Thursday, May 5, 2016

හොස්ටල් කතා : මුදාගැනීමේ මෙහෙයුම

පහුගිය දවසක සොමියා අයියා තමයි මතක් කරල දුන්නෙ කැම්පස් එකේ ඉන්න කාලෙ වෙච්ච දේවල් බ්ලොග් එකේ ලිව්වොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසයි හොස්ටල් කතා නමින් ඒ කාලෙ වෙච්ච දේවල් ලියන්න හිතුවෙ. 

සිතූ කැම්පස් හිටපු අවුරුදු 4න්, අවුරුදු 3ක්ම හිටියේ කැම්පස් එකේ හොස්ටල් එකේ. ඉතින් ඒ නිසා ඒ කාලෙ වෙච්ච දේවල් නම් ගොඩක් තියෙනවා.  සිතූ කැම්පස් එකේ පළවෙනි වසරෙ ඉන්න කාලෙදි වෙච්ච සිදුවීමක් ගැන තමයි අද මේ කියන්නෙ. 

සිතූට යාළුවො හතර දෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා එක්ක තමයි සිතූ හොස්ටල් ගත වෙලා හිටියෙ. ඒ හතර දෙනා තමයි මුදිතා, රංගි, සරා සහ අහිංසා. මේ එයාලගෙ ඇත්ත නම් එහෙම නෙවෙයි ඉතින්. ඔහොම නම් දැම්ම කියල දන්නවා නම් මාව මරල හංගයි. දැනට ඉතින් අපි එහෙම අඳුනගමුකෝ ඒ කට්ටිය. 

මේ කට්ටියගෙන් සරාට තදටම හෝම්සික් තිබුණ නිසා හැම සිකුරාද හවසම වගේ බස් එකේ ෆුට් බෝඩ් එකේ එල්ලිලා හරි ගෙදර ඉගිල්ලෙන එක පුරුද්දක් වෙලා තිබ්බා. ඉතින් මේ කියන සිදුවීම වෙන දවසෙ සරා නම් හිටියෙ නැහැ. 

එදා සෙනසුරාදා දවසක්.  දවස තිස්සෙ නටල නටල හිටපු අපි කට්ටිය රෑ වෙද්දි තීරණය කළා පාඩම් කරන්න ඕනෙය කියලා. ඉතින් අපි පොත් ටිකත් පොදි බැඳගෙන ගියා පාඩම් කරන්න. අපි කට්ටිය එකතු වෙලා පාඩම් කරනවා කියන්නෙ ඉතින් පාඩම් කරනවා ඇරෙන්න අනිත් හැමදේම කරන එක. රටේ තියෙන හැම ඕපදූපයක්ම කතා කරන්න, කාමරේ තියෙන කෑම බීම ඔක්කොම ගොඩ ගහල ඒ ටික කාලා දාන එක, තේ, කෝපි, මයිලෝ ඔය හැම දෙයක්ම බීලා ඉවර කරන එක වගේ දේවල් තමයි පාඩම් කරනවා කියලා කරන්නෙ. 

ස්ටඩි හෝල් එකට ගියොත් කතා කර කර පාඩම් කරන්න බැරි හින්දා අපි තෝරගත්තෙ අපේ තට්ටුවේ කෙළවරේම කොරිඩෝ එකේ දාලා තියෙන මේසයක්. ඒ කාලෙ අපි හිටියෙ දෙවනි තට්ටුවේ කාමරේක. ඒ කාලෙ ටිකක් තදට සීතල එහෙම තිබුණ නිසා අපි හැමෝම ජර්සි, අයිස් කැප් වලින් සන්නද්ධ වෙලා සීල් දඩයමේ යන එස්කිමෝවරු කට්ටියක් වගේ තමයි පාඩම් කරන්න ගියේ. 

ටිකක් වෙලා පාඩම් කරලා ඒ වගේ තුන් ගුණයක විතර වෙලාවක් ඕපදූප කියවලත් ඉවර කලාට පස්සෙ එන බඩගින්න නම් ඉතින් ඉවසන්නම බැරි නිසා බිස්කට්, ජෑම් ගාපු පාන්, චොකලට් වගේ නානාප්‍රකාර දේවල් මහ ගොඩක් කාලා තේ බීලා ආපහු පාඩම් කරන්න ලේස්ති වෙනකොටම වගේ තමයි ඒ සද්දෙ ඇහුනෙ. එතකොට වෙලාව නම් පාන්දර දෙකට විතර ඇති. 

