Saturday, May 17, 2014

ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ... And They Lived Happily Ever After...

ඉස්සර හැමදාම අපි කියවපු සුරංගනා කතා ඉවර වුණේ මේ විදියට. “ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.” ඒ කාලේ නම් මම හිතාගෙන හිටියේ කුමාරයයි කුමාරියි කසාද බැන්දාම එයාලා අනිවාර්යයෙන්ම සතුටින් ජීවත් වෙනවා කියලා. ඒත් එහෙම වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තේ ගොඩක් පහු වෙලා.

 සතුට කියන්නේ මොකද්ද? ඒ අද හැමෝම හොයන දේ. ඇයි ඒ හැමෝම සතුට හොයන්නේ? සතුට නැති වෙලා ද? නැහැ. සතුට නැති වෙලා නෙවෙයි..සතුට අපි අතරෙම තියෙනවා. ඒත් හොයාගන්න බැහැ.
සල්ලි වලට සතුට මිලට ගන්න පුළුවන් ද? බැහැ. ඒත් සල්ලි තියන අය නැති අයට වඩා සතුටින් ඉන්නවද? ඒක කියන්න අමාරුයි. මොකද සල්ලි තියන කෙනෙක්ටයි නැති කෙනෙක්ටයි තියන ප්‍රශ්න ගොඩක් වෙනස් නිසා. සල්ලි නැති කෙනා හිතන්නේ සල්ලි නැති නිසා තමයි ඔක්කොම ප්‍රශ්න කියලා. ඒත් සල්ලි තියන කෙනා දන්නවා සල්ලි වලින් හැම ප්‍රශ්නෙම විසඳන්න බැහැ කියලා.

සමහර මිනිස්සු ලෝකෙට පේන්න සතුටින් ඉන්නවා. හිතින් දහස්වාරයක් මැරි මැරී ඉපදෙනවා වුණාට ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්නවා. ඒ ඇත්තටම සතුටින් නිසා නෙවෙයි. එකම ප්‍රශ්නෙට හැමදාම විඳවලා තේරුමක් නැති නිසා. විඳවලාම වෙහෙසට පත් වෙලා නිසා. කෙනෙක් පිටතට පේන්න සතුටින් හිටියට එයා ඉන්නේ සතුටින් නෙවෙයි වෙන්න පුළුවන්.

අපි අනිත් අයගේ සතුටට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේ සතුටින් මටත් ඉන්න පුළුවන් නම් කියලා හිතනවා. ඒත් අපි සතුටු වෙන දේවල් එකිනෙකාගෙන් වෙනස්. මොනවා වුණත් පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම හරිම අමාරුයි. එතකොට හරිම වෙහෙසකරයි. මොකද අපි බලාපොරොත්තු වෙන දේවල් හැම වෙලේම අපිට නොලැබෙන නිසා. පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වුණාම වැඩි බලාපොරොත්තු නැහැ. හිතටත් හොඳයි.



18 comments:

  1. සතුට ට අර්ත දෑක්වීම් ගොඩාක් තියෙනවා..ඒත් ඒ හෑම එකක්ම හරි නෑති වෙන්න පුලුවන්.පහන් එළිය දෑකලා මේරු ලබන්නෙත් සතුටක්.ඒත් ඒ සතුටම දුකක් බවට පත්වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේත් නෑ.අයිති කරගෑනීම යන සිතුවිල්ල ලග සතුට පලා යනවා,පූර්ව නිගමන ලග සතුට පලා යනවා.
    නියායාත්මකව ඒ දේවල් එහෙමයි කියලා හිතුනට දෑනුනට ප්‍රායෝගිකත්වය කියන තෑනදී අපි සතුට හොයන්නේ අයිති කරගෑනීම් පූර්ව නිගමන මතම තමයි.ඒක ලෝක සොබාව.
    හිතලා බෑලුවොත් හෑම මොහොතකම අපිත් මේරුන්ගේ චරිතය රගපානවා.ඒ වෙන දෙයක් නිසා නෙමේ සතුට නිසා.
    "පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වුණාම වැඩි බලාපොරොත්තු නැහැ." ඈත්ත..ප්‍රායොගිකත්වයත් මෙයමනම්..

