Thursday, May 15, 2014

දයාබර නැගණියට....

මිතුරන් නැති දිවිය වුණත් 
කිසි ලෙසකින් වැඩක් නැතත් 
මිතුරු වෙසින් එන් සතුරන් 
එමට ඉඳීවී....
ඇති තැන නුඹෙ හොඳ කිව්වත් 
පණ දෙන්නට කතා වුණත් 
නුඹ නැති තැන උන් නුඹ ගැන 
රහස් කියාවී....

නුඹට හොඳක් වෙන්නට යන
හැම තැනදිම ලකුණු කපා 
ආයෙත් ගොඩ එන්නට බැරි 
වලක් කපාවී.... 
චාටු බසින් නුඹ රවටා 
වල ළඟටම ඇදගෙන ගොස් 
නුඹවත් නොසිතන මොහොතක
තල්ලු කරාවී....

නුඹේ සැබෑ මිතුරන් විත් 
නුඹ කොහිදැයි විමසන කළ 
ඔවුන් එක්ක එකතු වෙලා 
නුඹව සොයාවී....
ගොඩ එන්නට බැරිව සිටින 
නුඹව උන්ට හමුවුණ විට 
බොහොම දුකින් අනේ අපොයි 
කියා කියාවී.... 

ගොඩ එන්නට වෙර දරනා 
නුඹ නගිනා පියගැටපෙළ 
කටු අකුලින් වන ලැහැබින් 
සරුයි කියාවී.... 
දිනයක නුඹ ජය ලද විට 
අන් හැම හා පෙරමග විත් 
නුඹ හට දිරි දුන්නේ ඔවුන් 
කියා කියාවී.... 


12 comments:

  1. හික්ස් මේක මරු... අත්දැකීම් ටික නංගිට කියල දෙන්න වගේ හදන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්... එයත් දැනගන්න එපැයි මේවා...

      ස්තූතියි... :D

      Delete
  2. අපොයි ඔව් මිතුරු ඇසුර හොදින් වටහාගෙනම තමා කළ යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නැත්තම් අපිවත් දන්නේ නැති වෙලාවක තමයි කරදරේ වැටෙන්නේ..

      Delete
  3. මිතුරු ඇසුර ජීවිතේ ජය ගන්න වගේම ජීවිතේ අගාධයට ඇදලා දාන්නත් සමත් කාරණාවක්..

    ReplyDelete
    Replies
    1. ඔව් හරිම කල්පනාවෙන් කළ යුතු දෙයක්..

      Delete
  4. නංගියාට තේරුම් යන විදියටම සරල සිතිවිල්ල....

    ReplyDelete
  5. My comment is missing.
    I said,
    Oh God, I can protect myself from my enemies.
    Please help me protect myself from my friends.
    Amen.

    ReplyDelete
    Replies
    1. Your comment was not there in spam...

      Friends can do more harm than enemies...

      Delete
  6. // ඇති තැන නුඹෙ හොඳ කිව්වත්
    පණ දෙන්නට කතා වුණත්
    නුඹ නැති තැන උන් නුඹ ගැන
    රහස් කියාවී.... // මෙහෙම අය තමයි අද කාලේ වැඩිපුරම ඉන්නේ... අපූරුයි කවිපෙල..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කුශානි...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......