ඤාව්....

ඔන්න ඔහොම තමයි ඒ සද්දෙ ඇහුණෙ. අපි මුලින්ම වැඩිය ගණන් ගත්තෙත් නැහැ මොකද හොස්ටල් එකේ නිත්‍ය පදිංචිය දරන බළල් තඩියො කීප දෙනෙක්ම ඉන්න නිසා. ටික වෙලාවකින් ඔය ඤාව් සද්දෙ හෙනම විලාපයක් වෙච්ච නිසා අපි තීරණය කළා ඔය බළල් හඬ එන්නෙ කොහෙන්ද කියල හොයල බලන්න. 

ඔය කාලෙ වෙනකොට අපි හිටියෙ හොස්ටල් එකේ දෙවනි තට්ටුවේ නේ. ඉතින් පළවෙනි තට්ටුවේ ස්ලැබ් එක වටේටම පොඩ්ඩක් එළියට හිටින්න තමයි හදල තියෙන්නෙ. අපි ඔය බළල් හඬ එන්නෙ කොහෙන්ද කියල බැලුවම බළල් තඩියෙක් ඒ එළියට හිටින්න හදපු කෑල්ලට වැටිලා..

අපි අර බැල්කනියෙන් එබිලා "සූ සූ" ගාල පූසට කතා කළාම අර හෙනම දුක හිතෙන මූණක් හදාගෙන උන්දැත් අපි දිහා බැලුවා. 

"අනේ පව්......." 

අපි හැමෝගෙම හිත් වලට මුලින්ම ආපු අදහස වුණේ ඒක. 

"මූ කොයි වෙලාවෙද දන්නෙ නෑ වැටුනෙ. උදේ ඉඳන්මද දන්නෙ නෑ.." එහෙම කිව්වෙ රංගි. 

"පව් බඩගින්නෙ ඇත්තෙ හොඳටම.." එහෙම කිව්වෙ මුදිතා.. 

අපි ඒ පාර අපි ළඟ තිබ්බ බිස්කට් එකක් මූ ඉන්න තැනට දාලා බැලුවා. ඌ ඒ පාර දඩිබිඩි ගාලා දුවන් ඇවිත් ඒක කටවල් දෙකට ගිලල දැම්මා. 

"පව් අනේ. හොඳටම බඩගින්නෙ ඉන්න ඇත්තෙ." අපි ඔහොම කියලා තව තව බිස්කට් එතන්ට දැම්මා. ඌ ඒ ටිකත් ඔක්කොම කාලා දැම්මා.

"මේ ඔහොම බිස්කට් දාල හරියන්නෙ නැහැ. අපි මූව ගොඩට ගන්න බලමු." ඒ අදහසට අපි කවුරුත් එකඟ වූණා. ඊට පස්සෙ අපි කල්පනා කළේ මූව ගොඩට ගන්න විදියක්. එතන්ට බහින්න විදියක් තිබ්බෙ නැහැ පහත වැඩි නිසා. ඊටත් බැස්සට පස්සෙ ආපහු නගින්න බැරි වුණොත් මල ජංජාලයක් වෙන්නෙ. 

ඉතින් බහින අදහස අතෑරලා දාපු අපි වෙන විසඳුමක් ගැනයි කල්පනා කළේ. දිග කොහු මිටක් හොයාගත්ත අපි කාමරේ කලින් හිටපු අය දාලා ගිහින් තිබ්බ ලොන්ඩ්‍රි බෑග් එකකුත් හොයාගත්තා. ඊට පස්සෙ කොහු මිටට ලොන්ඩ්‍රි බෑග් එක තියලා ගැට ගැහුවා. ඊට පස්සෙ තව බිස්කට් පැකට් එකකුත් හොයාගෙන අපි ගියේ මේ මහා මුදාගැනීමේ මෙහෙයුම කරන්න. 

කොහු මිටට ගැට ගහපු ලොන්ඩ්‍රි බෑග් එක හෙමීට පූසා වැටිලා හිටපු තැනට පාත් කළා. ඊට පස්සෙ ලොන්ඩ්‍රි බෑග් එක ඇතුළට බිස්කට් එකක් දැම්මා. 

ම්හු... 

