Wednesday, March 30, 2016

බස් රියේ දී හමු වූ අයියාහ් වෙත ලියුමක්...

බස් එකේ මගේ එහා පැත්තේ ඉඳගෙන ආ අයියාහ් වෙත ආදරයෙන් ලියා තබමි... ඔයා ඉතා පොෂ්ය. ඇඳුම් පැළඳුම් බ්‍රෑන්ඩඩ් ය. හිසකෙස් ජෙල් කර නවතම විලාසිතාවකට සකසා ඇත. කතා කරන්නේ කඩ්ඩෙනි. ඔබගේ කඩ්ඩෙහි නිපුණත්වය මට මනාව තේරුම් ගත හැකි වූයේ ඔබගේ දුරකතන සංවාදය මටද ඇසුණ නිසාය. කඩ්ඩෙන් වදාරණ ලද ඒ මහා පතරංග නාග ජාතකයේ වැරදි ඉංගිරිස් වචන ගණන හරි ඉංගිරිස් වචන ගණනට වඩා වැඩි බැවිනි.. ඔබ පැවසූ පරිදි ඊයේ මිලට ගත් ජෙනුයින් ලෙදර් බෙල්ට් එක සෙවන් තවුසන්ඩ්ය. ඒත් ඒක ඔයාට නම් නතිංය. නෙක්ස්ට් වීක් සින්ගපෝර් ට්‍රැවල් කරනවාය.. තවත් කතා බොහෝය.. මේ නාග ජාතකයෙන් මට ඇසු ණු කොටස්ය.. මා කටවල් සිය දහස් ගණනක් දැක ඇත. ඩබල් සීල් මාස්ක් දැමූ පසුවද කලන්තේ දැමීමට තරම් දුර්ගන්ධය හමන කටවල් සහිත මිනිසුන් මට හමුවී ඇත. ඒත් ඔබ ඒ සියල්ලන්ටම ඉහළින් සිටියි!! ඉතින් අයියාහ්! මින්පසු ජෙනුයින් ලෙදර් බෙල්ට් එකක් මිලදී ගැනීමට වියදම් කරන මුදලින් පහෙන් එකක් පමණ වියදම් කර ඔබගේ දත් ටික සුද්ධ කර ගන්න. ඔබ අවට සිටින අයට දෙවි පිහිටයි.. මීට ඔබේ එහා සීට් එකේ ඉඳගෙන ආ දැනට අර්ධ කෝමා තත්වයට පත්වී සිටින අසරණිය...




22 comments:

  1. Budu wannata per a dath madaganna

    Jayawewa

    ReplyDelete
    Replies
    1. කරන්න ඕනෙ කියලා දන්න ඒත් ගොඩක් අය නොකරන වැඩක් දත් මදින එක!

      එසේම වේවා!

      Delete
  2. Budu wannata per a dath madaganna

    Jayawewa

    ReplyDelete
    Replies
    1. එකම කමෙන්ට් එක දෙපාරක් පෝස්ට් වෙලා!

      Delete
  3. මෙය මුදල් නොගෙවාම ප්‍රචාරය කල දැන්වීමකි!

    ReplyDelete
    Replies
    1. මුදල් නම් ගෙව්වෙ නෑ. ඩේටා වලට නම් ගෙව්වා!

      Delete
  4. හත්තිලව්වයි................ අරකාගේ දත්ටික ගැලවෙන්නම ගහලානේ...... ආය ඉතින් මැදගන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ....

    ReplyDelete
    Replies
    1. ඔහොම ටික කාලයක් ගියොත් නම් දත් ටික ඉතුරු වෙන එකක් නෑ ඒකාගේ..

      Delete
  5. හපොයි දත් නෙමෙයි රෙදිත් ගලවලා

    ReplyDelete
    Replies
    1. දත් ටික ගලවන්න තිබ්බා නම් මරේ මරු!

      Delete
  6. ගොඩක් මවාපාන්න හදන්න උදවියගෙ කට විතරක් නෙමේ හිතත් ගඳයි..))

    ReplyDelete
    Replies
    1. ඔව් නංගො.. මවාපාන්නෙ මොකටද මන්දා... කවදහරි අහු වෙනවා කියලා දැන දැනම..

      Delete
  7. අනේ අම්මේ... අය්යාහ් 😢😢😢

    ReplyDelete
    Replies
    1. ඒ අයියාහ් කෙනෙක් නේ... ඉතින් එහෙමම කිව්වා!

      Delete
  8. හෙහ් හෙහ්. අනේ ඌ මේ ටිකත් බලනවනම්.

    ReplyDelete
    Replies
    1. මේකෙ ප්‍රින්ට් අවුට් එකක් අරන් යන්නෙ අද ඉඳන් බස් එකේ. ආයෙ හම්බ වුණොත් දෙන්න...

      Delete
  9. කොයි දත් බෙහෙත් කොම්පනියේද බන් වැඩ???

    ReplyDelete
    Replies
    1. දත් බෙහෙත් කොම්පැණියක රස්සාවක් හොයලා දෙන්න බැරිද?

      Delete
  10. මෙන්න මේ දත් සෙට් එක ගැන තමයි මම කිව්වේ.

    මටත් නොයෙකුත් ප්‍රශ්ණ තියෙනවා දත් ගැන දැන ගන්න. ඒ එක්කම ඩෙන්ටලගෙ වැඩ ගැනත්.

    ReplyDelete
    Replies
    1. ඕනෙ වෙලාවක ඕනෙ ප්‍රශ්නයක් අහන්න ඩූඩ්. මම දන්න විදියට උත්තර දෙන්නම්...

      Delete
  11. හැක් හැක් හැක්... මේක අයියාහ් මේක දැක්කොතින් මක්කා වෙයිද අප්පා...

    ReplyDelete
    Replies
    1. මං මේක ප්‍රින්ට් කරන් අරන් යනවා ආයෙ හම්බ වුණොත් දෙන්නම් කියලා..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......