Wednesday, December 31, 2014

2014 උගත් පාඩම් පිළිබඳ වාර්තාව



ගිය අවුරුද්දෙ තමයි මෙහෙම එකක් මුලින්ම ලියන්න පටන් ගත්තෙ. මේ අවුරුද්ද ගැනත් ලියන්න ඕනේ ඉතින් ඒක නිසා…

අධ්‍යාපනික


1)පාඩම් කිරීමට පුස්තකාලය භාවිතා කිරීම ඇඟට ගුණය. එහෙත් බ්‍රේක් එකක් ගැනීමට සිතා බැල්කනියට යාම බොහෝ කාලය නාස්ති කරවන්නකි. එය බොහෝ ඕපදූප කතා වල උල්පතයි.

2)ස්ටඩි ලීව් එකේ පාඩම් කිරීමට ඉතුරු කරගැනීම ඔබව ඉතා අපහසුතාවයට පත් කරයි.
   
හේතු

  • අපේ ෆැකල්ටිය නුවරට සීතලම කාලයට එක්සෑම් දැමීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරන බැවින් ස්ටඩි ලීව් එකේ එතරම් පාඩම් කිරීමට නොහැක.
  • ස්ටඩි ලීව් එකේ දී ගෙදරින් කෑම බීම විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් ඒවා කෑමෙන් පසුව නිදා ගැනීම හැර වෙන දෙයක් කිරීමට නොහැක.

3) පේෂන්ට් ලා කෙරෙහි කිසි විටකත් විශ්වාසය නොතබන්න. අවසාන මොහොතේ ඔවුන් පොල්ල තබනු ඇත.

මිතුරන්

1) කිසිම විටෙක යාළුවෙක්ට කොල්ලෙක් සෙට් කිරීමට වෙහෙස මහන්සි නොවන්න. මක් නිසාද යත් සති කිහිපයකින් කොල්ලා වෙන කෙල්ලෙක් සමඟ හිච් වනු ඇත.
2)අනිත් අයගේ දේවල් කරට අරන් කිරීම මිතුරාත් මුදලත් දෙකම නැති කරයි.
3)මිතුරන් හොල්මන් ෆිල්ම් බලන විට කොමඩි බැලීමෙන් මිතුරන්ගෙන් බැනුම් ඇසීමට සිදුවනු ඇත.
4)මිතුරන්ට ෆිල්ම් ලබා දිමේදී ප්‍රවේසම් විය යුතුය. බොහෝවිට ඔබට ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර දීමෙන් නොනැවතී, කතාවද තේරුම් කර දුන් පසු “එහෙම තමයි මමත් හිතුවේ” කියා අසා ගැනීමට සිදුවනු ඇත.
5)යාළුවන් සමඟ ට්‍රිප් යාමට ප්ලෑන් කළ පසුව වසර තුනකින් පමණ එම ට්‍රිප් යාමට හැකි වනු ඇත.

මම

1)වේදිකා නාට්‍ය නැරඹීමේදී ඉදිරි පේළියක සිටීම නාට්‍ය නැරඹීම වෙනස් අත්දැකීමක් කරවයි. ( එහෙත් මෙහිදී ගුරුවරුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය)
2)කවුරු මොනවා කීවත් දත් ගැලවීම හෙනම බයානක ක්‍රියාවලියකි.
3)කවි ලිවීමට වඩා එම කවි වල තේරුම කියාදීම ඉතා අපහසුය.
4)බොහෝ බයානක යැයි පෙන්වන පුද්ගලයන් සිතන තරම් බයානක නැත.
5)කොටස් වශයෙන් කතා ලිවීම නොකළ යුතුය. කොටස් කිහිපයක් ලිවීමෙන් පසු එම කතාව ලිවීම ඔබට  එපා වනු ඇත.



තවත් ගොඩාක් තියෙනවා ඉතින්…. ඒත් මම හිතන විදියට 2014 මට කියලා දීපු හොඳම දේ තමයි ගොඩක් ගැඹුරු තුවාල වුණත් කාලයක් යද්දි සනීප වෙනවා කියන එක.