මේකා ඒක දැක්ක පාටක් නැහැ. ඒ පාර අපි ආපහු ඌ හිටපු තැනට බිස්කට් එකක් දැම්මා. ඒක නම් වැටෙන පරක්කුවට මූ ගිලලත් ඉවරයි. ඊට පස්සෙ ආපහු ලොන්ඩ්‍රි බෑග් එක ඇතුළට බිස්කට් එකක් දැම්මා. 

ඔන්න යන්තම් මේ බළල් තඩියා ලොන්ඩ්‍රි බෑෆ් එක ඇතුළට ගියා. ඒත් අපි බෑග් එක ආපහු උඩට ඇදල ගන්න හදනකොටම මූ ආපහු එළියට ගිහින්. 

මූ නම් යකාගෙ බළල් තඩියෙක් තමයි. 

ඊට පස්සෙ තව බිස්කට් එකක් බෑග් එක ඇතුළට දැම්මා. ඔන්න ඒ පාර මේකා ඇතුළට ගිහින් ඒක කන්න පටන් ගත්තා. එතකොටම අපි දඩබඩ ගාලා බෑග් එක උඩට ගන්න පටන් ගත්තා.. 

මේ මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වුණ බළල් තඩියා අර බෑග් එකෙන් පැන්නෙ නැතැයි එළියට. 

අපොයි දෙයියනේ... 

ඒ පාරත් අපේ උත්සහය වතුරෙ. 

දැන් නම් අපිට හොඳටම මහන්සියි. දැන් පාන්දර 3 විතර වෙලා. ඒ මදිවට හොඳටම නිදිමතයිත් එක්ක. මේ බළල් තඩියා මෙතන තියලා අපිට නිදාගන්නත් බැහැ. 

"තව එක පාරක් ට්‍රයි කරලා බලමු." 

එහෙම හිතපු අපි ආපහු අර බෑග් එක ඒ හරියට පහත් කළා. බළල් තඩියට පේන්නම බිස්කට් එකක් ඒ බෑග් එක ඇතුළට දැම්මා. ඒ පාර නම් බබා වගේ බළල් තඩියත් බෑග් එක ඇතුළට ආවා. 

"ඉක්මනට උඩට ගන්න. නැත්තම් ඌ ආයෙ පනියි." එහෙම කිව්වෙ එක්කෙනෙක්. 

"ඒත් ඉක්මනට ගන්නකොට ඌ කලබල වෙලා ආයෙ එළියට පැන්නොත් එහෙම?" ඒ තවත් එක්කෙනෙක්. 

ඒත් කොහොමහරි අපි ගොඩක් ඉක්මනට උඩට ගන්නෙත් නැතුව ගොඩක් හෙමීට උඩට ගන්නෙත් නැතුව යන්තම් බළල් තඩියත් එක්කම ආපහු බෑග් එක උඩට ගත්තා..

හම්මේ ඇති යන්තම්! 

මේ වෙද්දි අපි හොඳටම නිදිමතේ හිටියෙ. ඒත් බළල් තඩියා නම් කිසිම කලබලයක් පෙන්නුවෙ නැහැ. එයා බඩගින්නෙ ඇති කියලා හිතලා අපි කිරි එකකුත් හදලා දුන්නා. ඊට පස්සෙ ඉතින් හොඳටම නිදිමතේ හිටපු අපි නිදාගන්න ගියා. 

ඊළඟ දවසේ අපි නැගිට්ටෙ ටිකක් පරක්කු වෙලා. කාල බීලා ඉවර වෙලා බලද්දි අහිංසා ගෙ හෑන්ඩ්ස්ෆ්රී එක නැති වෙලා. අපි ඉතින් ඒක ඊයෙ පාඩම් කරපු තැන වත් වැටිල තියෙනවද බලන්න ගියා. 

"හොඳ වෙලාවට අපි ඊයෙ අර පූසව ගොඩට ගත්තෙ. නැත්තම් ඌ අද උදේ එනකම් බඩගින්නෙ නේ?' අහිංසා එහෙම ඇහුවෙ මගෙන්..

ඔන්න එතකොටම අපිට ආයෙමත් අර භයානක සද්දෙ ඇහුණා.. 

"ඤාව්..." 

අපි දෙන්නා බැල්කනියට දුවන් ගියා මොකද වෙලා තියෙන්නෙ බලන්න! 

