Wednesday, August 17, 2016

ඉයන් මාමාගේ අභියෝගය සහ සිතූගේ කැමතිම සින්දු 16

මේ දවස්වල කට්ටිය තරඟෙට තමන් කැමතිම සින්දු 16 පොස්ට් කරනවලු නේ. ඉයන් මාමා ( මාමා කිව්වට තරහ නෑනේ? හංසි කියන නිසාලු කිව්වේ ඔන්න) තමයිලු මේ වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ හංසි, කලන අයියා, නිර්මාණි, අටං අයියා එහෙමත් පොස්ට් දාලා තිබ්බලු. ඒ වුනාට මට චැලේන්ජ් ඒක බාර දුන්නේ සොමියා අයියා. 

මේකත් හෙන බරපතල වැඩක් කියල තේරුනේ සින්දු ටික තෝරන්න ගියාම තමයි. ඉතින් හෙන අමාරුවෙන් තමයිලු සින්දු ටික තෝරාගත්තේ. මේ තියෙන්නේ සිතූ කැමතිම සින්දු 16. මේවා තියෙන්නේ කැමැත්තෙ අනුපිළිවෙලට නෙවෙයි හොඳේ.. 

1) කඳුළ නිවන්නම්.... ප්‍රියානි ජයසිංහ. 

මේ සින්දුවේ තියෙන ලයාන්විත ගතියට තමයි මම ගොඩක්ම කැමති. මේක නම් ඉයන් මාමාගේ ලිස්ට් එකෙත් තිබුනලු. 



2) සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ. (ගායනය, ගීපද, සංගීතය) 

මේක මං ගොඩක් කැමති සින්දුවක්. ඒ සමීප සිදුවීමක් නිසා නම් නෙවෙයි. ඒ සින්දුවේ සංගීතය වගේම පද පෙළත් හිතට ගොඩක් දැනෙනවා. 





3) දෙනුවර මින් පසු - සෝමතිලක ජයමහ/ පුන්‍යා කත්‍රිආරච්චි 

පද, සංගීතය- සෝමතිලක ජයමහ 

හිතට දුකක් දැනුන වෙලාවට එහෙම මං අහන සින්දුවක් මේක. හිතට ගොඩක් සනීපයක් වගේම සැහැල්ලුවක් දැනෙනවා මේ සින්දුව ඇහුවම. 





4)මුව මුක්තාලතා - එඩ්වඩ් ජයකොඩි 

පද රචනය - අචාර්ය අජන්තා රණසිංහ. 

තවත් මං ගොඩක් කැමති සින්දුවක්. ශබ්ද රසය නිසා තමයි මං මේ සිදුවට කැමති වුණේ. මේ ළඟදී හෙමිට සින්දුව අහල බලල තමයි තේරුම හොයාගත්තේ. :)





5) මේ ඉරයි හඳයි තනි අහසක - අමරසිරි පීරිස් 

මේ සින්දුව ගැන නම් මුකුත් කියන්නේ නෑ ඉතින්.. ඒක ගොඩක්ම දිග කතාවක් නිසයි. 



6) සඳකඩ පහණක - සුනිල් එදිරිසිංහ 


කාලෙකට කලින් මගේ ප්ලේලිස්ට් එකේ උඩින්ම තිබ්බ සින්දුවක් තමයි මේ. මේකේ තේරුම ගැන ගොඩක් කතා තියෙනවා. සංගීතය, පද රචනාව දෙකම නිසා හිතට දැනුන සින්දුවක්.. 





7)සැබෑ නොවෙනා හීන- කසුන් කල්හාර 

පද රචනය - නයනසේන වන්නිනායක 
සංගීතය - අන්ජන කුමාර 

අවුරුදු 4ක් තිස්සේ සතියකට පාරක් පේරාදෙණි යන්න වෙච්ච නිසා බස් එකේ යන ගමන් සින්දු අහන්න පුරුදු වුණා. නැත්තම් බස් වල දාල තියෙන බස් සින්දු අහගෙන යන්න වෙනවනේ. ඉතින් එහෙම අහගෙන යද්දී ගොඩක් හිතට දැනිච්ච සින්දුවක්. 


8) එක වසන්තයක - කසුන් කල්හාර 

මේකත් එහෙම පේරාදෙණි යන ගමන් බස් එකේදී අහල පුරුදු වෙච්ච සින්දුවක්... 