    මේක මන් ආසම මාතෘකාවක්..නියමයි.. (‍Y)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අයිති කර ගැනීමම සතුට නෙවෙයි නංගී... අපට සමහර දේවල් කැප කරන්න වෙනවා තව කෙනෙක්ගේ සතුටක් උදෙසා... ගෙදර 4 දෙනෙක් ඉන්නවානම් කේක් කෑලි 3යි නම් තියෙන්නේ, අම්මා කියන්නේ කේක් කන්න අම්මා ආස නෑ කියලා.. ඒ ඇත්තටම අම්මා ආස නැති හින්ද නෙවෙයි නේද?

      සතුටු වෙන්න අයිති කරගන්නම ඕනේ නැහැ. අපට වැරදිලා තියෙන්නේ තව කෙනෙක්ගේ සතුටකදි සතුටු වෙන්න දන්නේ නැති නිසා. අපට අයිති නැති කෙනෙක් වුණත් ඉන්නේ සතුටින් නම් අපිට බලලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ..
      පොඩි දේවල් වලින් සතුටු වෙන්න පුළුවන්. අපි පොඩි කාලේ පොඩි දේවල් වලින් සතුටු වුණේ නැද්ද? ඒ දේවල් මහා ලොකු දේවල් කරගෙන විහින් විඳවන්නේ අපි විසින්මයි. හැම වෙලේම පොඩි දේවල් වලින් සතුටු වෙන්න බැහැ. ඒත් පුළුවන් වෙලාවට වත් පොඩි දේකින් සතුටු වෙන්න උත්සහ් කරන එක ගොඩක් වටිනවා..

      ගොඩක් ස්තූතියි මේ වගේ දිගම දිග කමෙන්ට් එකකට කාලය වැය කලාට....

      Delete
    2. ඔව් අක්කියෝ අයිති කරගෑනීම සතුට නෙමේ.ඒක ඔයා වගේම මාත් හොදටම දන්නවා.අයිති නෑති කෙනෙක් උනත් සතුටින්නම් ඒ හින්ද සතුටු වෙන්න පුලුවන්නම් නියම සතුට එතන තියෙනවා.ඒත් හිත ගෑස්සෙන සමහර වෙලාවලදි නියායාත්මක ලෝකෙන් අපි පිට පනිනවා.
      පෘතග්ජන ස්වභාවය අනුව එතකොට සතුටට අපි මොන අර්ත දෑක්වීම කලත් පලක් නෑ.

      Delete
    3. සතුට අපිට කවදාවත් හොයගන්න ලැබෙන්නේ නෑ. ඒක ළඟට ආවාම අල්ලගත්තේ නැත්තම්. විවිධ ස්වරූප වලින් සතුට එන්න පුළුවන්. ඒක හරියටම අඳුරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.. නැත්තම් අපි අසාර්ථකයි...

      Delete
  2. ලියන බ්ලොග් සටහනකට බැනලා හෝ එන කමෙන්ට් එකත් සතුටක් නොවෙද? වටින සටහනක් මේක. සතුට හොයෙන්න බැ ලබාගන්න දැන ගන්න ඕන. පොඩි දෙයකින් පවා සතුට ලබාගත හැකියි. අහස උසට බලාපොරොත්තු සතුට දියකරවනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත. තමන් ලියපු දෙයක් තව කෙනෙක් කියවනවා කියලා දැනගත්තාම පුදුම සතුටක් එන්නේ...
      "සතුට හොයෙන්න බැ ලබාගන්න දැන ගන්න ඕන"
      මේක නම් සහතික ඇත්ත..

      ගොඩක් ස්තූතියි!

      Delete
  3. ඔන්න මමත් බ්ලොග් එක පැත්තේ ආවා. බ්ලොග් පිටුව අපේ දර්ශකයටත් ඇතුලත් කරගත්තොත් හොඳයි කියලා හිතුනා. මෙන්න අපේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවට...

      Delete
  4. මට මේක කියවද්දී මතක් වුනේ සින්දුවක්....

    සතුට
    සතුට.. උපරිම තැන හෙව්වා...
    උපරිමයක්‌ නැති බැව් දැනුන නිසා
    පිළිතුරු අප්‍රාණ වුනා....