අනේ අර බළල් තඩියා ආපහු පහළට පැනලා...

ප.ලි. 
පසුව දැනගත් පරිදි ඌ උවමනාවෙන් එතනට පැන අහිංසක ගෑණු ළමයි මුලා කොට බඩ වියත සරි කරගන්නා කපටි බළල් තඩියෙකි. අපි අපේ නින්ද විනාශ කිරීම හා අපිව රැවැට්ටීම ගැන බළලාට අශිර්වාද කරමින් අනිත් අයට කතාව පැවසීමට ගියෙමු... 

84 comments:

  1. Hih. . Ussahaya wature neda? Aparade biscuit kiri tika..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා.. මොනව කරන්නද ඉතින්? ඊට හපන් අපිව රවට්ටපු එක!

      Delete
  2. ඔය බලල් තඩියා නම් ගිය ආත්මෙ ඔය කැම්පස් එකේම කොල්ලෙක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. අක්කා කිව්වම තමයි මටත් එහෙම හිතුණෙ. අහුවෙද්දෙන්කො ආයෙ ඔය බළල් තඩියා..

      Delete
  3. කතා පෙට්ටගම
    http://storybox2016.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ එන්නම්!

      Delete
  4. Kattiya dakkama poosata hithenna athi hetath biscuits kanna pluwan Wei kiyala

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ විත්තිකාර පූසා මහතාණන්. නඩුව අසමු නඩුව අසමු

      Delete
    2. ඤාව් ඤාව් ඤාව්

      Delete
    3. මේ ඉන්නෙ ඒ බළල් තඩියා නේන්නම්! හිටු කොස්සෙන් දෙකක් දෙන්න අපිව එදා රැවැට්ටුවට!

      Delete
    4. කොස්සෙන් ගහලා දත් එහෙම ගලවනවා නෙවේ. මොකද බලල්ලු වෙච්ච අපි දත් දාන්න කියලද කැඩුනොත් :D

      Delete
    5. බළල්ලු වුණාට කමක් නෑ.. ඔන්න ඔහෙ දත් ටික දාල දෙන්නම්කෝ.. :P

      Delete
    6. දත් දෙකක්ම ස්නායු පුරවලා බේරගෙන තියෙන්නේ. පුරවනකම් මම කොච්චර හොදට හිටියද කියනවනම් දත් දොස්තර තෙමේ කිව්වා ආයේ පැත්ත පලාතේ එන්න එපා කියලා. ඒ තරමට මම ජූඩෝ ප්‍රැක්ටිස් කලා අතින් පයින් ඩොකා එක්ක :P

      Delete
    7. අනේ එහෙනම් පූසො මෙහෙ ඉන්න දත් දොස්තරලට කරන උදව්වක් විදියට ඔය දත් සෙට් එක හොඳට මැදල කරල පරිස්සම් කරගන්න.

      ඇයි අනේ අතක් පයක් කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද?

      Delete
    8. අනේ එහෙනම් පූසො මෙහෙ ඉන්න දත් දොස්තරලට කරන උදව්වක් විදියට ඔය දත් සෙට් එක හොඳට මැදල කරල පරිස්සම් කරගන්න.

      ඇයි අනේ අතක් පයක් කැඩුනොත් මොන දෙයියන්ට කියන්නද?

      Delete
    9. අතක් පයක් කැඩුනොත් වෑලිඩිං වෙදා ගාවට හරි හොරිවිල හරි යන්න පුලුවන් නොවැ :P
      මේ පැත්තටත් ඔලුව දාලා යන්න එන්න
      http://sudupoosa91.blogspot.com/

      Delete
    10. එන්නම් එන්නම් ඒ පැත්තෙ.. නිවාඩු පාඩුවෙ පෝස්ට් ටික කියවන්නම්කෝ..

      Delete
  5. කපටි පූසෙක් මැටි සිටුවෙක්ව ඇන්දවූ වගයි
    හහ් හහ් හා...
    පූස තමා බුලට් එක. ඌ දන්නව කෝමද එදා වේලහොයාගන්නෙ කියල. හැබැයි ඔතන කොල්ලො ටිකක් හිටිය නං දෙයියනේ පූස විනාසයි. ඌ නැතිිබංගස්තාන වෙනකං ම ගුටි කයි හිහි

    ReplyDelete
    Replies
    1. මහේෂ් අයියෙ අපි ඔය කතාව අපේ බැච් එකේ පිරිමි ළමයින්ට කිව්වම එයාලත් කිව්වෙ හැබැයි ඔය බළල් තඩියා එයාලට අල්ලල දුන්න නම් හෙම ඉතුරු වෙන්නෙ නෑ කියලා...

