Saturday, April 9, 2016

කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරනු පිණිස....

නුඹ ගැන ඔහුට නොපවසමි 
ඔහු ගැන නුඹට නොපවසමි 

ප්‍රේමය වෙන වෙනම ගෙන 
හෘද කුටීර දෙකක අසුරමි 

කාන්දු නොවන සේ 
අගුළු ලා මුද්‍රා තබමි 

එක් යතුරු කැරැල්ලක 
යතුරු දෙක අමුණා 
සක්වලගලින් එපිටට විසි කරමි 

ඉතින් හිතවත 
පොරොන්දු ප්‍රකාරව 
අත නුඹට දෙමි 
හිත නුඹට දෙමි 

එනමුදු 
ඒ සා විසල් ප්‍රේමයක් 
සැඟවූයේ කොහිදැයි 
නාසනු මැනවි..... 



32 comments:

  1. Replies
    1. ගොඩක් ස්තූතියි කසුන් :)

      Delete
    2. අපුරු කවියක්...

      යතුර විසි කළා කියුව නේද??
      අයේ ඕනෙ වෙන එකක් නෑද ශුවර් එකට???

      Delete
    3. නෑ කියල හිතල තමයි විසි කරල තියෙන්නෙ.. :P

      Delete
  2. සැඟවුනු තැන්වල..
    ගස්වැල් වැලපෙයි...

    ඕං ඔහොමයි ප්‍රියා සූරියසේන කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. හැමදාම වැළපෙන්න වෙයිද දන්නෙ නෑ ඉතින්...

      Delete
  3. මාරක ප්‍රේමය.

    ඔහොම පුලුවන් කියලා මටත් ඉස්සර හිතිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මාරකයි නම් තමයි..

      එහෙම පුළුවන් නම් කොච්චර ලේසිද නේ? කොහෙද මහලොකුවට හාට් එකට කුටීර 4ක් තිබ්බට එව්ව වෙන් කරලා නෑ නේ...

      Delete
    2. යේක අපිලා අතරදෙනෙක් ගන්නවා යේ කුටීර ඔක්කොම අතරට තමා ශරි. කියලා යෝනක සහෝ කෙනෙක් කිව්වයි කියානෙ

      Delete
    3. එයාලට නම් 7 දෙනෙක් ගන්න පුළුවන් නේද?

      Delete
  4. ලස්සන කවි පෙළක් සිතූ.ප්‍රේමය හිරකරනෙපාඔහේ පාවෙලා යන්න ඉඩ දෙන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හංසි..

      හිර කරන්න වෙනවා සමහර වෙලාවට.. :(

      Delete
  5. අපුරුයි සිතු.

    //එනමුදු
    ඒ සා විසල් ප්‍රේමයක්
    සැඟවූයේ කොහිදැයි
    නාසනු මැනවි..... //

    අන්න එතනයි ප්‍රශ්නේ, ඒ සා විසල් ප්‍රේමයක් හිරකරන් ඉන්න පුලුවන්ද කියන එක.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට එහෙම පුළුවන් ඇති කියලා මට හිතෙනවා.. :)

      Delete
  6. ඔබට අගබිසව් තනතුරද
    ඇයට බිසව් තනතුරද
    අනිත් ඇයට තව බිසව් තනතුරක් ද
    අනෙක් ඇයට තව බිසව් තනතුරක් ද
    අනෙක් ඇයට තව බිසව් තනතුරක් ද
    අනෙක් ඇයට තව බිසව් තනතුරක් ද
    යනාදී වශයෙන් ඇහැකි බැව්
    පෙර රජ කල පටන්
    උත්තම පිරිමින් නම්
    සනාථකොට ඇති බැව් වේ..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ එහෙම කරන්න හේතුව ටක්කෙටම අද නොවැ තේරුණෙ.. එහෙම එකක් දැනුත් කොරන්න පුළුවන් නම් වැඩේ හරියයි ඔන්න.

      ඒත් ඔය බිසව් ටික කෙහෙවලු පටලගත්තාම මොකක් වෙයිද මන්දා...

      Delete
  7. ගොඩක් දෙනෙක්ට පොදුයි, ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔව්... පොදු කතාවක් නම් තමයි... ගොඩක් ස්තූතියි...

      Delete
  8. හරිම ලස්සනයි සිතූ...

    //ඒ සා විසල් ප්‍රේමයක්
    සැඟවූයේ කොහිදැයි//
    ඒත් හැංඟුව වගේ නෙමේ කෙල්ල, අත දීපු තැන චූටි චූටි අස්කොන් අඩුපාඩු වෙද්දි හිත දීපු තැන මතක් වෙලා පපුවම කකියන්න ගත්තම.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවාට..

      ඔව් ඔව්.. එහෙමත් වෙන්න පුළුවන්.. ඒත් කාටද අප්පා ඕවා කලින් කියන්න පුළුවන් නේද? හැබැයි ඉතින් මෙහෙම කරනවා නම් එහෙම සදාකාලික විඳවීමක් බලාපොරොත්තු වෙන්න වෙයි..

      Delete
  9. //කාන්දු නොවන සේ
    අගුළු ලා මුද්‍රා තබමි //

    එහෙම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද සිතූ ....

    දැනුණා හදවත පත්ලටම ...
    සුන්දරයි නිසැකවම ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෙතුවො.. කරන්න බැරි වුණත් කරන්න වෙනවා...

      ගොඩක් ස්තූතියි!

      Delete
  10. කවිය නම් අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ම ස්තූතියි.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට!

      Delete
  11. අතයි හිතයි පතිවතයි සේරම එකෙක්ට දුන්න නම් නේද හොඳ ?
    කවි නම් තේරෙන්නේ නැහැ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බැරි වෙලාවක් ගැන මේ කියල තියෙන්නෙ. කාලෙකින් මේ පැත්තෙ ඇවිත් තියෙන්නෙ නිවාඩුවක් හම්බ වෙලා වගේ.. :)

      Delete
  12. රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරයයි
    පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි..

    ReplyDelete
    Replies
    1. මං ආසම සින්දුවක්.. ආදරේ නිසා තමයි ඔය ඔක්කොම දේවල් වෙන්නෙ නේද?

      Delete
  13. අගනා පද්‍යක් සිතු,මටත් එක පාරටම මතකෙට ආවේ රන් කෙන්දෙන් බැද සිංදුව නොවැ,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවාට...

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......