Saturday, December 20, 2014

ඒ තවත් අමුතු දවසක්....

කතාව ලියන එකත් අතරමගින් නතර කරලා මේ ලියන්නේ මට ලියන්නම ඕනේ කියලා හිතුන දෙයක්. නිමිත්ත වුණේ මේ පෝස්ට් එක. ඊට ගොඩක් සමාන කතාවක් ගැනයි මේ ලියන්නේ.

එදා අමුතු දවසක් වෙන්න ඇති. ඊට ටික දවසකට පස්සේ ඉරයි හඳයි මුණගැහෙන්න ඇති. ඒත් ඒ අමුතු දවසේ හඳට හිතුණ විදියටම හඳට ඉරේ රැස් මදි වෙන්න ඇති. එහෙම නැත්තම් හඳ බලාපොරොත්තු වුණාට වඩා ඒ ඉරේ රැස් වැඩි වෙන්නත් ඇති.

ඊට පස්සේ ඒ වගේ අමුතු දවස් එන්න නැතුව ඇති. හඳ වෙනදා වගේම ඉන්න ඇති. රෑට අහස එළිය කරන්න ඇති. ඒ හඳට එළිය දෙන්න ඉරවල් දෙකක් පායලා තියෙන්න ඇති.

ඒ ඉරවල් දෙකම හඳට ළං වෙන්න තරු වලින් උදව් ඉල්ලන්න ඇති. ඒත් තරු එක ඉරකට නම් පොඩ්ඩක්වත් කැමති නැතුව ඇති.

තරු ගිහින් එක ඉරක් හඳෙන් ඈත් කරලා අනිත් ඉර ළං කරන්න ඇති. ඒත් හඳට ඇත්තටම ඕනේ වුණේ අර තරු හඳෙන් ඈත් කරපු ඉර වෙන්න ඇති.

ඒත් තරු ඒ ඉර හඳෙන් ඈත් කළේ ඒ ඉර තවත් හඳවල් ගොඩකට එළිය දෙන නිසා කියලා හඳ නොදන්නවා නෙවෙයි වෙන්න ඇති.

ඉතින් හඳ ඒ ඉර අමතක කරලා අනිත් ඉර ගැන හිතන්න ඇති. ඒත් ඒ බවක් තරු වලට අඟවන් නැතුව ඉන්න ඇති.

හ්ම්ම්.. හඳ පොඩ්ඩක්වත් ඇඟෙව්වෙ නෑ තරු වලට. ඉර ගැන හිතනවා කියලා. තරු ඉඳහිට ඉර ගැන කියලා විහිලු කලාම හඳ, තරු එක්ක අමනාප වෙලා හිටපු දවස් පවා තියෙන්න ඇති.

අඳුරේ උන්නු මන්දකිණියකට මේ ඉර ගැන ආරංචි වෙන්න ඇති. මොන මොනවහරි වෙන්න ඇති. තවත් අමුතු දවසක තරු වලටත් හොරාම ඉර ගිහින් ඒ මන්දාකිණියෙ පායන්න ඇති.

හඳට මේ බව ආරංචි වුණාම සතුටු වෙනවා කියලා පෙන්නන්න ඇති. ඒත් හිත යටින් ගොඩක් දුක් වෙන්න ඇති.

ඒත් ඒ හැම දුකක්ම හංගගෙන ගිහින් ඉරටයි, අලුත් මන්දාකිණියටයි සුබ පතනවා තරු හොරෙන් බලන් ඉන්න ඇති.

ඒත්....

ඉරකට වුනත් පුළුවන්ද…
ඒ තරමටම වෙනස් වෙන්න…
හඳ දිහා බලන් ඉන්න ගමන්  
මන්දාකිණියක් ගැනත් හිතන්න
හොරෙන්ම ගිහින්
තවත් මන්දාකිණියක පායන්න?

ඉතින්
හඳට පුළුවන් වෙන්න ඕනෙද
මේ හැම දෙයක්ම ඉවසන්න?

ඉතින් කතාවෙ අගයි මුලයි දන්නවා වුනාට ඒ කිසිම දෙයක් ගලපගන්න බැරි නිසා මේක ලියවුණේ අන්තිමට.

අමුතු දවසක
මිලින වූයේ
පිපෙන්නට උන් නමුත්
කිසිදිනෙක
නොපිපි මලක්....

ඒ මල ආයේ දවසක වත් පිපෙන එකක් නැති වේවි….


ලිව්වේ 
වරදකාරී හැඟීමෙන් පෙළෙන තරුවක්... 



10 comments:

  1. හප්පේ හිත රිදිලා වගෙයි...........

    ReplyDelete
    Replies
    1. මේ වෙන දේවල් ගැන පුදුමත් හිතෙනවා වෙලාවකට...

      Delete
    2. //ලිව්වේ
      වරදකාරී හැඟීමෙන් පෙළෙන තරුවක්... //

      අැයි ඉතින් වරදකාරී හැගීමක්................

      Delete
    3. හඳට ඒ තරම් දුකක් දුන්න ඉරට, හඳට ළං වෙන්න මේ තරුවත් උදව් කරපු නිසා වෙන්න ඇති...

      Delete
  2. ඉර අයිති දවල්ට, සඳ අයිති රෑට.
    මේ චන්දෙ මරාගන්න අස්සේ ඉරයි හඳයි මරාගන්න එපා බොලව්

    ReplyDelete
    Replies
    1. ඉරයි හඳයි මරාගත්තේ නැතෝ....
      ජන්දෙට නම් හැමදාම මරාගන්න එක නේ...

      Delete
  3. මොකෑ තරුවට වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තරුවට වරදකාරී හැඟීමක් දැනිලා....

      Delete
  4. // ඒ අමුතු දවසේ හඳට හිතුණ විදියටම හඳට ඉරේ රැස් මදි වෙන්න ඇති. එහෙම නැත්තම් හඳ බලාපොරොත්තු වුණාට වඩා ඒ ඉරේ රැස් වැඩි වෙන්නත් ඇති. // ඉරේ රැස් මදි වුනාද? රැස් සැර වැඩි වුනාද? දන්නේ හඳම තමයි..

    ReplyDelete
    Replies
    1. හඳ කියපු විදියට නම් හඳට ඉරේ රැස් වැඩි වුණාලු... ඒත් ඉතින් කවුද ඕවා දන්නේ.....

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......