8) ඔබේ දෙතොල් පෙති ලිහි - වික්ටර් රත්නායක 

වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දු වලට නම් ගොඩක් කැමතියි. ඒ වුණාට ලිස්ට් එකට ඒ ඔක්කොම සින්දු දන්නා බැරි නිසා මේ සින්දුව විතරයි ඔන්න ලිස්ට් එකට දැම්මේ. :)







9) මල් පෙරහැර - සංගීත් විජේසුරිය 

මගේ යාළුවො එහෙම පොඩ්ඩක්වත් කැමති නෑ මේ සින්දුවට. ඒත් ඉතින් මම නම් ගොඩක් ආසයිලු. හරිම හෘදයාංගම බවක් තමයි මේ සින්දුව අහද්දී මට දැනෙන්නේ. ආ තව ඉස්කෝලේ යන කාලේ ක්‍රෂ් එකකුත් මතක් වෙනවලු ඈ...





10) ඔබ ගින්දර දළු පිරිච්ච - උමාලි තිලකරත්න 

ළඟදි අහපු සින්දු වලින් ගොඩක්ම ලස්සන පද රචනාවක් තියෙන සින්දුවක්. ඒ නිසාමයි මං මේ සින්දුවට කැමති. ඒත් මේ රූප රචනාව නම් හිතට ඇල්ලුවේ නෑ. :(



11) හවසක මා - ලහිරු පෙරේරා/ අභිෂේකා විමලවීර 

මේ සින්දුවටත් කැමති පද රචනාව නිසාමයි. 




12) උකුලට නාවත් - රූකාන්ත ගුණතිලක 

හොස්ටල් එකට ගියපු අලුතම (අර බළල් මෙහෙයුම කරපු කාලේ වගේ තමයි) අපි කට්ටිය එකතු වෙලා සින්දු අහ අහ ඉන්නකොට මේ සින්දුව ප්ලේ වෙලා අපි ඔක්කොම හයියෙන් අඩන්න පටන් ගත්තලු. ඒත් ඉතින් මේ සින්දුව මම ගොඩක් කැමති සින්දුවක්. 



13) වක්කඩ ළඟ - පණ්ඩිත් අමරදේව ශුරින් 






14) නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ 

මේ සින්දුවත් එක්ක මතක් වෙන්නේ කැම්පස් ජිවිතේ කිව්වොත් නිවැරදියි. කැම්පස් එකේ ගියපු හැම ට්‍රිප් එකකම කියනවා ඔය සින්දුව. ඒ වගේම කැම්පස් ජිවිතේ අන්තිම ගී පැදුරේ කියපු සින්දු වලිනුත් මට මතක තියෙන්නේ ඔය සින්දුව විතරයි. ඔය සින්දුවේ තේරුම ගැනත් වාද විවාද ගොඩක් කරලා තියෙනවා අපි.. 

ඒ වගේම ගුණදාස කපුගේ මහත්මයාගේ "උන්මාද සිතුවම්" ගීතයටත් , "දවසක් පැල නැති හේනේ" ගිතයටත් ගොඩක්ම කැමතියි.







15) මේ නිහඬ බව බිඳින්න - ක්‍රිශාන්ත එරන්දක 

ගොඩක් ලස්සන පද රචනයක් තියෙන සින්දුවක්. පද රචනය නිසාමයි කැමති..





16) රෑ දොළොස් පැයේ - නිරෝෂා විරාජිනී 

මේ සින්දුවට කැමති වුණේ නම් සජීවී ගායනයක් ඇහුවට පස්සෙයි. ඒක ඒ තරම් ම හිතට වැදුනා. එදා ඉඳන් මං කැමතිම සින්දු ගොඩට එකතු වුන සින්දුවක්. 





කැමති සින්දු ගොඩකින් සින්දු 16ක් තෝරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ගොඩක් සින්දු මතක් වෙන්නෙත් නැහැ. ඉතින් මේ සින්දු තමයි සිතූගේ ලිස්ට් එකේ තියෙන්නේ. 

මේ වගේ අභියෝගයක් හඳුන්වල දුන්නට ඉයන් මාමට ගොඩක් ස්තුතියි.. 

