Saturday, July 2, 2016

හොස්ටල් කතා: බළල් අවතාරය

පහුගිය කාලෙ බ්ලොග් පැත්තෙ එන්න බැරි වුණාට සමාවෙන්න. හේතුව ඉතින් වැඩ සහ බුකියට වෙලා සිටීම තමයි. කොහොම වුණත් සමාව දෙන්න ඇති කියලා හිතනවා. අදත් ඔන්න හොස්ටල් කතාවක්. 

මේකත් හැබැයි බළලෙක් ගැන. දැන් හිතන්න එපා මේ හොස්ටල් එකේ බළල්ලු විතරයි ද ඉන්නෙ කියලා. තව රිලවු එහෙමත් ඉන්නවා. ඔය දෙගොල්ලොම අපිට හොඳ හැටියට වද දුන්නා හොස්ටල් ඉන්න කාලෙ. ඉතින් මේ තවත් එක් බළල් කතාවක්. 

හොස්ටල් එකේ අපි හිටපු තට්ටුවට උඩ් තට්ටුවේ අපේ යාළුවො කට්ටියක් හිටියා. එයාල ඉතින් ගොඩක් වෙලාවට අපේ කාමරේට ඇවිත් අපිත් එක්ක කතා කර කර ඉන්නවා.. ඔහොම ආව දවසක තමයි අපිට මේ කතාව කිව්වෙ. 

ඒ කාමරේ හිටියෙ යාළුවො තුන් දෙනෙක්. එයාලා තමයි අජිතා, සඳුනි සහ කුමාරි. මේ තුන් දෙනාගෙම ගෙවල් කැම්පස් එකෙන් ගොඩක් දුර. ඉතින් මාසෙකට සැරයක් වගේ තමයි එයාල ගෙදර යන්නෙ. අපි ගෙදර ගිහින් නකොට එයාලටත් එක්ක තඩි බත් එකක් උස්සන් එනවා. මෙහෙම ගෙනාපු බත් කාල කතා බහ කර කර ඉන්න වෙලාවක තමයි මේ කතාව අහන්න ලැබුනෙ. 

අජිතා: දැන් නම් මට අපේ කාමරේ ඉන්නත් බයයි අනේ. 

මම: ඒ මොකද? 

අජිතා: පොඩි අවුලක් ඉතින්. 

රංගි: ඉතින් මොකද්ද කියන්නකො.

අජිතා: කුමාරි ඔයාම කියන්නකො. 

කුමාරි: අපේ කාමරේ ස්කල් එක දාල තියෙන පෙට්ටිය තියෙන්නෙ එළියෙ බැල්කනි එක පැත්තෙ. ඒත් එතන හැමදාම රෑට අමුතු සද්දයක් ඇහෙනවා. 

(ස්කල් එක යනු අපි ඉගෙනීම් කටයුතු සඳහා භාවිතා කරන මිනී ඔළුවයි. හැම කාමරේකම එකක් වගේ තිබ්බා ඕවා)

රංගි: ඉතින්? 

කුමාරි: අපි මුලින්ම එළියට යන්න බයේ හිටියෙ. පස්සෙ දවසක් අපි ඔහ්හොම ගිහින් බැලුවා. එතන පූසෙක් නිදාගන්නවා. ඌ තමයි අර සද්ද කරලා තියෙන්නෙ. 

රංගි: ආ එහෙනම් බය වෙන්න  දෙයක් නෑනෙ? 

කුමාරි: නෑ අනේ. අපිට ඔය සද්ද ඇහෙනකොට බය නිසා අපි ඒ පූසට නිදාගන්න වෙන තැනක කාඩ්බෝඩ් පෙට්ටියක් දාල ඒකට රෙද්දක් දාල හැදුවා. ඒත් මූ නෙවෙයි එතනට යන්නෙ. හැමදාම අර පෙට්ටිය උඩ නිදාගන්නෙ. 

මම: නෑ? 