    පොස්ට් එකට අදාල නැතුව ඇති.. මතක් වුනේ ඕක...

    (මේ ඇත්තටම දෙන්න ඕන කමෙන්ට් එක නෙවේ..)

    ReplyDelete
    Replies
    1. සතුටේ උපරිමයක් නැද්ද? ඒක සාපේක්ෂයි නේ... අවමයත් ඒ වගේ... සාපේක්ෂයි... අපි හිතන්නෙ කවදාවත් අපි සතුටෙ උපරිමය අත් විඳලා නැතුව ඇති කියලා. ඒත් ඒ හැමදේම පහු කරලා ගිහින් බලනකොට ඒ දවස් වල විඳපු සතුටෙන් බාගයක්වත් දැන් විඳින්න බැහැ. ඒක අපේ වැරැද්දක් නෙවෙයි. කාලයත් එක්ක හැමෝම වෙනස් වෙනවා.. ඒ වෙනස පිළිගන්න, ඒ වෙනසට අනුගත වෙන්න බැරි එකයි වැරැද්ද..

      Delete
  5. ඔයා කියන විදියට පොඩි දේවලින් සතුටු වෙන්න පුලුවං නං හොදයි.. බුද්ධ දර්ශනයෙත් කියන්නෙ අල්පේච්ඡතාව ගැන ඒත් මං දැකල නෑකිසිම මිනිහෙක් ඒ විදියට ජීවත් වෙනව.. ඒවිදියට ජීවත් වෙන එකත් හරිහ කුජීත විදියට දකින්නෙ.. සිතූ දැකලඇති හුතක් මිනිස්සුන්නෙ ගෙවල් වල බඩු මුට්ටු පුරෝල ඒත් අනික් ගෙදර තියෙන ඒවට ඊරිස්ය කරනව ඒ පොඩි දෙයිනි සතුටු වෙන හිංදද..
    අනේ මංද සතුට එක එක අය හොයන්නෙ වෙනස්විදියට එක එක අය සතුට හොයන විදියත් ඒ අය සතුටු වෙන විදියත් අනෙකාට සාපේක්ෂයි...
    ඒ මට හිතෙන හැටි..
    අදනෙආවෙ එංනං හැමදාම ඔන්න මාත් රෝලට දාගත්ත ජයවේවා

    ReplyDelete
    Replies
    1. "අනේ මංද සතුට එක එක අය හොයන්නෙ වෙනස්විදියට එක එක අය සතුට හොයන විදියත් ඒ අය සතුටු වෙන විදියත් අනෙකාට සාපේක්ෂයි..."

      මේක නම් ඇත්ත. සමහරුන්ට කොච්චර දේවල් තිබිලත් මදි සතුටු වෙන්න. ඒ නිසා තමයි අද ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ....

      ගොඩක් ස්තූතියි මේ පැත්තේ ආවාට...

      Delete
  6. උගත් ශිල්පය හොර හතුරෙක්ට ගන්න බෑ වගේ සතුටත් වෙන කාගෙන් හරි හොරකම් කරලා හරි බලෙන් හරි ගන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ..තමන්ම අත්විඳින්න ඕනේ දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් කුශානි.. ඒත් වෙන කෙනෙක්ගෙ සතුටක් නැති කරලා නම් සතුටක් ලබන අය ඕනෙ තරම් ඉන්නවා.. ඒත් ඒක කවදාවත් නියම සතුටක් වෙන්නේ නෑ...

      Delete
  7. ලැබෙන දෙයින් සතුටුවීමත්, ඒ සතුට අන් අය සමග බෙදාගැනීමත් තමයි මා ලබන සතුට.

    ReplyDelete
    Replies
    1. සතුට බෙදාගන්න බෙදාගන්න වැඩි වෙනවාලු නේ....

      Delete
  8. සතුට මන් ආසම මාතෘකාවක්, බලාපොරොත්තු අඩු තැන සතුට හොයන්න ලෙසියි.ඒක තියෙන්නෙ අපෙ අතේ එදිනෙදා සරලව ජීවත් වීම තමයි මන් නම් හිතන හොදම විදිය

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් හිතන්නේ පොඩි දේවල් වල් තමයි සතුට රැඳිලා තියෙන්නේ කියලා....

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......