Tuesday, May 10, 2016

100යි!

ඔන්න එකමත් එක කාලෙක එකමත් එක ගෑණු ළමයෙක් ඒ ලෙවල් විභාගෙ එහෙම ඉවර වෙලා ගෙදරට වෙලා කම්මැලිකමේ හිටියලු. ඉතින් ඒ දවස්වල මේ ගෑණු ළමයට එයාගෙ යාළුවෙක් කම්මැලි වෙලාවට කියවන්න කියලා ලින්ක් එකක් එවල තිබ්බලු. ඉතින් මේ ගෑණු ළමයත් ඒ ලින්ක් එක දිගේ ගිහින් අරුම පුදුම තැනකට ආවලු.. 

ඒ තමයි ගෝල්ඩ් ෆිෂ්ගේ බ්ලොග් ටැංකිය 

ඉතින් මේ ගෑණු ළමයා එදා තමයිලු බ්ලොග් කියලා ජාතියක් තියෙනවයි කියලා දැනගත්තෙ. ඉතින් එදා ඉඳන් මෙයාගෙ දවසෙන් වැඩි කාලයක් ගත වුණේ මේ බ්ලොග් ටැංකියේ පීනන්නලු.. මාළුවගෙ කතා ගොඩක් හරිම් ආසාවෙන් කියෙව්වලු.  ඒක වර්ඩ්ප්‍රෙස් අඩවියක් නිසා බ්ලොග් රෝලක් තිබුණෙ නෑලු. ඉතින් දවසක් අහම්බෙන් වගේ එක එක ලින්ක් ක්ලික් කර කර ඉන්නකොට තවත් ඒ වගේම බ්ලොග් එකක් හම්බ වුණාලු. ඒ තමයි බ්ලොග් ගඩොල්. පිස්සු පූසො සෙට් එකක් කරපු වැඩ තමයි ඒ බ්ලොග් එකේ තිබුණෙ. ඒ බ්ලොග් එකත් කියවලා ඉවර වෙලා බලනකොට ඒ බ්ලොග් එකේ පැත්තක තව බ්ලොග් වල ලිස්ට් එකක්ම තියෙනවා. පස්සෙ තමයි දන්නෙ ඒ බ්ලොග් රෝල කියලා. ඉතින් ඊට පස්සෙ නොයෙක් විදියෙ බ්ලොග් කියවන්න මේ ගෑණු ළමයට අවස්ථාව ආවලු. 

ඉතින් ඔහොම තමයි සිතූ මේ බ්ලොග් ලෝකෙට ආවෙ.. 

ඉතින් සිතූට ඒ ලින්ක් එක එවපු යාළුවට ගොඩක්ම ස්තූතියි. ඒ නිසා තමයි මම බ්ලොග් කියල දෙයක් තියෙනවයි කියල දැනගත්තෙ. ඒ වගේම ගෝල්ඩ්ෆිෂ්ටයි, බ්ලොග් ගඩොල් ලියපු පුරු පුරු, උපාසක, ඤාව්වා සහ මාළුකට්ටා(මාකට්) ටත් ඒ වගේම සුදුපූසිටත් ගොඩක් ස්තූතියි සිතූට බ්ලොග් ගැන ආසාවක් ඇති කලාට. ඒ වගේම ආයෙමත් ඒ බ්ලොග් දෙකම ආපහු ලියවෙනවනම් ගොඩක් කැමතියි..

එහෙම නානාප්‍රකාර බ්ලොග් රාශියක් වගේම ඒවගෙ කමෙන්ට්ස් කියවන්න තමයි සිතූගෙ කාලෙන් වැඩි හරියක් වැය වුණේ. ඉතින් ඔහොම ඉන්නකොට සිතූටත් හිතුණ කමෙන්ට් කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් සිතූ බ්ලොගර් වලට සම්බණ්ද වුණේ එහෙමයි. ඊටත් අවුරුද්දක් විතර ගියාට පස්සෙ තමයි සිතූට හිතුණෙ එයාගෙම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. ඉතින් එහෙම තමයිලු "සිතූගේ සිතුවිලි" පටන් ගත්තෙ. 

ඉතින් එහෙම පටන්ගත්ත සිතූගේ සිතුවිලි බ්ලොග් අඩවියට දැන් අවුරුදු 4ක් විතර වෙනවා. මේ ලියන්න් සිතූගෙ 100වෙනි පෝස්ට් එක! 