56 comments:

  1. මාත් කැමතිම සින්දු 3ක් විතර තියේ මෙ ටිකේ.අනිත්වා ඔක්කොටමත් කැමති.
    ඔබ ගින්දර දළු පිරිච්ච, එකයි අර අමරසිරි පීරිස් මහත්මයගෙ සින්දුවයි, කසුන් කල්හාරගෙ සින්දුවයි නම් අහල නැ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ අහල නැති සින්දු ටික අහල බලන්නකෝ කැමතිද කියලා.

      තාම ලිස්ට් ඒක දාල නැත්තේ සින්දු තෝරනවා ඇති නේද තවම.

      Delete
  2. අහපු නැති සිංදුත් අඳුනගත්තා සිතූගෙ ලිස්ට් එකට පිංසිද්ද වෙන්නෙ..
    මේ තියෙන්නෙ ගස්ලබ්බගෙ සතදෙක..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගොඩක් සතුටුයි. ඒ පැත්තෙත් එන්නම්කෝ. :)

      Delete
  3. සිතූගේ තේරීම ඇතුලේ මං ආස සිංදු ගොඩක් තියනවා :)
    කඳුල නිවන්නම් remake එකට වඩා පරණ සිංදුව හිතට දැනුන මට නම්

    මුව මුක්තාලතා පිපි හංසාංගනා සිංදුවේ තේරුම දැනගන්න ආසයි.සංගීත නිර්මාණය කවුරුද දන්නේ නැහැ හරිම ලස්සනයි :)

    මේ ඉරයි හඳයි තනි අහසක කලින් අහල නැහැ

    ඉස්සර ගියපු ඉස්කෝලෙ හැමදාම උදේට ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇහිච්ච සඳකඩ පහණක සිංදුව කොහොමටවත්ම අමතක වෙන්නේ නැහැ.ඒ සිංදුවට තවමත් ආදරෙයි :)

    ඔබ ගින්දර දළු පිරිච්ච සිංදුවත් කලින් අහල නැහැ .. ඒ සිංදුව ලස්සනයි :) ... ඔන්න මමත් අලුත් සින්දුවක් හොයාගත්ත :) :)

    ReplyDelete
    Replies
    1. මමත් කැමති "කඳුළ නිවන්නම්" පරණ සින්දුවටනේ. ලින්ක් ඒක දානකොට මොකක්හරි අවුලක් වෙලා තමයි රිමේක් ඒක පොස්ට් වෙලා තියෙන්නේ.

      ඒ සින්දුවේ තේරුම තියෙන ලින්ක් එකක් එවන්නම්කො මං හන්සිට. :) එකේ සංගීත නිර්මාණයත් හරිම ලස්සනයි.

      "මේ ඉරයි හඳයි" මම ගොඩක්ම කැමති සින්දුවක්.

      "ඔබ ගින්දර දළු පිරිච්ච" සින්දුව හොයාගත්තේ මම ගිය පාර ස්ටඩි ලිව් එකේලු. :)

      Delete
  4. මං ගොඩා්‍රිය කරන සිංදු කිහිපයක්ම තියේ,නින්ද නැති රැයේ සිංදුව හැමදාමත් මගේ දර්ශකයේ ඉහළම තැන තිබෙනවා,අහපු නැති ගිත කිහිපයකුත් තියෙනවා,එව්වාසිතු මේ අහන ගමන්,වටිනා ලිස්ටුවක් සිතු,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මලයෝ. අහල නැති සින්දු ටික අහන්නකො එහෙනම්..

      Delete
  5. සිතුවාටත් තියෙන්නේ අපුරු එකතුවක්නේ. :D

    උකුලට නාවත් එකට ආසය.

    සින්දු 16 ටම මගේ මනාපය. සෝමතිලක ජයමහගේ ඕන සින්දුවක් අහද්දී හිහ නිවෙනවා. එක එයාගේ කටහඬටම සුවිශේෂ වූ හැකියාවක්.

    ක්‍රිශාන්ත එරන්දගේ අප්පචිට එක ගෙඩියයි, මන්දාරම් අඳුර මැදින් සින්දු වලට ආසයි. අමරදේවයන්ගේ මොන සින්දුවද බැහැර කරන්න පුළුවන්? වක්කඩ ලඟටත් එක වගේම මනාපයි. විශේෂයෙන් මහගම සේකරයන්ගේ පද රචනාවට.