      මැටි? හුහ්! මං කියන්නෙ නෑ ඉතින්!

      Delete
  6. කොහොමත් ඔය කාලෙට ගෑණු ළමයි රැවටෙන්න බලාගෙනම තමා එන්නේ... ගෙදරින් එද්දි අම්මලත් කණට කරලා කියලා එවන්නේ දැන්නං කොහොම හරි ඔය බැච් එකෙන් ම එකෙක් අල්ලගනින්. ඊට කලින් වාසගම බලලා ගෙදර තත්වෙත් බලලා හිටහං කියලා......... අපිටත් ඉතින් වුණේ ඔය සෙතේ ම තමා....

    ReplyDelete
    Replies
    1. බැරි බර කරේ තියං දෙපයට වාරු අරං කියලා සිංදුවක් තියෙන්නේ නිකමටද ඉතිං

      Delete
    2. සමාන බැච්එකෙන් ගොඩයන ඇත්තෝ වැඩිය ඉන්නේ කැළණියේ වෙන්න ඕනේ.
      මාකටිං මාකටිං 2010/2011 බැච් එකේම මගේ යාලුවෝ 3 දෙනෙක්ම ගොඩගියා

      Delete
    3. හැබැයි ඉතින් අපේ බැච් එකෙන් නම් එහෙම ගොඩ ගියපු කපල් ඉන්නෙ දෙකයිලු ඉතින්... :D

      Delete
  7. Replies
    1. එහෙම බළල්ලු ඉතින් ඕනෙම නෑ!

      Delete
  8. බළලුන් යනු මහ අලුකුත්තේරූ ජාතියකි...කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුය... දුටු තැනදි බනනා කික් එකක් දිය යුතුය...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. හරියටම හරි.. :D

      Delete
  9. හැක, මන් බළල් කතා ලියන්න කිව්වේ නෑලු ඉතින්, :D මට මේක කියවද්දී මතක් උනේ නුවර කුමාරි ලියපු බලල කතාව. :D කැම්පස් ගෑල්ලමයි හා බළලා යනු හොඳ කතාවලට පොටක් තමා. :D සිතුලාව අන්දපු පූසෙක්.

    ReplyDelete
    Replies
    1. කැම්පස් කතා ලියන්න කියල කිව්වලුනේ ඉතින්.. තවත් බළල් කතාවක් තියෙනවා ඒකත් ලියන්න ඕනෙ..

      ඌ ඉතින් අපිව ඇන්දුවා හොඳටම...

      Delete
    2. හි හි හි.සොමියා කිව්වත් වගේ මටත් මතක් උනේ මගේ පූස් මෙහෙයුම.. මේ තියෙන්නේ.

      එක නම් ඉවර උනේ සතුටු කඳුළු වලින්. මේ බළල් තඩියා නම් කැම්පස් එකට අනුගත වෙච්ච එකෙක්මයි වගේ.

      Delete
    3. ඒ පෝස්ට් එක කියෙව්වම ලියන්න තව කතාවක් මතක් වුණා අප්පා! :D

      Delete
  10. කුණු වලකට වැටුනු බලු පැටියෙක් බේරන්න ගිහින් ඔය වගේම වැඩක් උනා.. ඌ අපේ සද්දෙ ඇහෙනකොට වලට පනිනවා..ඇයි අපි ගොඩ අරන් කෑමත් දෙනවනෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු වැඩක් තමයි ඕන්න! ඌ හිතන්න ඇති නිකන් ඉඳල කෑම හම්බ වෙන වැඩක් නිකන්ම අතාරින්න බෑ කියලා!

      ජයවේවා!

      Delete
    2. ඒ නම් වෙන්න ඇත්තේ ගස් ලබ්බාගේ සද්දේ ඇහෙනකොට උලත් එකයි, පිලත් එකයි කියල ජබොස් ගාල වලට පනිනවා ඇති

      Delete
    3. ගස්ලබ්බට අහු වෙනවට වඩා වතුරට පනින එක හොඳයි කියල හිතෙන්න ඇති..

