Saturday, May 30, 2015

සඳේ නුඹ දුර නිසා 1

නිවේදනයයි


ගිණුම් අංශයේ සියලු සේවක මහත්ම මහත්මීන් සඳහා හදිසි රැස්වීමක් අද සවස 3.00ට ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙනු ලැබේ. සියලුමදෙනාගේ පැමිණීම අනිවාර්ය වේ.

මෙයට විශ්වාසී
සුරේශ් එස් ලියනගේ
ගිණුම් අංශ ප්‍රධානී

~~~~~~~~~~

ගිණුම් අංශයේ ගෲප් චැට් එක

අසංක: මොකටද බං අර මීටින් එකක් තියෙන්නෙ?
විහඟ: මම දන්නෙ කොහොමද? උඹ හිතුවද මම බොසාගෙ ප්‍රයිවට් සෙකට්‍රි කියල?
මාලින්ද: හරි හරි... මම හිතන්නෙ පොර අපිට නිරෝෂි අක්කා වෙනුවට අලුතෙන් ගන්න එක්කෙනා ගැන විස්තර කියන්න වෙන්න ඇති.
අසංක: අපොයි ඔව්. බොසා ඒක කියන්නම වෙන්න ඇති මීටින් එක ගන්නෙ.
මාලින්ද:මේ පාර වත් කෙල්ලෙක් ගත්තොත් හොඳයි නේද?
විහඟ: ඇයි අර ඉන්නෙ ඉටි රූප වගේ කෙල්ලො දෙන්නෙක්?
මාලින්ද: අනේ පලයං බං යන්න.අසංක: අපේ බොසා කෙල්ලො ගන්නෙ නෑ බං. ඌට කෙල්ලො ඇලජික් ද කොහෙද?
විහඟ: එහෙම එකක් නෙවෙයි බං. කෙල්ලෙක් ආවොත් උඹල වැඩ කරන්නෙ නෑනෙ. ඒකයි.
මාලින්ද: ඒයි ඔන්න බොසා ඔය පැත්තට එනවා..

~~~~~~~~~~~~

අමාගේ වට්ස් ඇප් ඉන්බොක්ස් එක

මධූ: අමා ලේස්තිද හෙට යන්න අලුත් ජොබ් එකට?
අමා: අනේ මට බයයි හලෝ. අයියා කිව්වා එතන වැඩි හරියක් ඉන්නෙ කොල්ලොලු.
මධූ: ආ... ඒක තමයි මේ පැනගෙන ජොබ් එකට යන්නෙ!
අමා: පිස්සු!
මධූ: හරි හරි. ගුඩ් ලක් එහෙනම්. හොඳට වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න. 
අමා: තෑන්ක්ස් මධූ... මම හෙට කෝල් කරන්නම්කෝ.
මධූ: හා හා...

~~~~~~~~~~~

සඳුදා කවි පිටුව..

විසල් තරු ඇස් යට
හීන අපමණ ඇත
තවත් එක දිනකට
හිරු උදා වනු ඇත....

අමා සෙව්වන්දි


හිරු හිනැහෙන
කැකුලු පිපෙන
තව උදයක්
ළඟ ළඟ එන

පිනි තරු ඇස්
තව හිනැහෙන
නුඹ ඒ දැයි
පාර බලන..

විහඟ සත්සර

මතු සම්බන්ධයි... 

6 comments:

  1. එක සිදුවීමක් හැම පැත්තකින්ම දැකල

    ReplyDelete
    Replies
    1. ම්ම්... දිගටම මෙහෙම තමයි කතාව යන්නේ...

      Delete
  2. මතු සම්බන්ධ කරපු තැන තමයි අප්සට්. ඉක්මනට ලියමු, ඉක්මනට ලියමු..

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම් දිනේෂ් අයියේ..

      Delete
  3. සිතූ තවත් කතාවකට මුල පුරල තියෙන්නෙ. මම කැමතිම ආරෙකට වගේ ලියන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. ඒත් කතාව අතරමඟ නැවතුණා නේ. ආයෙ පටන් ගන්න බලන්න ඕනෙ..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......