    ජයවේවා වැඩ අස්සේ අභියෝගය බාර අරන් නිදි මරන් ලීවට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අභියෝගය බාර දුන්නට. කහොමහරි නිදි මරගෙනම ලිව්වා පොස්ට් ඒක.


      මමත් "වක්කඩ ළඟ" සින්දුවේ කැමති පද රචනාවට තමයි. ගොඩක් සින්දු තියෙනවා තෝරාගන්න අමාරු නිසා ලිස්ට් එකෙන් කපල දාපු. :)

      ගොඩක් ස්තුතියි ආයෙමත්. :)

      Delete
  6. කැමති සිංදු කීපයක්ම තියනවා මෙතනත්.... ඔබ ගින්දර දලු පිරිච්ච, සෝමතිලකජයමහගේ සිංදු වලට විශේෂයි.... ලයිස්තුව අගයි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිර්මාණි. මමත් ගොඩක් කැමතියි සෝමතිලක ජයමහ ගේ සින්දු වලට. හරිම හිත නිවෙන ගතියක් තියෙන්නේ.

      Delete
  7. මල් පෙරහැර ලස්සනයි තමා

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ඉතින් ගොඩක් අය ඒ සින්දුවට කැමති නැති එකනේ. කැමති අය ඉන්න එක සතුටක්.

      Delete
  8. හප්පා අදමද මන්දා මේ පැත්තෙ අවේ... ගොඩක් ඉස්සර ඇවිල්ල තියෙනවද කියලත් පොඩි සැකයක් තියෙනවා. කොහොම උනත් ඔයාගෙ සින්දු 16 අතරෙ මම මේ දවස්වල පැල බැදගෙන අහන සින්දුවක් තියෙනවා ඒ උමාලිගේ ඔබ ගින්දර... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
    කොහොම හරි ඔන්න ඉතින් මේ පැත්තටත් ගොඩ උනා. බ්ලොග් එකක් කෙරුවට මෙහෙම රැල්ලක් තියෙනවා කියලවත් දැනගෙන උන්නෙ නෑනේ. මමත් දාන්න ඕනෙ මගේ කැමතිම සින්දු 16.කවුරු හරි ඉතින් මටත් චැලෙන්ජ් කොරන්නඩකො අප්ප...

    ReplyDelete
    Replies
    1. ඔන්න අද අක්කට චැලේන්ජ් කළා නේ මම. පුළුවන් ඉක්මනට අක්කා කැමතිම සින්දු 16 දාන්නකෝ එහෙනම්.

      කලින් ඇවිත් තියෙනවනම් ගොඩක් සතුටුයි. අක්කගේ බ්ලොග් ඒක මම ඒ කලේ ගොඩක් අසාවෙන් කියවපු බ්ලොග් එකක්.

      "ඔබ ගින්දර දළු පිරිච්ච" සින්දුවේ තේරුමට මම ගොඩක් කැමතියි.

      Delete
  9. සිතූ එහෙනම් සෝමතිලක ජයමහ ලෝලියෙක්. මම ඔහුගේ සින්දු සේරෝටම වගේ කැමතියි .
    මෙතැන ලිස්ට් එකේ ' මුව මුක්තා ලතා' හා ' ඔබේ දෙතොල් පෙති ලිහී ' මම වඩාත් කැමති සින්දු දෙක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. මම සෝමතිලක ජයමහ මහත්මයාගේ ගොඩක්ම සින්දු වලට කැමතියි. කැම්පස් ඉන්න කාලේ ඒ මහත්මයා සජීවීව ගායනා කරනවා අහලත් තියෙනවා. එදා මම ගොඩක් සතුටු වෙච්ච දවසක්.

      Delete
  10. මේ චැලේන්ජ් එක නිසාවත් බ්ලොග් එක බලපු එකම මදෑ. මෙතනත් මං කැමති සෙට එකක් තියෙයි. බලමු තව කීදෙනෙක් මේ අබියෝගෙ බාර ගනීද කියල

    ReplyDelete
    Replies
    1. දැන් බ්ලොග් ඒක බැලෙන්නෙම නෑ තමයි. කොහොමහරි පොස්ට් එකක් දැන්නම් කියල හිටියට වඩාත් එක්ක බැරි වෙනවා. ඒ වගේම කම්මැලිකමත් ඒක හේතුවක්.
      එත් දැන්නම් මොනවහරි කරලා පොස්ට් එකක් ලියාගන්න ඕනේ.

