Tuesday, February 17, 2015

තිමිර 05

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04

ඔව්... ඒ එයාම තමයි... දැකලා තියෙන්නේ එකම එක පාරක් විතරක් වුණාට මට එයාව එහෙම මතක හිටලා තිබුණේ මොන හේතුවකටද මන්දා.. 

"ඔයාගේ යාළුවා නම් තාමත් බය වෙලා වගේ" මම පියවි සිහියට ආවෙ ඒ කටහඬින්. එතකොට තමයි මට මතක් වුණේ මම මෙච්චර වෙලා එයා දිහා කන්න වගේ බලන් ඉඳලා කියලා. ඒත් එයා නම් මාව අඳුරගත්ත පාටක් පේන්න තිබ්බේ නැහැ. ඉතින් මම එතනින් වාඩි වුණා. 

"ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඉන්ජක්ෂන් එක දෙනකොට නම් කූඹියෙක් කනවා වගේ දැනෙයි. ඊට පස්සෙ නම් පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ." එයා කිව්වා. ඊට පස්සෙ නම් ශාලිගෙත් බය නැති වෙලා වගේ. එයාත් සද්ද නැතුව හිටියා දත ගලවනකම්. බෙහෙතුත් ලියලා දුන්නට පස්සෙ අපි එන්න ආවා. 

"එහෙනම් ඩොක්ට, අපි ගිහිල්ල එන්නම්." පුළුන් කෑල්ලක් කටේ  ඔබාගෙන හිටපු නිසා ශාලිට කතා කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒක කියන්න වුණෙත් මට. 

"හරි හරි... මොනවහරි ප්‍රශ්නයක් වුණොත් ආයෙමත් එන්නකෝ."

එයා එහෙම කිව්වට මට නම් ආයෙ කිසිම ඕනෙකමක් තිබ්බෙ නැහැ එතනට ඉන්න. එතන ඉන්න දොස්තර එයා කියලා දන්නවනම් මම ශාලිව එතනට එක්ක යන්නෙත් නැහැ. ඒත් දැන් ඒක වෙලා ඉවරයි නේ. 

ශාලිව ආපහු ඔෆිස් එකට එක්ක එනකොට දවල් වෙලා. තවත් කල් දාන්නෙ නැතුව අසයින්මන්ට් එක පටන් ගන්න ඕනේ කියලා හිතුනේ ඒ වෙලාවේ.  නැත්තම් බොස් ආපහු අසයින්මන්ට් එක ඉල්ලනකොට තමයි මට තරු පේන්නේ. 

එදා ෆයිල් එකේ තිබ්බ ඇඩ්‍රස් එක ගැන තවත් විස්තර හොයලා බලන්න ඕනෙ. අපේ ඔෆිස් එකේ වැඩ කරන පියසේන අංකල් කුරුණෑගල පැත්තේ. එයාගෙන් අහලා බලන්න ඕනෙ. 

"පියසේන අංකල්, ඔයාලාගෙ පැත්තෙ තියෙනවද ගල් කන්ද වලව්ව කියලා එකක්?" 

"ඔව් රන්දි මිස්. අපරාදේ ඒ වලව්ව නම්. දැන් ඉන්නේ වයසක උන්දෑ විතරයි. අපරාදේ නැති නාස්ති වෙලා ගියා ඒ වලව්ව." 

"මට ඒ වලව්ව ගැන විස්තර වගයක් ඕනෙ වෙලා තියෙනවා ආටිකල් එකකට.. පුළුවන්ද ඒ විස්තර හොයාගන්න මට උදව් කරන්න?" 

"අපොයි පුළුවන් රන්දි මිස්. මම උදව් කරන්නම්කෝ." පියසේන අංකල් එහෙම් කිව්වම නම් මට පුදුම සතුටක් දැනුනා. එහෙනම් ඒ වැඩේ මම හිතන තරම් අමාරු වෙන එකක් නැහැ.

හවස යන ගමන් සරසවි එකට ගොඩ වැදුණේ පොතක් ගන්න හිතාගෙන. යාළුවෙක්ගේ කවි පොතක්. පොත එළි දැක්වීමේ උත්සවේටත් යන්න් බැරි වුණ නිසා ඒ පොත ගන්නම ඕනෙ.

සරසවි එකේ පොත් රාක්ක පීරමින් මම හෙව්වේ ඒ කවි පොත. ඒත් එක පාරටම මගෙ කන ළඟින් ඇහුණ සද්දෙන් මම ගැස්සුණා. 

"මොකද කරන්නෙ? අදත් කාගෙහරි පොතක් හොරකම් කරනවද? නැත්තම් කාගෙහරි දතක් ගලවනවද?"


මතු සම්බන්ධයි... 


8 comments:

  1. අනී මදිනේ... ඉක්මනටම ඉවර උනා ... :)

    ReplyDelete
    Replies
    1. ඊළඟට දිගම දිග කොටසක් දාන්නම්කො.

      Delete
  2. මාසෙකිං විතර දාල ඒකත් ටිකයි
    වෙඩි තියන්ට ඕන...
    හුහ්

    ReplyDelete
    Replies
    1. හපොයි වෙඩි තියන්න නම් එපෝ. වෙලාව ටිකක් මදි පාඩුයි මේ දවස් ටිකේ. ඉක්මනටම ඉතුරු කොටස දාන්නම්කො.

      Delete
  3. මේ කතාව මේ තටම් හෙමීට ලියන එකට තරයේ විරෝධය..

    ReplyDelete
    Replies
    1. වෙලාව හිඟ කම නිසා තමයි දිනේෂ් අයියේ. ඉතුරු කොටස් ඉක්මනටම දාන්නම්.

      Delete
  4. හොඳ දේවල් දුර්ලභයි කියනවනෙ, ඒ වගේ තමා කතාවත් දෙන්නෙ. පොඩි පොඩි මාත්‍රා වලින් නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නැහැ. වෙලාව හිඟ නිසා තමයි. ඉතුරු ටික ඉක්මනටම ලියන්නම්.

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......