කුමාරි: නෑ නෙවෙයි අනේ ඔව්! ඊට පස්සෙ බැරිම තැන් අපි ඒ පෙට්ටිය පුටු ගොඩක් උඩින් තිබ්බා. ඒත් මේ පූසා කොහොමහරි එතනට නැගලා එතන නිදාගන්නවා නේ. 

මම: හරිම පුදුමයි නෙ?

කුමාරි: ඒක තමයි. අපි දැන් හිතන් ඉන්නෙ ඌ ඒ ස්කල් එක් අයිතිකාරයගෙ කවුරුහරි කියලා. 

රංගි: ඒක නම් වෙන්න පුළුවන්. අපේ ස්කල් එක තියෙන පෙට්ටිය තියෙන්නෙ ඇඳ යට. මෙහෙටත් එකෙක් ආවොත් තමයි වැඩේ! 

අපි ඔහොම කතා කර කර හිටියා ටික වෙලාවක්. ඊට පස්සෙ යාලුවො තුන් දෙනා ආපහු එයාලගෙ කාමරේට ගියා. 

එදා වැස්ස වගේ තිබ්බ නිසා ටිකක් කරුවල වැටිලයි තිබ්බෙ. කාල බඩ පිරිල නිසා අපි පස් දෙනා කතා වුණේ ටිකක් නිදාගන්න. ඔහොම නින්ද යාගෙන එනකොටම අපි ගැස්සිලා ඇහැරුනේ එක පාරටම ඇහිච්ච සද්දෙකින්.. 

බෙල්ල හරවල බලද්දි දොර ඇරිලා! 

අර කතාව නිසා බය වෙලා හිටපු අපි මූණෙන් මූණ බලාගත්තා. ඒත් එතකොටම ඇහුනෙ අපි කොහෙත්ම අහන්න බලාපොරොත්තු නොවෙච්ච සද්දයක්!

"ඤාව්ව්ව්ව්ව්ව්ව්"

ඊට පස්සෙ ඇහුනෙ මුළු හොස්ටල් එකම දෙවනත් වෙන්න ගෑණු ළමයි පස් දෙනෙක් යටිගිරියෙන් කෑ ගහනවා! 

අපේ ස්කල් එක හොයාගෙනද ඒ ඇවිත් තියෙන්නෙ??

ටික වෙලාවකට පස්සෙයි අපි යථා තත්වයට පත් වුණේ. එදා වැඩිය ළමයි හිටපු නැති දවසක් නිසා අපේ කෑ ගැහිල්ල කාටවත් ඇහිලා තිබ්බෙ නෑ. 

දොර ලොක් වෙලා තිබිලා නැතුව හුළං පාරට ඇරුන දොරෙන් තමයි ඒ හරියෙ සැරි සරන බළල් තඩියෙක් අපේ කාමරේ ඇතුළට ඇවිත් තිබ්බෙ. 

නැතුව ඒ අපේ ස්කල් එක හොයාගෙන ආව අයිතිකාරයෙක් නම් නෙවෙයි..  


30 comments:

  1. Oya balala ehatha athmekadi pav karala manussayek vela ipadula edala thiyenava,e skal eka ayithi oya balalata. Eya manussa athmedi karapu pin nisa ada pusek vela innava kiyala, indiyave saayi baba kivva.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි අපිත් හිතුවෙ.. ඒ ස්කල් එකේ අයිතිකාරයා කියලා..

