිනං දෙන්නම බීලා ආතල් එකේ ඉන්න ගනී.

    ReplyDelete
    Replies
    1. මේක නිර්මාණයක් විතරයි... :D දෙන්නම බොන්න පටන් ගන්න එකත් එක ඔප්ශන් එකක් නම් තමයි... ඒත් ඒක කොච්චර සාර්ථක වෙයිද දන්නේ නෑ.... :D

      Delete
    2. ඉතා සාර්ථක වෙයි !!!

      Delete
    3. ඇත්තමයි... මට දැන් මේකට කියන්න දෙයක් හිතාගන්න බැහැ....

      Delete
  9. බේබද්දාගේ බිරිද ට ඔහොම වෙලා මදි. මෝල් ගහක් අරන් හොදවයින් දෙකක් නොදෙනවට..

    ReplyDelete
    Replies
    1. බේබද්දාගේ ගෙදර මෝල් ගහක් නැතුව ඇති.....

      Delete
  10. ඔයිටත් වඩා අසරණ වුනු බිරින්දෑ වරු ඉන්නවා. එ අයගෙ මිනිස්සුන්ට දවසේ තියන ලොකුම බලාපොරොත්තුව තමයි හවසට බොන එක. නිවාඩු දවසක් නම් දවස පටන් ගන්නෙම බීමෙන්. සමහරු එදා දවසට බොන්න සල්ලි අඩු නම් දවල්ට කන කෑම එකෙන් බාගයක් විසි කරනව. බඩ පිරුනම සූර් මදි වෙන නිසා. එහෙම කතා එමටයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... ඊටත් අමතරව තමන්ගෙන් පළිගන්න බොන මිනිස්සුත් ඉන්නවා.. ප්‍රශ්න අමතක කරන්න බොන මිනිස්සු... අපි හිතන් හිටියට සතුටින් කියලා ලෝකෙට පේන්න සතුටින් ඉන්න, ඒ වුණාට හිතින් විඳවන මිනිස්සු ඕනේ තරම්....

      Delete
  11. බලා හිඳිනෙමි දිවිය අඳුරුයි-සුපිරි.. අක්කා වෙලාවක යමුනා මාලනීගේ සුරා සොඬ සැමි වළප ත් බලන්නකෝ.මේ වගෙම් අත්දැකීමක් ගැන තියෙන්නේ ඒකෙ!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නංගෝ... මම හොයාගෙන බලන්නම්.. ඒ ගැන කිව්වට ස්තූතියි..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......