Friday, April 3, 2015

ආපහු ඇවිත්....

කොටස් ගාණක් තියෙන දිග කතාවක් ලියන්න පටන් අරන් ඒක අතරමඟ නවත්තලා දාලා අතුරුදහන් වෙන එක හරිම නරක වැඩක්. ඒත් පහුගිය දවස් වල වෙන කරන්නම දෙයක් තිබ්බෙ නැහැ. ක්ලිනිකල්ස්, අසයින්මන්ට් පිරිච්ච රේස් එකක අනිත් අයත් එක්ක කරට කර ඉන්න උත්සහ කරන ගමන් කතාව ලියන එක කොහෙත්ම කරන්න බැරි වුණ නිසයි "තිමිර" ට තාවකාලික විරාමයක් ලබා දුන්නේ. 

දැන් නම් කෙටි විවේකයක් ලැබිලයි තියෙන්නෙ. නිවාඩුවෙන් පස්සෙ අපිව ගිලගන්න බලන් ඉන්න තවත් අසයින්මන්ට් එකකට ලේස්ති වෙන ගමන් ම රන්දිගෙයි ශශික ගෙයි කතාවත්, ගල් කන්ද වලව්වේ අබිරහසත් විසඳේවි.. 

ඉතින් "තිමිර" කාලයක් අතුරුදහන් කරලා තිබ්බට සමාව දෙන්න කියලයි මම ඔයාලගෙන් ඉල්ලලා හිටින්නෙ.. 

තවත් පොඩි අලුත් වැඩකට අත ගැහුවා. බොහෝ දෙනෙක්ට දත් සම්බන්ධ විවිධ ප්‍රශ්න තියෙනවනේ. දත් දොස්තර කෙනෙක් ළඟට යන එකත් ගොඩක් දෙනෙක්ට බොහොම බයානක අත්දැකීමක්. ඉතින් ඒ නිසා මුඛ සෞඛ්‍යය යහපත්ව තියා ගන්න එක ගොඩක් වැදගත්. ඉතින් ඒ සම්බන්ධව ඔබට පොඩි හරි සහනයක් වෙන්නයි "දත් වෙද සුමිතුරු" කියන බ්ලොග් අඩවිය පටන් ගන්න හිතුවේ. ඒ බ්ලොග් අඩවියෙනුත් ඔබට වැදගත් වෙන තොරතුරු වගේම ඔබට තියෙන විවිධ ප්‍රශ්න වලට විසඳුම් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කටයුත්ත ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 

 ඉතින් ඔබට ඉඩක් තියෙනවා නම් ඒ පැත්තෙත් ගිහින් එන්න. 

"තිමිර 07" එක්ක ආයෙත් හමුවෙමු..  

6 comments:

  1. හප්පා.. මතක් කරන්ඩ එපා දත් ගැන නං. අර දත් පුරවන්න කටුවකින් ග්‍රයින්ඩ් කරන එක තමයි මේ ලෝකෙ තියන වැඩියෙන්ම ඉවසන්න බැරි අමාරුව.. මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා.. අදයි ආවෙ මෙතෙන්ට මුලින්ම , ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ 100 වෙනි follower තමයි සජ්ජා..

      දත කටුවකින් විදින එකට නම් ගොඩක් අය අකමැතියි තමයි.. ඒත් ඊට වඩා අමාරුයි මම හිතන්නෙ දත් කැක්කුම ඉවසන් ඉන්න..

      ආයෙමත් එන්න..

      Delete
  2. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. පහතින් අපේ සින්ඩියට පැමිණ ලින්ක් එක අපට මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඊයක් දැම්මා.. බලන්න...

      Delete
  3. මේ පැත්තත් මතක් වුනා එහෙනම්. කතාව අමතක වෙන්න කලින් ඊලඟ කොටස දාන්න.

    ReplyDelete
    Replies
    1. කොටස් 2ක්ම දැම්මලු ඔන්න...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......