පෝස්ට් 100ක් ලියන්න අවුරුදු 4ක් ගියා කියන්නෙ ඉතින් සිතූ කියන්නෙ කොච්චර කම්මැලි ළමයෙක්ද කියලා ඔයාලට තේරෙනවනෙ ඉතින්. ඒත් පහුගිය කාලෙ නම් එහෙම ලියන්න බැරි වුණේ ඉගෙනීමේ වැඩ කටයුතු හින්දා තමයි.. ඉස්සරහටවත් කම්මැලි නැතුව ලියන්න බලාපොරොත්තු වෙනවලු ඉතින්. 

මුලින්ම බ්ලොග් කියවන්න ලියන්න පටන්ගත්තෙ කම්මැලිකම මඟහරවගන්න වුණාට බ්ලොග් නිසා හොඳ යාළුවො ගොඩක් අඳුරගන්න ලැබුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. 

ඒ වගේම මගේ බ්ලොග් එකට මුල්ම කමෙන්ට් එක දාපු සිත් අහස ලියපු ප්‍රාර්ථනා අක්කටත්, මුල්ම ෆලෝවර් වෙච්ච ධම්මික සඳරුවන්ටත් ස්තූතියි. මේ දෙන්නම දැන් බ්ලොග් ලියන්නෙ නෑ මම දන්න විදියට. 

ඉතින් අවුරුදු 4ක් තිස්සෙ පෝස්ට් 100ක් පුරාම සිතූ එක්ක හිටපු, පෝස්ට් කියවපු, කමෙන්ට් කරපු නොකරපු, ෆලෝ කරපු නොකරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි. නම් වශයෙන් කියන්නෙ නෑ ඉතින් එක්කෙනෙක් හරි මඟහැරෙයි කියලා.. 

එහෙනම් ආයෙ තව හොස්ටල් කතාවකින් හමුවෙමු... 





80 comments:

  1. සීයට සුභපැතුම්. ඉක්මනින්ම පෝස්ට් සීය ඩබල් වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි පූසො!

      Delete
  2. //ඒ වගේම ආයෙමත් ඒ බ්ලොග් දෙකම ආපහු ලියවෙනවනම් ගොඩක් කැමතියි.// ++++++++++
    සුභ පැතුම්! ඊළඟ අවුරුද්ද ඇතුලත පොස්ට් සියක් ලියන්න වේලාව හා නිදහස ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මාළුවයි පූසො සෙට් එකයි බිසී ඇති.. ඒත් ආයෙ ලියනවනම් කොච්චර හොඳද?

      ගොඩාක් ස්තූතියි.. කම්මැලිකමත් මඟඇරෙන්න කියල ප්‍රාර්ථනා කරන්න! :P

      Delete
  3. හතරට සීයයි කීව.. මදි මදි.. අවුරුද්දකට විසි පහයි.. හෆොයි...
    කම්මැලි කියන්නෙ කම්මැලි ම ළමයෙක්ලු.. හිහි (විහිළුවට ලු)
    තව තවත් ලිපි ලියන්නට සිත් දේවා...
    ශතකයට සුභ පැතුම්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ් අයියෙ!

      කම්මැලිකමඉතින් කොහොම යවන්නද අප්පා.. මේ අවුරුද්දෙවත් බලමුකො නේද? මම ලියන කතා නම් අනිවාර්‍යයෙන්ම කියවන්න ඕනෙ හරිද?

      Delete
  4. සුබ පැතුම් සිතු සීයට (100)..දෙසීයත් ලියන්න සිතුගෙ සිත සිතුවිලි වලින් පිරේවා..සිතු...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  5. ඔන්න මගෙනුත් සුභ පැතුම් සිතූගෙ සීයට...

    තව තවත් ලියන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නිර්මාණි අක්කේ...

      Delete
  6. සියක් පෙති මල්
    පිපුන යායේ
    දහස් පෙති මල්
    පිපී සුවඳවේවා!

    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මූණුපොතෙනුත් සුබ පැතුවා නේද? ගොඩාක් ස්තූතියි.. ඒ පැත්තෙත් එන්නම්!

      Delete
  7. සුභපැතුම්... තව වේගෙන් හොඳ හොඳ දේ ලියැවේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  8. සියයට සුභ පැතුම් !! සිතූ. අවුරුදු හතරක් තිස්සේ ලිව්ව එකම ඇතිනේ. මේ අවුරුද්දේ වැඩි වැඩියෙන් ලිපි ලියවේවා !! හැම ලිපියටම කමෙන්ට් නොකරත් බලනවා සෑම ලිපියක්ම.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ගිම් අක්කෙ. මුල් කාලෙ ඉඳන්ම මේ පැත්තෙ ආව කෙනෙක්නේ ඔයා.. ඔයාගෙ අදහස් ගොඩක් ධෛර්‍යයක් වුණා හැමදාම...