බ්ලොග් ලෝකෙ යාළුවෝ හැමෝටම 2015 සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 

16 comments:

  1. වාර්තාව අනුමත කරමි. :D
    සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  2. පට්ට උගත් පාඩං කියල හෙඩිම දකිද්දිම හිතුන
    පට්ට කොමිටලයක් කියල
    ඒත් බලපුවාම මේ ඔක්කම ඇත්ත
    කියන්නෙ 99% විතර ඇත්ත....
    (ඇයි ඔතන තියන සමහර ඒව අපි කරන්ට යන්නෙ නෑ නෙව... උදාහරණයක් විදියට අනුන්ට කෙල්ලො කොල්ලො සෙට් කරගන්ට අන්තිමට අපිට කොහවත් නැති රට ටිංකිරි ගාගන්ට වෙන්නෙ)

    සිතු වටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා
    අර බාගෙට නවත්තල තියෙන කතාව ඇදගෙන යන්න හැකියාවක් ඉක්මණටම ලැබේබා

    ReplyDelete
    Replies
    1. කොල්ලො කෙල්ලො සෙට් කරන් එක නම් නොකරන තරමට හොඳයි.... අනිත් අයගෙ කතා අහලා පව් කියලා හිතලා ඔව්ව කරන්න ගියාම අන්තිමට ඌ වෙන එකෙක් එක්ක හිච් වුණාම අපි ලොවෙත් නැති වෙනවා!

      මහේෂ් ටත් එසේම වේවා! මගෙ මස්සිනාගෙ නමත් මහේෂ් නොවැ... එයා එහෙම නෙවෙයිනේ... :P

      කතාව ඇදගෙන යන්න නම් මටත් ඕනෙ... ඒත් පාලක මණ්ඩලය අපේ නිවාඩුව ඇති කියලා තීරණය කරලා නිසා ලබන සතියේ ආපහු මංගච්චන්න ඕනේ.. :(

      Delete
  3. හොඳ වාර්තාවක්! මම ඔය ලයිබ්‍රි යන එකනම් කරන්නේ නෑ කවදාවත්!

    ReplyDelete
    Replies
    1. මමත් නවත්තන්න ඕනේ... ඕපදූප කියවන එක තමයි වැඩි හරියක් කරන්නේ එහේ ගියාම..

      Delete
  4. //යාළුවන් සමඟ ට්‍රිප් යාමට ප්ලෑන් කළ පසුව වසර තුනකින් පමණ එම ට්‍රිප් යාමට හැකි වනු ඇත.//

    ඒකගයි අත් දෙකම උස්සලා හිටං..............

    සුභම සුභ නව වසරක් වේවා හරිය.

    ReplyDelete
    Replies
    1. කැම්පස් ආව දවසේ ඉඳන් ප්ලෑන් කරපු ට්‍රිප් එකක් යන්තම් මේ අවුරුද්දෙ ගියාලු හිටං!

      එසේම වේවා!

      Delete
  5. ඒකෙත් පොඩි කික් එකක් තීනවා.... හි හි...
    එනිවේ,
    සුබම සුබ අලුත් අවුරුද්දක් අක්කියෝ :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නංගෝ ඔයාටත්! ඔයා මොනවත් අලුතෙන් ලියන්නේ නැද්ද?

      Delete
  6. ඔය උගත් පාඩම් ටික සෑහෙන වටිනවා... !

    ReplyDelete
    Replies
    1. ඒකනේ... සෑහෙන්න අමාරුවෙන් ඉගෙන ගත්තෙ...

      Delete
  7. "කොටස් වශයෙන් කතා ලිවීම නොකළ යුතුය. කොටස් කිහිපයක් ලිවීමෙන් පසු එම කතාව ලිවීම ඔබට එපා වනු ඇත."
    මේ ලඟදිම උගත් පාඩම නේද?
    කවුරු මොනවා කීවත් දත් ගැලවීම හෙනම බයානක ක්‍රියාවලියකි.
    මේ කියන්නෙ කොයි දත් ගැනද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... ඒ පාඩම තමයි ළඟදිම ඉගෙන ගත්තෙ...

      දත් කිව්වෙ මේ කටේ තියෙන දත්...

      Delete
  8. අනුමත කරමි.

    තවද, විහිළු නොදන්නවුන්ට විහිළු කතා කීමද මල වාතයකි.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ඩූඩ්.. ඒ වගේ අය හෙනම වාතයක් වෙනවා ඊට පස්සේ...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......