Friday, April 10, 2015

තිමිර 14

කතාවේ මුල් කොටස් බැලුවේ නැත්තම් මෙතනින් බලන්න. 
තිමිර 03
තිමිර 04
තිමිර 05
තිමිර 06
තිමිර 07
තිමිර 08
තිමිර 09
තිමිර 10
තිමිර 11
තිමිර 12
තිමිර 13

"අම්මා...." 

ඒ ආමන්ත්‍රණේ ඇහුණ ගමනුයි අත්තම්මා දොර දිහාවෙ බැලුවෙ. ඈ එක්වරම සුදුමැලි වුණා. ශශික පැනලා අල්ලගත්තෙ නැත්තම් එහෙම ඇය එතනම ක්ලාන්ත වෙනවා. කට්ටිය ඉක්මනටම වතුර ඉහලා, පවන් ගහලා ඈව යථා තත්වෙට ගත්තා. ඒ මුළු වෙලාවෙම අම්මා හිටියේ ඉකි බිඳිමින්. 

මොනව? එතකොට අපේ අම්මද සඳා මැණිකෙ. අම්මා තාත්තව කසාද බඳිනවට අම්මලාගේ පැත්තේ නෑදෑයෝ විරුද්ධ වුණා කියලා දැනගෙන හිටියට ඔච්චර ලොකු සිදුවීමක් ඒ පිටිපස්සෙ තියනවයි කියලා මම ජීවිතේට හිතුවෙ නැහැ. 

අම්මා තාමත් අඬනවා. ඒ වගේමයි අත්තම්මත් අඬනවා. 

"ඇයි දුවේ මාව බලන්නවත් ආවෙ නැත්තෙ?" 

"අයියලා මට තර්ජනය කරලයි තිබ්බෙ වලව්ව පැත්ත පළාතේ එන්න එපයි කියලා." 

" ඉතින් දුවේ දැන් අයියලා ලංකාවෙ නැහැනේ." 

"ඉතින් අම්මේ මම දැනගෙන හිටියේ නැහැ නේ.." 

හ්ම්ම්... අම්මට කොච්චර සතුටු ඇත්ද? ඒ වගේම ඇති අත්තම්මාටත්.. අවුරුදු විසි පහකට විතර පස්සෙ වගේ තමයි ඒ දෙන්නා මුණ ගැහුණේ එහෙම බැලුවම. එයාලා තාමත් කතා කරනවා... කතා කරනවට වැඩියෙන් කරන්නේ අඬන එක. 

එයාලා දිහා බලන් ඉන්නකොට ශශික ආපහු මගෙ ළඟට ඇවිත්. 

"සඳා මැණිකෙට එයාගේ අම්මව ආපහු හම්බ වුණා නේද?" ශශික එහෙම ඇහුවෙ එයත් අම්මලා දිහාම බලන් හිටපු නිසා වෙන්න ඇති. 

"ඔව් නේ. මම නම් කීයටවත් හිතුව් නැහැ මෙහෙම දෙයක්. මට නම් තාමත් පුදුමයි." මම කිව්වෙ ඒ වුණ දෙයින් මම තාමත් කම්පනය වෙලා වගේ ඉන්න නිසයි. 

"එයාලගෙ ප්‍රශ්නෙ නම් විසඳුණා. ඒත් මගෙ ප්‍රශ්නෙ නම් තාමත් එහෙමමයි." 

"මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ?" 

"ඇයි ඉතින්, ඔයා තාම මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑනෙ." 

"මොකද්ද ඔයාගෙ ප්‍රශ්නෙ?" 

"ඇයි මම උදේ ඔයාගෙන් අහපු ප්‍රශ්නෙ? මේ ටිකට ඒක අමතක වුණාද?" 

ඇත්තමයි. කලබල අස්සෙ මට අමතකම වෙලා ගියා ඒ ප්‍රශ්නෙ. මොනව කියන්නද මම? මම කැමති වුණත් ශශිකගෙ අම්මලා මට කැමති වෙයිද? එයාලා වලව්ව්ක නේ? ඒත් දැන් බලනකොට මමත් වලව්වක නේද? මමත් ගල්කන්ද වලව්වෙ මිනිබිරියක් නේද? 