      Delete
  9. ශතකයටත් සුබපැතුම්.. තව ශතක සියයක් ම නොදැවී ඉදිරියට යන්නටත් සුබ පැතුම්..!!

    මං මුලින්ම කියෙව්ව බ්ලොග් අඩවිය සඳරු අය්යගෙ හිස්අහස.ඉන්පස්සෙ වත් අක්කගෙ සොඳුරු සිත.. ඉන්පස්සෙ පොඩි කුමාරිහාමි.රවි මාමගෙ නිදහස් සිතුවිලි.. ඔය වගෙ බ්ලොග් කිහිපයක් නිසා මං දහය වසරෙදි පුදුමාකාර බ්ලොග් ඇබ්බැහියකට ලක් වුණා.ඉන්පස්සෙ තමා බ්ලොග් ලියන්න පටන් ගත්තෙ.දැන් ලියන්නෙ මගෙ සිව්වැනි බ්ලොග් අඩවිය.. ඒ හැම දෙයක්ම මතක් වුණා මේ ලියවිල්ල දැක්කම..

    රැකියාවත් එක්ක සිතු අක්කට බ්ලොග් ලිවීම අපහසු ඇති.. ඒත් හැකි හැම විටම ලියන්න.. අපි බොහොම ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නංගො. ඔය බ්ලොග් අඩවි ඔක්කොමත් එක්ක ජනූ අක්කගෙ හංස කිංකිණි අඩවියත් එකතු වෙන්න ඕනෙ මං හිතන්නෙ.. මම ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් අඩවියක් ඒක.. එයා ලිව්වෙත් නෑ කාලෙකින්..

      රැකියාව කියලත් ඉතින් එහෙමට වැඩ ගොඩක් නෑ. කම්මැලිකම තමයි තියෙන්නෙ..

      Delete
  10. කම්මැලි ගහක්වුන ගෑණු ළමයට 100ට සුබ පැතුම්....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කටුස්සො! ආයෙ කම්මැලියි කියන්නෙ ඉතින් කියල වැඩක්ම nනෑ!

      Delete
  11. මෙන්න මගේ උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  12. Replies
    1. ගොඩාක් ස්තූතියි! කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ!

      Delete
  13. ශ්‍රී සුබ වේවා!!!! සියය දෙසියයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නාඩියෝ!

      Delete
  14. සියයට සුභ පැතුම්!!! ජයව්වා !!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි! ජය වේවා!

      Delete
  15. 100 වෙනි post එක කියවන්න ඔන්න අපිත් ආවා. සුබ පැතුම් ඔන්න අපෙනුත්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා! ගොඩාක් ස්තූතියි!

      Delete
  16. සියවෙනි පෝස්ට් එකට සුබ පැතුම් සිතූ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  17. සීය සියදහස් ගානක් වේවා...............

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  18. සීයට සුබපැතුම් සිතුවෝ... තව තවත් ලස්සන ලස්සන දේවල් ලියන්න ලස්සන සිතුවිලි. සිතුවිලි සිතූට පහල වේවා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  19. හැක්, 100 ට සුබ පැතුම්, හැක මාත් අවුරුදු ගානක් තිස්සේ ඉන්දලානේ 100ක් ගැහුවේ. සිතු තව හොඳයි. දැන් කවද්ද පාටි.?

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි! අයියා මට වඩා කම්මැලියි එහෙනම්!

      වාන් පාටියක් දෙන්නම්කෝ!

      Delete
  20. උණුසුම් සුබ පැතුම් සිතූ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  21. සීයට සුභපතනවා... සීය දෙසීය වෙන්න ලියමු..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි! කාලෙකින් නේද මේ පැත්තෙ?

      Delete
  22. සීයට ඉක්මනින් ස්නීප වේවා ...

    ජයවේවා

    සුබපැතුම් හොදෙයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  23. සීයට ඉක්මනින් ස්නීප වේවා ...

    ජයවේවා

    සුබපැතුම් හොදෙයි..