      Delete
  2. මේ කියන බිලාල සාමාජිකයෝ පිරිච්ච හොස්ටල් එක සංඝමිත්තද? හිල්ඩාද? රාමනාතන්ද? විජේවර්ධනද? කියලා කල්පනා කලේ.
    අපේ නංගි කෙනෙක් උන්නා මෙඩිකල් පිස්සුව ගහපු කොටින්ම සතෙක් මැරිලා හිටියොත් කපලා බලනවාමයි. ස්චැපල් සර්ජරි බ්ලේඩ් මමත් ගෙනත් දුන්නා.
    මෙඩිසින් ඇවිල්ලත් යන්නේ නැතුව දැන් මොරටුවේ Textiles කරනවා

    ReplyDelete
    Replies
    1. ඔය ඔතන කියලා තියෙන හැම හොස්ටල් එකකම ඔය වගේ බිලාල සාමාජිකයෝ පිරිලා ඉන්නවා.. :)

      හපොයි එහෙමද? ඒක නම් ටිකක් බය හිතෙන වැඩක් නේද? හැබැයි ආස නිසා නේ එහෙම් කළේ.. අපරාදෙ මෙඩිසින් ගියෙ නැති එක..

      Delete
    2. මෙඩිසින් නොගියේ ලෙඩ්ඩුන්ගේ ජාතියේ පෙර පිනකට කියලා කිව්වනම් හරි. නැත්තම් අහිංසක ලෙඩ්ඩු කීයක් වැලිගම්පිටි යයිද කියන්න බෑනේ.
      අක්බාර් හොස්ටල් එකේ නම් හිටියා මගෙත් යාලු පූසෙක්. මේ කියන්නේ ඇවිල්ලා 2012-2013 වගේ කාලේ

      Delete
    3. ඒ මොකද? ලෙඩ්ඩුන්වත් අල්ලගෙන කපල බලයි කියලද?

      ඔය කියන කාලෙ නම් අපිත් ඒ අවට තමයිලු හිටියේ... :)

      Delete
  3. හරිම නිර්භීතයි. ආඩම්බරයි දරුවනේ.

    ස්කල් කිව්වාම මතක් වුනේ මේ කතාව.

    ඔන්න නුවර කෞතුකාගාරෙ තියෙන වලු හිස්කබල් නුවර හිටපු වීරයන්ගෙ. දවසක් ගයිඩ් කෙනෙක් ‍ටුවරිස්ට්ලත් එක්ක ඇවිත්

    "මේ හිස්කබල කාගෙද?" එක හිස්කබලක් පෙන්නලා සංචාරකයා අහනවා.
    "මේක අපේ හිටපු වීරයෙක්ගෙ කැප්පෙටිපොල කියලා."
    "අහා, එතකොට මේ පොඩි හිස්කබල කාගෙද?" එතන තිබ්බ තව පොඩි හිස්කබලක් පෙන්නලා සංචාරකයා අහනවා.
    කරුමෙට ඒකෙ ලේබලෙත් පේන්න නෑ. නමුත් ගයිඩ් කට්ටයා.
    "ආ ඒකද? ඒක කැප්පෙටිපොල වීරයගෙ පොඩි කාලෙ හිස්කබල."

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඔය වගේ බොහොම නිර්භීත ළමයි..

      නියම කතාව ඩූඩ්! ටුවරිස්ට් ට කට උත්තර නැති වෙන්න ඇති...

      Delete
  4. තව ටිකෙන් පූස් ගේ ස්කල් එකත් එතැනින්ම තියන්න වෙනවා... :)

    ReplyDelete
    Replies
    1. පූස් ඉතින් මැරුනොත් ඒ අපේ සද්දෙට කන් අඩි පුපුරලා තමයි..

      Delete
  5. බුකියට වෙලා ඉන්න නිසා පෝස්ටුවක් නොලිවුයුවට සමාව දෙන්න බෑ...

    අර පූසා මිනී ඔලුවේ අයිතිකාරයාද දන්නෑ...

    කෑගැහුව තරමටම පස්සේ හිනාවෙන්නත් ඇති නේද??

    ReplyDelete
    Replies
    1. ඉක්මනට තව පෝස්ට් එකක් ලියන්නම් නිර්මාණි..


      අපිත් හිතුවෙ නම් අයිතිකාරයා කියලා තමයි..

      eඒ එලාවෙ විතරක් නෙවෙයි, ඕක මතක්වෙන සැරයක් ගානෙ අපි හිනාවෙනවා තාමත්..