      Delete
  11. මේ නිහඬ බව බිඳින්න - ක්‍රිශාන්ත එරන්දක

    මෙතනින් මම ආසම සින්දුව, කවුරු හරි මේ සින්දුව දාලා ඇති කියලා හොය හොයා ආවේ, සිතූ ගේ තේරිම් හරි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. ඒ සින්දුවට මම ගොඩක් කැමතියි. පද රචනය නිසාම. ඒ නිසයි ලිස්ට් එකට දැම්මේ.

      Delete
  12. සිතුගේ ලිස්ට් එකේ මාත් ආසම සින්දූ කීපයක්ම තියෙනවා... ඒත් රෑ දොලොස් පැයේ සින්දුව තමයි මම කැමතිම එකක්...සින්බෑඩ් තාම ලිස්ට් එක හදන ගමන්...හැබැයි ඒ ලිස්ට් එකෙත් මේ සින්දුව මුලින්ම තියෙයි....

    ReplyDelete
    Replies
    1. සින්බෑඩ් එහෙනම් ලිස්ට් ඒක හදල කියන්නකෝ. ඒ සිදුව සජීවීව ඇහුවට පස්සේ තමයි මම ඒකට කැමති වුණේ.

      Delete
  13. ඔයා මගේ බ්ලොගේට ගොඩ වෙලා කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ...දැන් ඉතින් වෙනස් කරන්න බැහැනේ...

    මේ නිහඬ බව බිඳින්න, මල් පෙරහැර මගේ ප්‍රියතම ගීත...ඒ වගේමයි ඔබේ දෙතොල් පෙති ලිහී ගීයත්...

    සුනිල්වන් නුවන් යුග...හිත රිදෙන ගීතයක්...පාසැල් කාලයේදී නිතරම මිමිණු ගීයක්...ඒ වගේමයි නින්ද නැති රැයේ...ඒ සියල්ලම අයිති උසස් පෙළ පාසැල් සමයට...

    "මේ ඉරයි හඳයි එක අහසක" ඇහුවේ අද උනාට, හිතේ ගැඹුරටම කා වැදුනා...

    අනිකුත් සියලුම ගීත වලටත් එකසේම කැමතියි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිගම දිග කම්න්ටුවට..

      මේ පොස්ට් බලද්දී හිතෙනවා අපහු ගිහින් මුල ඉදන්ම වෙනස් කරන්න ලිස්ට් ඒක. ඒත් එහෙම කරන්න බැරි නිසා එහෙම නොකර ඉන්නවා!

      ෆේස්බුක් පෝස්ට් එකකුත් දාල තිබ්බ නේද? ගොඩක් සතුටුයි ඒ සින්දුවට කැමති වුන ඒක ගැන..

      Delete
  14. Replies
    1. හිනා හිනා වෙන්න හිනා?

      Delete
  15. බොහොම ස්තූතියි සිතූ, තවත් "කඳුල නිවන්නම්" රසිකාවියක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සින්දුවට ගොඩක් කැමතියි..

      Delete
  16. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් මේ පෝස්ට් එකේ තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔබට. කාලයක් අමතක වෙලා තිබ්බ බ්ලොග් ඒක පැත්තේ ආවේ මේ අභියෝගය නිසයි. ඒ නිසා අපියි ස්තුති කරන්න ඕනේ...

      Delete
  17. Replies
    1. දැන් කට්ටියම පොස්ට් දාල නේද?

      Delete
  18. මට නම් අල්ලලා ම ගියේ අර "මේ ඉරයි හඳයි තනි අහසක" සින්දුව තමයි.

    ----------
    "ඔබ ගින්දර දළු පිරිච්ච" සින්දුව නම් ලස්සනයි. වීඩියෝ එක අජූවයි.


    ---
    ---
    සිලේක්ෂනං එක සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවට පුදුම කැමැත්තක් තියෙන්නේ මගෙත්.

      වීඩියෝ එක නම් හරිම කැතයි. සින්දුවේ අදහස සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා ඒකෙන්.

      ස්තුතියි..

      Delete
  19. සෙට් එක ම මරු.. ඒත් මං ආස ම මුව මුක්තාලතා සින්දුවට..

