Thursday, March 31, 2016

දත් වෙද සුමිතුරු

සිතූ දැන් බ්ලොග් අවකාශෙට ඇවිත් අවුරුදු 5ක් විතර වෙනවා. මුලින්ම බ්ලොග් කියවන්න විතරක් ආවත් තමන්ගෙම කියලා බ්ලොග් එකක් පටන් ගන්න එක නම් වුණේ සෑහෙන්න පහු වෙලා. ඒ 2012 ජූනි මාසෙ විතර. ඒ පටන් ගත්ත බ්ලොග් එක තමයි මේ. 

ඉතින් සිතූ ගේ හිතට එන අනන් මනන්, කවි කතා එහෙම ලියන්න තමයි ඒ දවස්වල මේ බ්ලොග් එක අටවගත්තෙ. ඒ බ්ලොග් එක අධ්‍යාපන කටයුතු එක්ක ඉඩ ලැබෙන වෙලාවට පමණක් ලියපු නිසා බොහොම ඉබි ගමනක් තමයි ආවෙ. පෝස්ට් ගාණ තවම 100ක් වෙලත් නැහැ. 

ඉතින් ඒ අතරෙ සිතූට හිතුණා අලුත් බ්ලොග් එකක් පටන් ගන්න. මේක සිතූගෙ රස්සාවට සම්බන්ධ බ්ලොග් එකක් කිව්වොත් නිවැරදියි. 

සිතූගෙ රස්සාව තමයි අනුන්ගෙ දත් ගලවන එක. දත් ගලවන එකම විතරක් නෙවෙයි, පුරවන වැඩ, තවත් දත් සම්බන්ධ නා නා ප්‍රකාර වැඩ කරනවා. 

ඉතින් මේ දත් සම්බන්ධ රෝග ගැන ගොඩක් ප්‍රශ්න අපිට තියෙනවා. ඒ වගේම දත් රෝග වල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් ඒවා වළක්ව ගන්න පුළුවන් එක. 

ඉතින් ඒක ගැන හිතලයි සිතූ මේ බ්ලොග් එක පටන් ගත්තෙ. ප්‍රශ්න තියෙනව නම් ඊමේල් මගින් වගේම කමෙන්ට් මගින් යොමු කරන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි මාතෘකාවක්  ගැන ලිපියක් ලියවෙන්න ඕනෙ කියලා හිතෙනවා නම් ඒ ගැන කියන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් ඒ ගැන ලිපියක් ලියන්න. 

ඉතින් ඉඩක් තියෙන වෙලාවක ඒ පැත්තට එන්න. 

බ්ලොග් එකට පාර මෙතනින්..... 





බ්ලොග් ක සඳහා බැනර් එක සාදා දුන්නේ බුකි මිත්‍ර ශශින් සහෝදරයා.. ඒ සහෝදරයාට ගොඩක් ස්තූතියි... 

16 comments:

  1. අපි මේක සින්ඩියට දාගෙන තියෙන්නේ.....

    ReplyDelete
  2. වටිනා තොරතුරු, දත් මුල් දියවීම, දුර්ගන්දය වැනි දේවල් ගැනත් ලියන්න..

    ReplyDelete
    Replies
    1. දත් මුල් දියවීම ගැන නම් ලිව්වා.. දුර්ගන්දය ගැනත් ලියන්නම්..

      Delete
  3. හම්මේ.. මගෙත් දතක් රිදි රිදි තියෙනව.. දොස්තර ගාවට යන්න බෑමයි හිතෙන්නෙ.. වැඩේ මොකෝ දන්නවද.. ඒ මඟුල රිදෙන්නෙ රෑට තමයි වැඩිපුර.. උදේ වෙනකොට හොඳ හින්ද යන්න බෑ කියල හිතෙනව.. හි හි... ( මං දන්නව දතට මොකෝ උනේ කියල.. අවුරදු 10කට විතර කලින් කවුපි වගයක් කද්දි ගලක් අහුඋනා හරියටම ඒ දතේ මැද්දට... පොඩ්ඩක් අයිනෙන් කැඩිලත් ගියා... මේ ළඟදි ආයිත් එතනටම ගලක් හැපුනා.. එදා ඉඳන් රිදෙනව මඟුල... )

    ReplyDelete
    Replies
    1. රෑට රිදෙනෝ නම් තත්වෙ ටිකක් බරපතලයි ඔන්න.. ඉක්මනටම පෙන්නන්න වෙයි ගිහින්.. රෑට කැක්කුම එනවා කියන්නෙ දත ඇතුලටම හානි වෙලා කියන එක..

      Delete
  4. සිතූ ගිය පාර දාපු පින්තූරෙට

    මම බොහොම බය වුනා
    මගේ පණ එපා වුනා.
    බ්ලොග් එහෙකට
    දත් පෙලකට මාව බයවුනා.

    ReplyDelete
    Replies
    1. දත් ටික හොඳට මැදලා තියාගන්න ඩූඩ්.. නැත්තම් ඩූඩ්ගෙ දත් ටිකත් ඔය වගේ වෙයි..

      Delete
  5. වටිනා වැඩක් සිතු...ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිම්මි...

      Delete
  6. මේ නොනේ දත් ගලවන විදිහ හරි අපුරැයි... අලුත් ‍බ්ලොග් එකට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. කිඹුල් දත් ගලවන විදිය නම් දන්නෙ නෑ හැබැයි.. ගොඩක් ස්තූතියි...

      Delete
  7. මරු මරු.. දත් කියන්නෙ අපෙ තරහට කටේ තියෙන ජාතියක් නොවැ.. හපන්න විකන්න ලැබෙන එක තමා ඔව්වායින් ලැබෙන ප්රයෝජනේ.නැත්නම් උදේ හවා ඔව්වා මදින එක කොච්චර කරදරයක්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔහොම කියලා මදින්නෙ නැතුව නම් ඉන්න එපා.. ඊට පස්සෙ අහක ඉන්න දත් දොස්තරලට තමයි බැනුම් අහන්න වෙන්නෙ රිද්දුවා කියලා..

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......