"ඇත්තටම ශශික මම මුලින් ඔයාට උත්තරයක් දෙන්න බැරුවයි හිටියේ. ඔයාගේ අම්මලා මට කැමති වේවිද දන්නේ නැති නිසා." 

"දැන් ඉතින් ඒකේ අනිත් පැත්ත වෙයිද් දන්නේ නැ නේද රන්දි. දැන් ඔයාලත් වලව් කාරයෝ නේ." 

"අනේ විහිලු කරන්න එපා ශශික." 

"ම්ම්ම්... පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඔයා මට ආදරෙයි කියන එකද ඒ කිව්වෙ?" ශශික මගෙන් ඇහුවමයි මටත් තේරුණේ ඒ මම කිව්වෙ මොකද්ද කියලා. දැන් ඉතින් කියපු දෙයක් ආපහු ගන්න පුළුවන් ද?

මම අහක බලාගත්තෙ ඒ නිසා. 

"අනේ රන්දි කියන්නකෝ. මට ආදරෙයි නේද?" ශශික එහෙම ඇහුවෙ තවත් කිට්ටු වෙලා මගේ මූණට එබෙන ගමන්. 

"ඔව් ශශික.. මම ආදරෙයි.." මම එහෙම කිව්වෙ අහක බලාගෙන. 

"ඔහොම බැහැ. මගෙ දිහා බලාගෙන කියන්න." ශශික එහෙම කිව්වා.. බිමට හැරිලා තිබ්බ ඇස් දෙක උස්සලා එයා දිහා බලන්න කල්පෙකට වඩා කාලයක් ගත වෙන්න ඇති මට. 

"මම ආදරෙයි.." මම කිව්වෙ ශශිකගේ ඇස් දෙක දිහා බලාගෙනම... 



~~~~~~~~~~~~නිමි~~~~~~~~~

ප.ලි: කාලයක් තිස්සේ ඔයාලා කියවපු "තිමිර" කතාව මෙයින් අවසාන වෙනවා. ඉතින් ඉවර කරන්න හිතුවටත් වඩා ගොඩාක් කාලයක් ගියත් මේ කතාව ඉවර වෙනකල් රැඳිලා හිටපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තූතියි. කාල වෙලාවත් එක්ක ආයෙ නම් දිග කතා ලියවෙන්නෙ නැති වේවි. ඒත් ඉඩ ලැබෙන විදියට ආයෙ බ්ලොග් එකේ මොනවහරි කුරුටු ගාන්න හැකි වේවි කියලා මම හිතනවා.. 

8 comments:

  1. නියමයි.. මරු... ආයේ මුල ඉදන් කියවන්නයි හදන්නේ දැන්.... දිගටම බ්ලොග් එක ලියන සිතු .....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට.... ඉඩ ලැබෙන වෙලාවට ලියන්නම්....

      Delete
  2. හ්ම්ම්.... ඉවරයි නේ.!!! අන්තිමටම ඔක්කොටොම විසදුම් හම්බුනානේ ශශිකටත් එක්කම... ජය වේවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... හැම ප්‍රශ්නෙටම විසඳුම් හම්බ වුණා නේ.... :)

      Delete
  3. නියමයි! එහෙනම් තිමිර 2 කතාව සමඟ ලඟදිම දවසක මුණගැසෙමු! එහෙම නේද සිතූ!

    ReplyDelete
    Replies
    1. මේ කතාව ලිව්වෙත් කොච්චර අමාරුවෙන් වෙලාව හොයාගෙනද කියලා දන්නවනේ ඉතින්.. බලමුකෝ තව ඉස්සරහට...

      Delete
  4. කතාව ලස්සනයි.

    ජීවිතේ ඒක සන්ධිස්ථානයකට ඇවිල්ල ආපහු හැරිල බැලුවම තමයිලු අපිව එතනට ගේන්න මොන තරං අපූරු දේවල් සිද්ධ උනාද කියල පේන්නෙ. මේ කතාව කියවල ඉවර උනාම මට හිතුනෙත් ඒ ටිකමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..

      ඔව්. එහෙම හිතෙන වෙලාවල් තියෙනවා තමයි. ඒත් සමහර වෙලාවට හිතෙනවා අපි කැප කරපු දේවල් වල හැටියට ඒ ලැබුණු දේ සාධාරණද කියලත්....

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......