      Delete
  6. මේ පූසා එයාගේ හොස්ටෙල් කථා බළල්හඬ පත්තරේට ලියල තිබුණා. එයා මේගොල්ලන්ගේ කාමරේට ඇවිල්ලා තියෙන්නේ එයාගේ ස්කල් එකද ඒ කාමරේ තියෙන්නෙ කියල බලන්න. එනකොට ඒ ස්කල් එකේ අයිතිකාරය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඒ කාමරේම ඉන්නව දැක බයවෙලා තමයි එයා "ඤාව්ව්ව්ව්ව්ව්ව්" ගාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හපොයී ඉයන්.. ඔහොමත් මඩ ගහනවද ඈ...

      Delete
  7. Replies
    1. ස්තූතියි.. කියවන්නම්...

      Delete
  8. ඔය පූසා ගිය ආත්මේ පොලියට දීපු එකෙක් වෙන්න ඇති. අර මැරිල තියෙන්නෙ උගෙන් නයට සල්ලි ගත්ත එකෙක්ද කොහෙද. බල්ලෙක් නං කටු වලට පෙරේතකමේ එතන ඉන්නව කිව්වැකි. පූසෝ මස් කටු වලට ආස නෑ..

    ReplyDelete
    Replies
    1. පූසා ගැන නවතම අර්ථ දැක්වීමක් ඈ... මේ විදියත් වෙන්න පුළුවන් තමයි... :)

      Delete
  9. සැහ් හරි ත්‍රාසජනක කතාවක් නොවැ.. පේරා නේවාසිකාගාරවල ඉන්නවා කියන හොල්මං ඔක්කොම ඔය ජාතියෙ පරිකල්පිත හොල්මන්ද දන්නෙ නෑ නේද..??

    ReplyDelete
    Replies
    1. මේ හොල්මන නම් අපි ඉන්න කාලෙ ආපු හොල්මනක්.. හැබැයි අර ඓතිහාසික හොල්මන් කතා නම් එහෙම නෙවෙයි මම හිතන්නෙ.. :P

      Delete
  10. රිලවු,පුසෝ හැර වෙනත් සත්තු ඔය නේවාසිකාගරයේ හිටියෙම නැතිද?

    ReplyDelete
    Replies
    1. මනුසත්තු එහෙමත් හිටියා....

      Delete
  11. පේරා හොස්ටල් කතා නම් ලියන එකයි තියෙන්නෙ පෝලිමට.අර ටැප් අරින හොල්මනක් එහෙමත් ඉන්නවාලු නේද?
    මෙඩ්ඩෙක් කියන්නෙ ඉතිං කොහේ හරි සොහොනක් හාරන්නම එපැයි..
    පිටිං එන හොල්මං වලට පරණ හොල්මං රැග් කරන නිසා වෙන හොල්මං එන්නෙ නෑ කියලත් කතාවක් තියෙන්නෙ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොල්මන් කතා නම් ඉතින් මහ ගොඩක් තියෙනවා... :)

      මෙඩ්ඩෙක් නෙවෙයි අනේ.. ඩෙන්ටෙක්...

      හොල්මන් වලට රැග් කරන කතාව අදයි ඇහුවෙ. එහෙනම් ඒක වෙන්න ඇති පරන හොල්මන් විතරක් ඉන්නෙ!

      Delete
  12. මට නම් ඕකුන් පේන්න බැහැ. දැක්ක ගමන් දෙනවා හොඳ ඩෑෂ් පාරක්

    ReplyDelete
    Replies
    1. තවත් බළල් විරෝධීයෙක්...

      Delete
  13. අපෝ කාලකන්නි පූසෝ මට පේන්න බෑ :(
    උන් හිතන් ඉන්නේ අපි උගෙන් කාලා ඇදලා ජීවත් වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමයි. ගෙදරක වුණත් ප්‍රධාන තැන දෙන්න ඕන එයාලට තමයි... :)

      Delete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......