    උමාලිගේ ගීතයත්,දෙනුවර මින්පසු ගීතයත් ඒ වගේම අපූරු ගීත

    මාත් දැන් මේ දණිපණි ගාලා අමාරුවෙන් ගීත 16 පෝස්ට් කළා විතරයි..))

    ඕං වැසි දැරිය කැමති ගී - http://wehimandarama.blogspot.com/2016/08/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. එන්නම්කෝ ඒ පැත්තේ සින්දු ටික බලන්න.. ස්තුතියි හොඳේ.. සින්දු 16ක් තෝරන එක නම් ගොඩක් අමාරු වැඩක්!

      Delete
  20. වැසි දැරිය, කෙන්කියුෂා සහ උන්මත්තක තෝරපු ගීත් එකතු වුණා. බ්ලොග් 25 ක ගීත ලැයිස්තුව මෙතන. ඔවුන්වත් දිරිමත් කරන ලෙසටයි අරයුම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම බලන්නම්..

      Delete
  21. හම්මේ.. මගේ ලිස්ට් එකේ එකකුත් තියෙනවා. :) අපේ ලොකු අයිය ඌව පළාතේ දක්ෂතම ගායකයා උනා (1982 දී විතර) සුනිල්වන් නුවන් යුග කියල.. අදටත් මම ඒ සින්දුව අහන්න කැමති අපේ ලොකු අයියගේ හඬින්.. :) (මම සෝමතිලක ජයමහ මහත්තයාගේත් බිග් ෆෑන් කෙනෙක් ඒ උනාට) අපේ ගෙදර පැදුරු සාජ්ජ වල වරදින්නේ නෑ ඔය සිංදුව ඒ නිසාම..
    2,4,8,9,12,15,16 මගේ ප්‍රියතම ගීත මේ අතරින්..

    ReplyDelete
    Replies
    1. මාත් බිග් ෆෑන් කෙනෙක් තමයිලු ඔන්න. එහෙම සින්දු තියෙනවා විශේෂ කෙනෙක්ගේ හඬින් අහන්න කැමති හිතෙන. උමාරා කියන "වස්සානයට ඇත වනලා" ගීතය මම අහන්න කැමති මගේ යාලුවෙක්ගෙ හඬින්. එයා ඒක කියනවා අහන ඉඳල තමයි මම කැමති වුණේ ඒ සින්දුවට.

      Delete
  22. 2, 3, 6, 8, 13, 14 මගෙත් ප්‍රියතම ගීත. සමහර ගීතකලින් අහල නැහැ. අපි ලංකාවේ හිටි කාලේ ඒ ගායකයෝ හිටියේ නැති නිසා වෙන්න ඇති. ඉයන්ගේ රැල්ල නිසා අලුත් සින්දු හුඟක් ඇහුව. ඔයාගේ තේරීම් සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මේ පැත්තේ ආවටත්, කමෙන්ට් එකටත්. ඔව්, සමහර ගීත ටිකක් අලුත් ඒවා..

      Delete
  23. ඔබෙ දෙතොල් පෙති ලිහී...මෙතනින් මම කැමතිම ගීතය...:)

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම ගීතයක්!

      Delete
  24. 'නින්ද නැති රැයේ'මමත් කැමතිම කපුග‍ේ ගීතය. ඒක විවරණය කරනවාට වඩා ඒ සමග වන හැඟීම විඳින්නයි මම කැමති. ඒ ගීතය මග‍ේ ලයිස්තුව‍ෙත් තිබෙනවා.
    'ඔබ‍ෙ ද‍ෙතොල් පෙති ලිහී' සහ 'සඳකඩ පහනක' මම කැමතිම ගීත දෙකක්. කොතරම් අැසුවත් ඇති නොවන.

    ReplyDelete
    Replies
    1. නින්ද නැති රැයේ ගීතයට මම කැමති ට්‍රිප් ගියපු ඒවා මතක් වෙන නිසා.. :)

      ගොඩක් ස්තුතියි මේ පැත්තේ ආවට!

      Delete
  25. කසුන්ගේ සින්දු නම් හැමදාමත් ලස්සනයි සිතු..

    ReplyDelete

කියවලා හිතට දැනුන දේ අකුරු කරලා යන්න පුළුවන් නම් ඒක සිතූට හැමදේකටම වඩා වටිනවා......