      Delete
  11. එල බළල් තඩියෙක් නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. කියල වැඩක් නෑ!

      Delete
  12. හරි ඔයාගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝල්ට දා ගත්ත එහෙනම්

    ReplyDelete
    Replies
    1. මාත් ආවනෙ ඉතින් ඒ පැත්තෙ!

      Delete
  13. සිතූ අහුවෙන්නෙපා ඔය පූසන්ට.උන් හරිම කපටියි .......

    ReplyDelete
    Replies
    1. කවුද ඩො පුසන්ට බනින්නේ ? :P

      Delete
    2. මූ ඉතින් අපිව ඇන්දුවා නේ හංසි..

      ලව්පූසාට තද වෙලා වගෙයි.. :P

      Delete
  14. //"පසුව දැනගත් පරිදි ඌ උවමනාවෙන් එතනට පැන අහිංසක ගෑණු ළමයි මුලා කොට බඩ වියත සරි කරගන්නා කපටි බළල් තඩියෙකි. "//
    අහිංසක පුසන්ට පද හදන්න එපා හලෝ , හැක

    ReplyDelete
    Replies
    1. සිතූ පොඩ්ඩක් මතක් කරලා බලන්න එදා මහ රෑ ගැල්ලමයිගෙ හොස්ටල් එකට පැනල කෑම ටික ගිල්ලෙ ලව් පූසෙක් නේද ? :P :P :D :V

      Delete
    2. මට නිකන් හිතෙනවා දැන් ඒ ලව්පූසා වත්ද කියලා... :D

      Delete
    3. හරී.. ලව්පූසා මාට්ටු! :D

      Delete
  15. හොස්ටල් ජීවිතේ නම් කියල වැඩක් නැ.. මරු... පාඩක් කරන්න ගියොත් අර කියුවත් වගෙ වෙන්නෙ නැත්තත් ඒකම තමා..

    පූසත් මාර එකක්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ.. කියල වැඩක් නෑ ඉතින් හොස්ටල් ජීවිතේ නම්! පාඩම් කරන්න ගියාට ජීවිතේට පාඩම් කෙරෙන්නෙ නෑ..


      පූසා නම් කපටි බළල් තඩියෙක්!

      Delete
  16. හි..හි.. ඌ නම් මාර එකෙක්නේ...

    ReplyDelete
    Replies
    1. මාරයිද කියලත් අහනවා!

      Delete
  17. පූසාගෙ මොළේ තමයි මොළේ .සත්තු කපටියි අපි නොහිතුවාට.

    ReplyDelete
    Replies
    1. මාර කපටියි අක්කෙ ඌ නම්.. අපිව මෝඩය කරල කෑම බීම ගන්න ටික ළඟටම ගෙන්න ගන්න හැදුවෙ..

      Delete
  18. පුදුම පූසෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල! හැක්!

      Delete
  19. අපේ හොස්ටල් එකේ හිටිය බිළාල තඩියාගේ නම "ලොකු සීන්"! මරු ඩයල් එකක්

    ReplyDelete
    Replies
    1. එයා ගැනත් ලියමු නේද කතා ටිකක්?

      Delete
  20. බළල් මායම හසු වූ හැටහතර මායම

    ReplyDelete
    Replies
    1. හැටහතර මායම බිංදුවටම වැටුණා..

      Delete
  21. හයියෝ පූසා කට්ටියගෙම දත් ගලවලා. හිහ හී ....

    ReplyDelete
    Replies
    1. දත් ටික නම් ගැලවිලාම ගියා...

      Delete
  22. අන්න පූසෝ....ඔය ගොන් ගෑණු ළමයින්ට වඩා කොච්චර මොලේ තියනවද ඌට.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තටම සිරා මොළයක්! කවුද ඉතින් ඔය වගේ දෙයක් හිතන්නෙ?

      Delete
  23. බලල්ලු ඔහොමම තමයි..

    මාත් ලොකුවෙලා සරසවි ගිහින් බලු කතා ලියනවා....

    ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. බලු කතා ලියන්න එපා.. බළල් කතා ලියන්න මේ මං වගේ..

      Delete
    2. Vidane: ඒකට ඉතින් ලොකුවෙන්න එපැයි . ඔයා තාමත් ලොකු උනේ නැද්ද?

      Delete
  24. බලල්ලු ඔහොමම තමයි..

