Saturday, May 30, 2015

සඳේ නුඹ දුර නිසා 2

ගිණුම් අංශයේ ගෘප් චැට් එක


මාලින්ද: අපේ බොසාට පිස්සුද බං. අර අච්චර නොවැදගත් දෙයක් කියන්නද මේ හදිස්සියේ මීටින් එකක් ගත්තේ?

අසංක: ඒක තමයි බං. මට කෝච්චියත් මිස් වුණා. 

විහඟ: බොසා උගෙ පොරත්වය පෙන්නන්න තමයි ඔහොම වැඩක් කළේ. නැත්තම් අපූරුවට හෙට මීටින් එක ගන්න තිබ්බනෙ. 

අසංක: ඔව් බං. නැත්තම් ඌට ඔය කම්පියුටරයිස් කිරිල්ල හෙට කියල 
දෙන්න තිබ්බ. අද අර හෙඩ් ඔෆිස් එකෙන් පොරක් ආපු නිසා තමයි ඌ අදම මීටින් එක ගත්තෙ. 

මාලින්ද: අඩේ හෙට නේද අර අලුතෙන් එක්කෙනෙක් එන්නෙ? 

අසංක: කොල්ලෙක් ආවොත් නම් හොඳට මඩවන්න ඕනෙ. 

විහඟ: අනේ පලයං බං. උඹව මඩවයි කොල්ලෙක් ආවොත්.

~~~~~~~~~~

අමාගේ ෆෝන් ඉන්බොක්ස් එක

මධූ: Wish you good luck for your new job... :)


අයියා: මේ වෙලාවට යනව හරිද? සුරේෂයට තද වෙනව පරක්කු වුණොත්. 
අමා: හරි අයියෙ. මේ යන ගමන්. 
අයියා: අම්මට කියනව මම එන්නෙ ලබන සතියෙ කියල. වැඩ හරියට. 
අමා: හා මම කියන්නම්.

~~~~~~~~~~

ගිණුම් අංශයේ ගෘප් චැට් එක

මාලින්ද: මම කිව්වෙ නැද්ද උඹලට අලුතෙන් එන්නෙ කෙල්ලෙක් කියල? කොහෙද ඉතින්. උඹල මාව විශ්වාස කළේ නෑනෙ. 
අසංක: වුණාට ඒකි ආඩම්බරයි වගේ බං. වැඩිය කතා කළෙත් නෑනෙ. 
විහඟ: කොහොමද කතා කරන්නෙ? උඹල ඒකිව ගිලින්න වගේ බලන් හිටියෙ. 
මාලින්ද: ඒයි අසංකයෝ. මූට හිතට අල්ලල වගේ ඒකිව. 
අසංක: ඔව් ඔව්. විහඟ පුතා, දැන් අපිට පාටියක් දියන්. 
විහඟ: උඹලට නම් හොඳටම පිස්සු.

~~~~~~~~~~

අමාගේ ෆෝන් ඉන්බොක්ස් එක

සචී අක්කා: කොහොමද නංගො අලුත් ජොබ් එක? 
අමා: අනේ අක්කෙ. මේ සෙක්ෂන් එකටම ඉන්නෙ කොල්ලො තුන් දෙනෙක්. ආපු වෙලාවෙ ඉඳන් ගිලින්න වගේ බලන් ඉන්නේ. 
සචී අක්කා: කෙල්ලො කවුරුවත්ම නැද්ද? 
අමා: සුරේෂ් අයියනම් කිව්වෙ එයාල පිට ඔඩිට් එකකට ගිහින් කියල. හෙට එනවලු. 
සචී අක්කා: හරි නේ එහෙනම්. ඔයා බය නැතුව ඉන්නකො. 
අමා: හා :/

~~~~~~~~~~

නදී ගේ ෆේස්බුක් චැට් එක

අසංක: අඩෝ උඹල ගියේ වැඩ කරන්න නේද? හිටපන් බොසාට කියන්න උඹල කොයි වෙලෙත් ඔන්ලයින් කියල.
නදී: එතකොට ඔයා නිකන්ම මාට්ටු නේ අසංක. මේ ඒක නෙවෙයි. අලුත් එක්කෙනා ආවද? 
අසංක: අපොයි ඔව්.. දහය වසරෙ වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්. නිකන් ගල් ගිලල වගේ ඉන්නෙ. 
නදී: ෂුවර් එකටම ඔයාල ගිලින්න වගේ බලන් ඉන්න ඇති. හරියට කෙල්ලෙක් ජීවිතේට දැකලා නෑ වගේ.. 
අසංක: ඉතින් ඇත්තනෙ. මොකද මේ ඔෆිස් එකේ ලස්සන කෙල්ලො ඉන්න එකක්යැ. 
නදී: අනේ මේ. මම කියන්නෑ ඉතින් කොල්ලොන්ගෙ හැටි. 
අසංක: බොසා එනෝ. මම කැපුණා.

~~~~~~~~~~

අමාගේ ෆෝන් ඉන්බොක්ස් එක
සචී අක්කා: නංගා අද ඔයාගෙ කවියක් පත්තරේ තිබ්බා. ඔන්න මම අරන් තිබ්බ ඒ පිටුව. :)
 අමා: අනේ තෑන්ක්ස් අක්කා

~~~~~~~~~~

විහඟ ගේ ෆෝන් ඉන්බොක්ස් එක
සහන්: උඹේ කවියක් පත්තරේ තියෙනව. යන ගමන් පත්තරයක් අරන් පලයන්.. 
විහඟ: තැන්කිව් මචෝ

මතු සම්බන්ධයි.. 

10 comments:

  1. තේරුම් ගන්න ටිකක් වෙලා ගියා :p ඉතුරු ටිකත් දාන්න​

    ReplyDelete
    Replies
    1. හරි හරි. ඉක්මනටම ලියන්නම්.

      Delete
  2. කතාව දුවන වේගෙට එක පාර ඔළුවට යන්නෙත් නෑ..

    බලමු බලමු..

    ReplyDelete
    Replies
    1. දැන් නම් ලියන එක නතර වෙලා..

      Delete
  3. දෙන්නම කවි කාරයො වගේ. ඔහොම යමුකො බලන්න.

    ReplyDelete
  4. කෝ අප්පේ ඉතුරු ටික....?

    ReplyDelete
  5. කෝ අප්පේ ඉතුරු ටික....?

    ReplyDelete
  6. මොකද සිතුවො මේ කතන්දර බාගෙට නතර කරලා? මේකයි, අර තිමිර කියන කතාවයි? ඔයාගෙ කතන්දර ලේබල් එක දිග ඇරගෙන මදැයි මම මේ ඔයා ලියපු අනිත් ලස්සන කතන්දර කියවන්න වෙලාවක් හොයාගෙන ආවා. ලියන්ඩ ලියන්ඩ කම්මැලි නැතුව. ආ, අර සෙන්චරියට සුබ පැතුමත් මෙතනම දාන්නම් ඈ? සෙන්චරිය සමරන්ඩ හොඳම විදිහ තමයි ඔය බාගෙට නවත්තපු කතන්දර ටික ඉවර කරලා දාන එක. :)

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......