    ReplyDelete
  24. එල කිරි ජය වේවා දිගටම ලියන්නෝ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  25. සීයට දැන් වයසද?
    Our hundred is yellow yellow sleeping on the donkey bed.

    සීයටත්, සීයාටත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. සීයල දෙන්නම නෑ ඩූඩ්! ඔය කතාව නම් අපිත් කිව්වා මතකයි..

      ගොඩාක් ස්තූතියි!

      Delete
  26. කම්මැලි පෝස්ට් 100 ක්.. හරිම කම්මැලි සුභ පැතුමක්.. හැක්

    ReplyDelete
    Replies
    1. අඩෝඃ...! මං ඕකට පේටන්ට් එක ගත්ත. මට ගෙවපං!

      Delete
    2. මගෙ කම්මැලිකමට අපහාස කරනවා එහෙම නෙවෙයි ඔන්න! කම්මැලි වෙලා ඉන්න එක මගෙ රස්සාව! ඒකට කම්මැලි උණාම තමයි දතක් දෙකක් ගලවන්නෙ.

      Delete
  27. 100 ට සුභපැතුම් ඈ...!

    වෙලාවක ඇවිත් මේක කියවල යන්නං.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි! එන්නකෝ එහෙනම් මේ පැත්තෙ නිවාඩු පාඩුවේ කියවල යන්න..

      Delete
  28. සුබ පැතුම් සිතූ පොස්ට් සීයක් ලියනවා කියන්නේ සමරන්නම ඕනේ දෙයක් තමයි.

    මම තාමත් තිහයි ලියලා තියෙන්නේ 2013 ඉඳන්ම,එහෙනම් මම කොහොම කම්මැලියෙක් වෙන්න ඇතිද ?:D

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      මටත් වඩා කම්මැලියෝ ඉන්නවා ඒ කියන්නෙ!

      Delete
  29. උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      Delete
  30. Congratulations for the century

    Ian

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඉයන්!

      Delete
  31. සීයට සුබ පැතුම් දස දහසක් ! දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කේ!

      Delete
  32. බුදු අම්මෝ සීයක්..... නියමයිනේ...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4ක්ම ගියාලු සීය ලියන්න!

      Delete
  33. සීයට මගෙත් සුබ පැතුම්!!!..

    දතක් ගලවගන්නත් තියනව..එඤ්ඤං හොන්ජේ?..:)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි!

      එන්න එන්න! ඕනෙම දතක් ගලවා දෙනු ලැබේ!

      Delete
  34. ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්.

    200 මේ තරම් කල් නොගෙන ලියන්න ලැබෙන්න කියලා විශ් කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේෂ් අයියෙ..

      දැන් වෙලාව ටිකක් විතර තියෙන නිසා ඉස්සරට වඩා ලියන්න පුළුවන් වෙයි...

      Delete
  35. 100 ගහල නේ ෂා ... නියමයි ... සුබපැතුම් සිතූ .. ආයේ හමුවෙන දවසක මොනා හරි ඉල්ලා ගන්න ඕන මේ 100 මතක් කරලා ;)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හංසි...

      ඔයාටයි තරිඳු අයියටයි දෙන්න මං වාන් පාටි එකතු කරනවා මේ දවස්වල...

      Delete
  36. සිතූ සීයක් ගැහුවා ....ඕ යේ .... සුභ පැතුම් හදපත්ලෙන්ම !!! ආසිරිවාදයෙන් දිගුකල් වැජඹේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මෙතූ ඔයාට!

      Delete
  37. සීයක් කියන්නෙ සෙල්ලම් ගානක් නෙමේ.. සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කස්ස!

      Delete
  38. කම්මැලි වුනත් හොඳ සිතූට සුභ පැතුම් ^_^

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මලයටත් සුබ පැතුම් විභාගෙට.. :)

      Delete
  39. මගෙන් සුබ පැතුම් සිතු, හදවතින්ම... ^_^

    ප.ලි : පරණ බ්ලොගර් කෙනෙක්, නමින් එන්න බෑ කියලා හිතුනා. කෝම හරි තව ලියමු දිගටම :D ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. මට නිකන් හිතෙනවා මේ කවුද කියලා... ගොඩාක් ස්තූතියි ඔයාට.. ආයෙ ලියන්නෙ නැද්ද ඉතින්?

      Delete
    2. හීහීහී... ආයේත් ලිව්වා.. එකක්, ඇවිත් බලන්නකෝ.. :D

      Delete
    3. හරී.. එන්නම් ඒ පැත්තේ!

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......