    මාත් ලොකුවෙලා සරසවි ගිහින් බලු කතා ලියනවා....

    ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. විදානේ බ්ලොග් වසන්තෙ හොඳම කමෙන්ට්කරුවා වෙන්නද හදන්නෙ?

      Delete
  25. හොඳට හිතලා බලලා වැඩ කරන බළලෙක්.. කැම්පස් එකේ නේ ! ඒකයි...

    ReplyDelete
    Replies
    1. අපිව බයිට් කරන්න ආපු කැම්පස් බළලෙක්..

      Delete
  26. අනේ දෙවියනේ .... සිතූ තවත් හොස්ටල් කතාවක් ඕන ....

    ReplyDelete
    Replies
    1. ලියන්නම්කෝ තව එකක් ඉක්මනටම..

      Delete
  27. ජිවිතයට හොස්ටල් එකක නතර වෙලා නැති නිසා ඔය හොස්ටල් අපිට නම් වෙනමම විශයක්.
    පුසෝ බල්ලන්ට වඩා හොදයි.හැබැයි උන්ගේ ඇඩිල්ල තමයි එපා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොස්ටල් කියන්නෙ ඉතින් වෙනම කතා ගොඩක්...

      අපොයි ඔව්.. මටත් පෙන්නන්න බෑ ඔය ඇඬියාව..

      Delete
  28. හීතලයි කිව්වෙ... කන්ද උඩරට මහා විද්‍යාෙලෙද දත් අක්කගෙ කැම්පස් එක..??

    ..මාත් මේ කැම්පස් යන්ට බලාගෙන ඉන්නෙ.. ඇප්ලිකේෂන් එකේ උඩම හරියට ළඟ කැම්පස් එකක් දැම්මෙ හොස්ටල් ජීවිතේ ගැන උපන් ජීවිත බය හන්දා..__

    ඒත් ඉතින් හොස්ටල් ජීවිතේ තියෙන මිහිර කවදාවත් ගෙදර ඉඳල කැම්පස් ගාටන ළමයෙක්ට ලබන්න බැරි විත්තියත් නොදන්නව නෙමේ..))

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. එහෙ තමයි අවුරුදු හතරහමාරක් විතර ඉගෙන ගත්තෙ මං.. ආයෙ ඉතින් කියල ඉවර කරන්න බැරි කතා ගොඩක්.. ජීවීතේට වටින හොඳම යාළුවො ටිකක් එහෙම හම්බ වුණේ එහෙදි තමයි..

      ඒ කියන්නෙ වැසි දැරිය අපේ නංගිටත් බාල වෙන්ට ඕනෙ.. අපේ නංගිත් මේ ගෙදර ඉඳන් යන්න පුළුවන් කැම්පස් එකක හොස්ටල් ඉඳන් තමයි යන්නෙ.. :D

      සුබ පැතුම් එහෙනම්.. හොඳට ඉගෙනීමේ කටයුතු කරගන්න..

      Delete
  29. ගොඩට ගන්න හැම වතාවේම වලට වැටෙන බළලෙක්...සමහර මිනිස්සු වගේ බළලත් ඕක කරන්නේ හිතාමතාම වෙන්නැති...කතාව රහයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමහර මිනිස්සු වගේම තමයි.. ස්තූතියි හොඳේ...

      Delete
  30. බළල් තඩිය පැනල තිබ්බෙ හෑන්ඩ්ස්ෆ්‍රී එකත් අරංද? එහෙම කළා නං ආපහු බිස්කට් පැකැට් එකක් විතර පූජා කරල ඌව ගන්නව ශුවර්...!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. හෑන්ඩ්ස්ෆ්රී එක පස්සෙ හම්බ වුණා වෙන කොහෙද තිබිල. පිස්සුද? වෙන හෑන්ඩ්ස්ෆ්රී එකක් ගන්නව මිසක් අපි නම් දෙයි ඕකට බිස්කට් ආයෙ! හුහ්! අපිව රවට්ටපු බළල් තඩියා!

      Delete
  31. සිතු මාර පූසෙක්නෙ.. සත්තුන්ව මෙහෙම හරි දවසෙන් දෙකෙන් කපටිකම අල්ල ගන්න පුලුවන්.. මිනිසුන්ගෙ කපටිකම් නම්.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මිනිස්සුන්ගෙ කපටිකම් නම් අල්ලනවා බොරු!

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......